Thursday, July 6, 2017

117. හොර හිත මගේ






දිනපතා දකින ඔබ
හීනෙන් බදා තොල් සිපින,

වාත්තුකල සිරුර
වෙලන සළුපට හිතින් ගලවන ,

උදෑසන පින්න
සැරදැයි පමණක් අසන,

හොර හිත මගේ
සුදුපාට මුහුණට වැහුන!




13 comments:

  1. මට බැරි කවිකම්
    ඔබ පුරා ඇතිය මනරම්

    ReplyDelete
    Replies
    1. හොඳ මෙන්ම ගැරහුම්
      කරගත යුතුය ඉවසුම්

      Delete
  2. Replies
    1. හෙහ්? තේරුනේ නැහැ කිව්වේ කවියද? එහෙම වෙන එකද?

      Delete
  3. Replies
    1. හි හි හි හි.. නියමයිනේ?

      Delete
  4. ඔබේ සුදු වුවන
    දකින විට මැවෙන
    හීන යායන් මැද
    මා සිතින් වල්මත් වන

    නෙත් පියන ඇසිල්ලෙත්
    හිතින් නුඹවම සිඹින
    රුහිර වර්ණයන මතුවන තුරු
    හීනෙනුත් තොල් සිඹින

    නුඹේ ඝන වරලස මත
    මා මුව තබන
    සුසුදු සුසිනිඳු සුවය මැද
    වල්මත් වන

    මේ හීන යායම
    නුඹේ හිත මත තබන
    දිනය දුර නොවේ යැයි
    දැන් නම් මසිත කියන

    බියෙන් වදනක් දෙඩුව
    සමය අවසන් බව
    නුඹ නොකියා කිවූ බසට
    මසිත ඉකිලෙයි තුටින

    ReplyDelete
    Replies
    1. හම්මේ අරූ.... මම වගේ අමුවෙන් නැතුව ලියල. ස්තුතියි

      Delete
    2. හී හී.. ලියැවුනා කෙල්ලේ... මං මේක මගේ බ්ලොග් එකට ඔබන්නම් ඔයාගේ කවියත් දාලා වෙලාවක..

      Delete
    3. තරඟෙට ලියමුද කවි? මම කිවේ තරඟෙටම නෙවෙයි, බැක්-ටු-බැක් ????

      Delete
    4. සොරි ලේට් උනාට... අයියෝ මට කවි ලියන්න බෑ... බට් ට්‍රයි කරන්නම්ම්... සමහර වෙලාවට රිප්ලයි කවි ලියැවෙන් නෑ අනේ...

      Delete
  5. හොරහිත මගේ .....




    දඩිං බිඩිං ඩොං. නියමයි ...

    ReplyDelete
    Replies
    1. ඔහොමත් සද්ද කර කර හොරෙන් යනවද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...