Sunday, July 23, 2017

124. පැටලෙමි | It must have been...




අයිතියක් කුමටද
උරුම නම් යම් දෙයකට ?
නොපා දෑතම හකුලා
උන්නු හින්දා නොවද
පරවෙන්න බලාගෙන
තුරුළු පැතුවේ
වෙන උරෙක ?

දැන් ඉතින් බලා සිටිය යුතු
උඹට හිමි
ආදර ගීත - පාවෙන අයුරු ,
හාදු වැසි - කොපුල් පැහැකරන'යුරු
වලාකුල් වල පැටලී !

6 comments:

  1. බලා ඉනු මැන නෙත් අයා
    සලා කඳුලක් දුක තියා
    නෙලා ගත් නැති පෙම කියා
    බලා සිටි හිත යයි සොයා...

    ජයවේවා!!!

    ReplyDelete
  2. බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ.... සංසාර සිහිනේ.

    ReplyDelete
    Replies
    1. හම්මේ.... මොකද මේ රොමෑන්ටික් වෙලා

      :-O

      Delete
  3. අහා.. මේ ඉන්නෙ ලිඛිතා නෝනා.. මම බැලුවා කොහෙ වාශ්ප වෙලාද කියලා

    ReplyDelete
    Replies
    1. එලොව ගිහින් මෙලොව ආවනේ!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...