Monday, December 18, 2017

163. උදුල් | Forever young





මේ සොඳුරු නැවතුම
අඳුර , හාදුද සමගින
ප්‍රේමය අඩු නැතුව උතුරන....

උදුල සඳවත පවා
විශ්මයෙන් අප දිහා බලාගෙන 
ඉරිසියාවට උනත් සිනාසෙන....


තුමුල නිලබර සසොබන
රිවි කිරන ලෙස දිදුලන;
සොමි කිරන මා නහවන;
බදා වැළඳව ඉමි මම....
 
 
 
~~~මන්ජි  

16 comments:

  1. මෙල් ගිබ්සන් ගේ ඔය ෆිල්ම් එක බැලුවාද? මම් ලියාගෙන යනවා "ප්‍රේමය , ආදරය හා සෙනෙහස" කියාගෙන පොඩි පෝස්ට් එකක්. ඒකෙත් මම ඔය ෆිල්ම් එක ගැනකියලා තියෙනවා. Forever young! ලස්සනම ෆිල්ම් එකක්!
    එම චිත්‍රපටය මෙරට නව නිශ්පාදනයක් කලහොත් මෙම කව එහි තේමා ගීය වේවි.

    ස්තූතියි එය රසාලිප්තයි!

    ප.ලි:ඔබගේ ආරධනය පරිදි "දඩයමට" පොඩි ටීකාවක් ලියාගෙන යනවා. ඉක්මනින් දාන්නම්!

    ReplyDelete
    Replies
    1. තට්ටයා... සැබෑවටම මම එවැනි චිත්‍රපටයක් ගැන දැනගෙන උන්නේ නැහැ. අපි වගේ අයටත් ගෝචරවෙන තත්වයේ ඇතිය කියා උපකල්පනය කරමින් සිටිමි. ලංකාවේ ෆිල්ම් රී - මේක් ගැන ඇත්තේ එතරම්ම ප්‍රසාදයක් නොවන නිසා ඒ ගැන නම් නොසිතමි.
      ඇගයීමට ස්තුතියි.
      අර ලියනවා කියපු එකත් 'ගඟේ ගියේ' එහෙම නැහැනේ?

      Delete
  2. ඉහත තට්ට මාමාගේ කොමෙන්ටුව ඉතා සිතින් අනුමත කරමි.. මක් නිසාද යත්.. Forever young ෆිලුම මෙන්ම මේ කාව්‍යමය නිරුපණය ද අනුමත වෙන ඕනෑම අවස්ථාවකට ඉතාමත් හොඳින් ගැලපෙන මාතෘකාවක් සපයන හෙයිනි.. තට්ට මහතාටත් කොන්ඩේ කොට නෝනා ටත් ජයවේවා! :D

    ReplyDelete
    Replies
    1. මේ නම් ඩීසල් සහ භූමිතෙල් සුසංයෝගයකි.

      ඈතින් කයාක් පදින, බර ආයුධ දරන තට්ටයාය...
      මෑතින් හෙල්මට් දාන , සේෆ්ටි හොයන කමියාය...

      ඒ සියල්ල මධ්‍යයේ නොදන්නා ෆිල්ම් එකකි. කොණ්ඩය කොට කියා කීම හෙලා දකින්නට බලාගෙන සිටිමි. මේ සියල්ල මගේ කවිය නිසාද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේක ඇත්තේ "දඩයමේ" එල්ලා ඇති පතරංග ජාතකය ය!

      Delete
  4. කවි ගැන මට තේරෙන්නෑ බොස්... මං ආවෙ අර මගෙ කලින් පෝස්ට් එකේ ඔයා දාපු අන්තිම කමෙන්ට් දෙකට රිප්ලයි කළා කියන්න...

    ReplyDelete
    Replies
    1. කවිනම් නොතේරීම සාමාන්‍ය තත්වයකි. බෙහෙත් අවශ්‍ය වෙන්නෑ

      ඒකට ගියා, කමෙන්ට් කළා

      Delete
  5. අපි ඉතින් කිව්වොත් කිව්වා තමයි... හෙහෙ හෙහ්

    කවියත් කියෙව්වා.. හැමදාම වගේ අනේ මන්ද ඕවා නම්..

    ReplyDelete
    Replies
    1. මොනවද දන්නේ නැහැ නේද කිව්වා කිව්වේ?
      කවි ගැන එතරන් හිතන්න එපා. තේරෙන්නේ නැතිනම්/හදිස්සි නම් උඩින් යන්න

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...