තාරුක අයියා කෙතරම් ඇවිටිලි කලද මට නිවසට යන්නට තරම් මානසික තත්වයක් තිබුනේ නැත. ඒ වෙනුවට මම මහල් නිවාසයට ඇරලවාගත්තද තාරුක අයියා මා හැර නොයා මගේ පසුපසින්ම එහි පැමිණියේය. මගේ මානසික වියවුල ඔහුට නොපෙනෙන්නට නොහැකිය. එතරම්ම මම කඩා වැටී සිටියෙමි.
නිවාසයට ඇතුල්වත්ම මධුලිකාගේ සුවඳ මගේ සිත තවත් පාරවා දැමුවේය. මම කෙලින්ම ගොස් මගේ කාමරයේ පැති අල්මාරියේ තිබුණු ජින් බෝතලය ගත්තෙමි. එහි අඩක් ඉතුරුව තිබිණ. මා පසුපසින්ම පමණි තාරුක අයියා ක්ෂණයෙන් එය උදුරා ගත්තේය.
"තවත් ගොන්කන් නොකර ඉඳින්..!"
"මට දැන් බොන්න ඕනේ... මට බොන්න දීපන්..."
"බොන්න ? උඹට මොකෙක් වැහිලද කියපන් මුලින්ම? මම අහන්නේ නැහැ අර කෙල්ල කවුද කියල... මම අහන්නේ නැහැ මධුලිකා එක්ක උඹ ගියපු රණ්ඩුව මොකක්ද කියල.... ඒ දෙක එකක් වෙන්නත් පුළුවන්... හැබැයි බුරුවෙක් වගේ හැසිරිලා ඔක්කොම කරපු දේවල් වතුරේ යවන්න එපා!"
මම කාමරයෙන් එලියට විත් සෝෆාවට කඩා වැටුනෙමි. තාරුක අයියා මා සමඟ විත් මට ඉදිරියෙහි වූ පුටුවේ හිඳගෙන එක එල්ලේ මා දෙස බැලුවේය.
"මට ඇත්ත කියන්න කියල උඹට බලකරන්නේ නැහැ බං.... ඒ උනත් උඹට මොනවා හරි කියන්න තියෙනවා නම් ඒක අහගෙන ඉන්න මම ලෑස්තියි."
මගේ ඇස් බොඳවී ගොස්ය.
තත්පර කිහිපයක් ගතව ගියේය. මම වහලය දෙස බලාගෙන ඔහේ උන්නෙමි. මධුලිකාගේත් මගෙත් ඉමිහිරි මතක මෙම නිවාස පුරාම ඇත. ඔව්... ටාෂා ගේ මතකය නොවෙතත් එහි කැළලක්ද මෙහි ඇත.
"මධු මාව බැන්දේ....."
මගේ කටහඬ බිඳෙයි.
".... මාව බැන්දේ... එයාට ආරක්ෂාව ඕනේ නිසා තමයි. ඒ උනත්... අපි දෙන්නා අපේ ආදරේ හිතේ හිරකරගන හිටියා... විරංග මට කලින් ඌව බඳින්න කියලා ඉල්ලලා තියෙද්දිත්, මධු කැමති උනේ මාව බඳින්න..."
"ඔව් මචන්... ඒ කෙල්ල උඹව තෝරගත්ත"
"ඒ උනත්... දැන් මධුලිකාට ඕනේ මගෙන් වෙන්වෙන්න... ඒක ........ වෙලාවට... වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති... මේ මැරේජ් එකට කොහොමත් ආයුෂ තිබ්බේ නැහැ..."
තාරුක අයියා කතාබහක් නොමැතිව අසා සිටියේය. මගේ හිස නැවත රිදුම් දෙන්නාක් මෙනි. කටහඬ බල්ලන් කෑවා සේ බැරැන්ඩිව ගොස්ය.
".. එයාට ඕනේ... එහෙමනම්... ඒක එහෙම උනාවේ...."
තාරුක අයියා පුටුවෙන් නැගිට ඒ මේ අත ඇවිද්දේ කල්පනාබරිතවය.
ටාෂාගේ මම පුවතෙන් පසුව මධුලිකා යනු මට ළඟාකරගත නොහැකි තරමට ඈතක ඇති ඉලක්කයක් බව මට වැටහෙමින් පැවතුනි. මධුලිකාට මගේ තත්වය කියන්නේ කෙලෙසකද? ඇයට කල වංචාව ගැන මම මටම සාප කරගත්තද ඒවා සියල්ල දැන් ආපසු හැරවිය නොහැකිය. මා එදා සිටි පීඩනය කවර ආකාරයෙන්වත් පැහැදිලි කල නොහැකිය. එය අසාධාරණ වන්නට ඇත.
දෑස් වලින් අනායාසයෙන්ම මගේ කඳුළු කඩා හැලුනි. එය නවත්වන්නට මට අවශ්‍ය නොවීය. තත්පර කිහිපයක් මම ඉකිබින්දේ තාරුක අයියාගේ කිසිදු බාධාවක් ඇති නොවූ නිසාත්, එයින් මගේ හිත යම් තරමක සුවයක් ලැබෙනු ඇතැයි සිතුනු නිසාත්ය.
"මම මධුට කතාකරන්නද?"
තරමක් මගේ ඉකිබිඳුම සමනය වනවිටදී තාරුක අයියා ඇසුවේ මෘදු හඩිනි. මම හිස දෙපසට වැනුවේ වැලමිටෙන් නැවු අතින් දෑස වසා ගනිමිනි.ඒ එපා කියන්නටය.
"අපේ රිසල්ට්ස් අවුට් වෙලා , මම දැක්කා මේල් එකක් ඇවිත් තියෙනවා.... "
"........"
"මධුව ආරක්ෂා සහිත තැනකට බාරදෙනකල් මම වගකීම දරනවා. "
තාරුක අයියා කතා කලේ නැත. මම දිගටම කියවාගෙන ගියෙමි.
".....මධු කොහොමත් එයාගේ ස්ටෙප් ෆාදර් දන්නා තැනකට යන්න ඕනේ කියලා මගෙත් එක්ක කලින් කියලනේ තිබ්බේ. පාස්පෝට් ටිකත් හරිනේ දැන්.. එයාට රට යනකල් ඕනේ ටික මම කරලා දෙනවා... "
"... උඹ..."
"නෑ මචන්.. සමහර වෙලාවට.... ඒක තමයි දැන් කරන්න තියෙන හොඳම දේ. මට මධුව බලෙන් තියාගන්න ඕනේ නැහැ. එයා මිස්ටර් වාකිෂ්ඨට කියලා පාස්පෝට් වල වැඩ ටිකත් බලන්න කියලා.... "
"උඹ එක පාරක් කතාකරපන් හදිස්සි නොවී"
මම සෝෆාවේ කෙලින් වී හිඳගෙන කෙලින්ම තාරුක අයියා දෙස බැලුවෙමි.
"... උඹ.... උඹට මට කියන්න බැරි දෙයක් කියලා මත තේරෙනවා කොල්ලෝ.. ඒ උනාට... මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒවාට සමාව දීලා ඉදිරියට යනවා මිසක්.. මධු ඒවායේ එල්ලී එල්ලී ඉන්න කෙනෙක් කියලා මට හිතෙන්නේ නැහැ"
"කිසි හදිස්සියක් නැහැ මචන්... මම ඒ කෙල්ලට දීපු වද ඇති. විරංගත් මාත් ඒකිට පුදුම ප්‍රෙෂර් එකක් දුන්නේ.. ඒකයි මාව බැන්දෙත්... සමහරවිට ඒක කලෙත් නිකන් අපිට කරන හෙල්ප් එකක් විදියට වගේ නේද?"
තාරුක අයියා දෑතම ඉදිරියට බැඳගෙන මා දෙස බලා සිටියේය.
"... දැන් කරන්න තියෙන හොඳම දේ මිසක්, හරි දේ කියල දෙයක් නැහැ... ඩඩාවත් මේ උගුලෙන් ගලවගන්න ඕනේ.. මොනවා උනත් මම හින්දා එයා අමාරුවේ වැටෙන්න දෙන්න බැහැ... මම ගත්ත රිස්කි තීරණයක් හින්දා මුළු පවුලම දැනටමත් කරදරේ වැටිලා ඉන්නේ..."
මගේ හඬ ස්ථිරසාර විය. තාරුක අයියා කිසිවක් නොකීවේය.
මම නැගිට ගොස් මගේ කාමරයේ ඇඳුම් මාරු කරන කොටසේ බිත්තියට අල්ලා ඇති සුවිසල් අල්මාරියේ වම්පස ලොකු පියන හැරියෙමි.එහි මෙතෙක් දවසක් මම සුරැකිව තබාගෙන සිටි අප දෙදෙනාගේ රාමුකල මංගල ජායාරුපයත්, ඒ සමඟම සුරූපී මධුලිකාගේ අනගිභවනීය බැල්ම සටහන්වූ පින්තුරයත් දෙස අවසන් වරට බලා , ඒ දෙකම සාලයට රැගෙන ආවෙමි.
"මිස්ටර් වාකිෂ්ඨ කිව්වා වීසා ගහනකොට මධුලිකා මැරිඩ් කියලා දැනගන්න මේ පින්තුරයත් ඕනේ වෙනවා කියලා. මේවා එයාට දෙන්න "
තාරුක අයියා මා දෙස බලාසිටී.
".... අමතර යතුරක් තියෙනවා මධු ගාව... එයාට ඕනේ ඇඳුම් මෙහෙ ඇති.. ඒවා ඕනේ වෙලාවට ගෙනිහින් දෙන්න."
අවසානයේ මම තාරුක අයියා දෙස බැලුවෙමි.
"අපි මේ වැඩේ ඉවරයක් කරමු මචන්....උඹ මේ වෙනකල් උදව් කළා වගේම... "
තාරුක අයියා ඉදිරියට පැන මා වැළඳ ගත්තේ සැබෑ සහෝදරකමකිනි. හැඩිම නිසා ඒ මොහොතේ පීඩනය තරමක් තුරල් වන්නට ඇත.
නමුත් ටොන් ගානක බරක් පපුව මැද්දේ ගොඩගසා තිබිණ.
************************************
මම නිවසට ඇතුළුවන මොහොතේ සිටියේ ඇවිදින මළමිනියක් ලෙසටය. තාරුක අයියාට සියල්ල කියන්නට යාමෙන් පලක් නැත. මේ සියල්ල මගේ වරදේ ප්‍රතිපලයි. දුරදිග නොසිතන මම කරනා මුග්ධ ක්‍රියාවන්ගෙන් පඹ ගාලක පැටලී යයි. එකින් එක මිස සියල්ලම එක භාජනයේ දමාගතයුතු බිත්තර නොවේ.රෝමාන්තික ආදරවන්තයා වෙනුවට පරණ පුරුදු තීක්ෂණ නැවත පැමිණ තිබේ.
නිවසට විත් සාලයට පය තබත්ම සාලයේ හිඳගෙන උන් මධුලිකා යයි කියන තරුණිය මා දෙස බැලුවාය. ඇය සිටියේ සුදම් සමඟ වීඩියෝ ක්‍රීඩා කරමිනි. එය යම් සහනයකි. මා දෙස වරක් බැලු ඇගේ මුහුණේ කුමක් හෝ වෙනසක් මම දුටුවෙමි. අම්මා එවිටම ඇතුළු වුයේ තාත්තාගේ කන්තෝරු කාමරය දෙසිනි.
"ලොකු... මේ ළමයට ඇඳුම් වගයක් ගන්න යන්න ඕනෙය කිව්වේ"
අම්මා කිව්වේ මධුලිකා නොවන මධුලිකා ගැනය. දෙදෙනා සෑහෙන මිතුරු බවක් මට පෙනුනි. අනෙක් සැමවිටකම මධුලිකා මෙන් වන්නට වරලස සිය දිගුබව සඟවමින් හිස් මුදුනට කොට ගැටගසා තිබූනද, දැන් ඈ වරලස මුදාගෙන සිටියාය.
'අර අම්මණ්ඩි වගේම කපටි කෙල්ලෙක්'
මගේ සිත මටම මුරගෑවේය. මට ආවේ ගණදෙවි නුවණකි.
"ආ.. හරි හවසට යන්න පුළුවන්"
මම වැඩි ගණනකට නොගන්නා පරිද්දෙන් කියා ඉහල මාලයට යන්නට පිටත් වුයෙමි. තරුණියගේ දෙනෙත් මා සමඟ ගමන් කරන බව මට වැටහුනත් මම හිස ඔසවා නොබැලුවෙමි.
"..ලොකු.. අනේ ඩඩාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැනේ.. මම මේ උදේ ඉඳන් ගන්නවා.."
මම තරමක් තිගැස්සුනෙමි. තාත්තා වත්තේ බව සුන්දර් තහවුරු කල බව සැබෑවකි. මම සැනින් සුන්දර් ඇමතුවෙමි.
"සර්?"
"සුන්දර්.. , කෝ ඩඩා ?"
"ඇයි සර්?"
"උදේ ආවට පස්සේ ඇයි ෆෝන් එක වැඩ නැහැ කියන්නේ?"
සුන්දර් තත්පරයක් පමණ නිහඬව සිටියේ ඇයිද?
"උදේ ඉඳල අර... අර.... "
"කියපං ඉක්මනට මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ෆැක්ටරි එකේ මැෂින් වගයක් ඕඩර් එකක් ගෙනත් දාලා ගියා. ආයේ දවල් වෙලා යනවා කිව්වට.. අර ඇමතිතුමා..."
"කවුද? දුලිප්ද? ඒ මිනිහා ආවද?"
මම කලබලයෙන් ඇසුවෙමි. මහා අනතුරක සේයාවක් මට දැනුනි.
"ඔව් සර්.. දැන් පැයකට වඩා කතාව. අර මිස්... අර.."
මේ කියන්නේ මධුලිකා ගැනද?
"කවුද?"
මම සිටි ස්ථානය අනුව මධුලිකාගේ නම කියන්නට නොහැකිය. මම ඉක්මනින් අඩියට දෙකට කාමරයට පැනගත්තෙමි.
"... ඇයි උඹ මට නොකිව්වේ?"
"එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල හිතුනේ නැහැ. මම මේ දැන් අකවුන්ටන්ට් ගාවට යන ගමන් ඒ ගැන කියන්න. සර්... මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ"
සුන්දර් කතාකරන්නේ දුරකතනයට මුව තබා පුළුවන් උපරිම වශයෙන් මුමුණන ලෙසිනි.
"නැතිනම් මධුලිකා ගැන කියන්නේ?"
"ඒ මිස්ගේ නම ඇහුනා දෙතුන් පාරක්. ලොකු මහත්තයා ටිකක් කලබලෙන් වගේ "
"මොනාද එයාල කතා උනේ?"
"අනේ සර්.. අහගෙන ඉන්න අමාරුයි. මට ඇහුනේ ටිකයි. ඒ ඇහුන ටික ගැන මට ලොකුවට තේරුනේ නැහැ. "
මම එකවරම පිළිතුරක් දෙන්නට ගියේ නැත.
"... මොකද මම කරන්න ඕනේ සර් ?"
"තමුසේ මිස්ටර් වාකිෂ්ඨට එක්ක විස්තරේ කියනවකො. පුළුවන් නම් ලොකු මහත්තයා එක්ක මෙහෙ එනවා. මොනවාහරි සැකයක් තිබ්බොත් මට ඉක්මනට පණිවිඩයක් දෙනවා.. එහෙම උනොත් මම එනවා පැයකින්!"
එසේ කියා මම මගේ සැලසුමක් වහ වහා ඇඳගතිමි.
හොඳින් ඇඟ සෝදාගෙන ඇඳ පැළඳ පහල මාලයට එන්නට මම තව හෝරාවක් පමණ ගතකරන්නට ඇත. ඒ වනවිට දහවල් කෑම මේසය ලැහැස්ති වී තිබිණ.
"ආ... මම මේ කතාකරන්න හිටියේ"
අම්මා මා දැක කීවාය. මගේ සිත රිදී තුබුණු ප්‍රමාණයට වඩා පිටතින් මම ශක්තිවන්තව පෙනෙන්නට ඇත. මධුලිකා නොමැති මම මට දැනෙන්නේ ජීවයක් නොමැති ලෙසකටය.
කෑම මේසයේදී මම මධුලිකා කියන මධුලිකා සමඟ කුළුපඟව කතා කලෙමි. ඈ සෑහෙන උනන්දුවෙන් මා දෙස බලමින් සිටින බව මම තේරුම්ගෙන සිටියෙමි. එය, මම ඇගේ මිතුරියක ලෙස හඳුන්වා දීම නිසා බව මට වැටහුනද , ඈ යම් ප්‍රමාණයක අවධානය බලාපොරොත්තුවෙන් සිටි බවද මම සැක කලෙමි.
"ඩඩා අර මැෂින් වගයක් දාන්න ගිහින් අම්මා. මම කෝල් කරලා බැලුවා. බයවෙන්න දෙයක් නැහැ. හවස් වෙනකොට එයි"
"ආ.. මම කෝල් කලාට ගත්තේ නැති නිසා මේ බයෙන් හිටියේ. ඩඩා එහෙම ගියපු ගමන් මට කෝල් එකක් දෙනවා වෙනදට.. හරි හරි.. ලොකූ බැලුවා නම් බයවෙන්න දෙයක් නැහැ.."
සුදම් මගේ දෙස බලා යන්තම් සිනාසුනේය.
"අන්න මිසිස් පෙරේරා කෝල් එකක් දුන්න රිසල්ට්ස් ඇවිල්ල කියන ආරංචියට. ඊ මේල් බැලුවේ නැද්ද ලොකු?"
මට තරු විසිවුණි. අපගේ අවසන් විභාගයේ ප්‍රතිපල පැමිණ ඇති බව මම දන්නා මුත් එම ඊ මේල් පණිවිඩය මම බැලුවේ නැත. මම එහෙනෙහිම සුදම් මා දෙස බලා හඬනගා සිනාසෙන්නට පටන් ගත්තේය.
"ඒක තමයි අම්මා මුන් ටික ඊයෙටම පාටිය දාල තියෙන්නේ."
මම සුදම්ට සිනාසී පිළිතුරක් දුන්නෙමි. මගේ හිසේ වැඩ කලේ වෙනත් දෙයකි.
දහවල් ආහාරයෙන් පසුව මම ඇඳුම් මිලට ගැනීමට තරුණිය රැගෙන යාමට කතාකලද ඇගේ වැඩි උනන්දුවක් තිබුනේ නැත. ඇය වරින්වර සිය ජංගම දුරකථනය පිරික්සන බව මගේ උගුසු ඇසට නිරීක්ෂණය විය.
'හවස මධුලිකා බලන්න යනවා මම'
මම තරුක අයියාට ලියා යැව්වෙමි.
'මම උඹ දීපු ඇඳුම් ටිකක් යැව්වා. හැබැයි හෙට උදේට වගේ ටිකට් කපයි'
තාරුක අයියාගේ පිළිතුර සැනින් ලැබිණ. මගේ සිත පෙළමින් නැවත නැවතත් මධුලිකා විසින් මා එලවාගත් ආකාරය මැවී පෙනෙන්නට විය. නිවසේ සිටිය නොහැකි තරමට සිත වේදනාවෙන් මොරදෙයි.
වෙලාවේ හැටියට මම වඩාත් හොඳ දේ කල යුතුය. මම සෙමෙන් තරුණිය සිටින කොටසට ඇවිද ගියෙමි. ඈ දිවා ආහාරයෙන් පසුව පසෙකින් තිබෙන ඇගේ කොටසේ වූ කුඩා සාලයේ පුටුවකට බරදී දුරකථනය ඔබමින් උන්නාය. මම දැක ඈ වහා සිය බැරෑරුම් මුහුණ වෙනස් කරගෙන මා හා සුහද සිනාවක් පෑ අතර මම ඈට ඉදිරියෙන් වූ පුටුව දෙස බැලුවෙමි.
"මම වාඩි උනාට කමක් නැද්ද?"
"අනේ කමක් නැහැ"
ඈ හැඳ සිටි කෙටි සාය ඔස්සේ පෙනෙන ඇගේ දෙකලවා වලින් පුටුව ඉවතට හරවා මම හිඳගත්තේ මධුලිකා සිය බර අඩි තබමින් මගේ හිතේ සක්මන් කරන විටදීය. මධුලිකා තරම් දැනෙන තරුණියක්? මේ තරුණිය මධුලිකා වන්නේ කෙසේද? මගේ මධුලිකා අසලටවත් මැයට එන්නට නොහැකිය.
"හෙලෝ අය්යා..."
"ඇත්තටම සොරි මට හරියට කතාකරන්නවත් බැරි උනානේ. ඩඩා ඔයාව එක්කගෙන එන වෙලාවෙත් විස්තර වැඩිය කිව්වෙත් නැහැ. අපේ අම්මාට නම් ඔයාව හොඳට හිතට අල්ලලා වගේ"
"ආ.. හ... හ...හ් .... ඔව්.. ආන්ටි හරි හොඳයි තමයි."
"ඩඩා මම කිව්වා නිසා තමයි අපේ ගෙදර තියාගන්න කැමතිත් උනේ... නංගිගේ නම මොකක්ද කිව්වේ?"
"ම - මධුලිකා ජයවර්ධන.."
"ආ අර මිස්ටර් ජයවර්ධනගේ දුව.. එයාට දුවෙක් ? එතකොට ඔයාගේ අයියා?"
තරුණිය පිළිතුරක් නොදී ඇසිපිය වේගයෙන් හෙළුවාය.
"... වාසුල නේද නම?"
"ආ.. ඒ මගේ කසින් නේ... "
"ආ....."
තරුණිය තැතිගත් බවක් පෙනුන නිසා මම වෙනත් මාතෘකාව වෙනස්කොට දැමුයෙමි. විනාඩි කිහිපයකින් පසුව ඈ චකිතයකින් තොරව මා සමඟ නොයෙකුත් දේ ගැන දොඩමලු වන්නට වුයේ ,ඈ කියන සියල්ලම මම විස්වාස කරන බවට ඒත්තු ගැන්වූ නිසාය. ඇය හිතේ හැටියට බේගල් ඇදබාමින් සිටි අතර මම එය මගේ වාසියට හරවා ගත්තෙමි.
වාහනයක් එනු ඇසුනේ ගේට්ටුවේ ශබ්දයෙනි. තාත්තා? පැමිණි රථය ගේට්ටුවෙන් ඇතුලට නොපැමිණි බව, එහි ඇරුණු දොරවල්වල ශබ්දයෙන් මට කියවාගත හැකිය. මම කන සංවේදීව අසා සිටියෙමි. එක් අයෙක් හෝ දෙදෙනෙක්... නෑ අනිවාර්යයෙන් දෙදෙනෙක්, ඒ අතර කාන්තාවක්ද ඇවිද එන ශබ්දය මට හඳුනාගත හැකිවිය.
"ආනේ.. විරංග පුතා. සෑහෙන කාලෙකින්... අම්මෝ.... සුධිරා.... ගොඩ කාලෙකින් මේ පැත්තේ...."
අම්මාගේ පිළිගැනීමෙන් ඒ පැමිණ ඇත්තේ කවුරුන්දැයි මට හොඳහැටි තේරුම්ගත හැකිව තිබිණ.
".. . ඉතින් වාඩිවෙන්න... ලොකු ගේ යාලුවෙක් ඇවිත් මේ දවස්වල් මෙහෙ... පුතාත් දන්නවා ඇතිනේ... ආ.................. ඇයි සුධීරා.. ඇයි මේ අඬන්නේ.... ලොකූ......... අනේ පොඩ්ඩක් එන්නකෝ.. ඇයි සුධිරා මොකක් හරි කරදරයක්ද?"
අම්මාගේ මොරගෑමේ හඬින් මම මධුලිකා යයි කියන තරුණිය දෙස නොබලාම නැගී සිටියෙමි.
********************මතු සම්බන්ධයි **************************
ජීවිතයේ මෙවන් අවස්ථා වලට පිරිමින් මුහුණ දේ! මමද එවන් අවස්ථාවලට මුහුණ දී ඇත. බොහෝ විට තමන් වෙතින් කිසියම් ආදරණීය වස්තුවක් ගිලිහී යාමේදී; "එය එසේ උනාවේ!" යැයි සිතා හිත හදා ගන්නට තැත් කිරීම සාමාන්‍ය ස්වභාවයකි. මෙම වස්තුව තමාගේ "ප්‍රේමය" වූ විට මෙම සිතුවිල්ල වඩාත් තීව්‍ර වේ. එහෙත්; නැතිවූ හෝ තමා කෙරෙන් දුරස්වූ වස්තුව (ප්‍රේමය) අවතක්සේරුවකට ලක් කිරීමක් ඉන් අදහස් නොකෙරේ! එමගින් තමා විසින් තමාහටම සිදුකරණ්නාවූ දඬුවමක් ලෙස මාහට පෙනී යයි. මෙය වැඩිපුරම දක්නට ලැබෙන්නේ පිරිමින් තුලයි. (මම හරිදෝ මන්දා!?)
ReplyDeleteමධූගෙන් තොරවූ ජීවිතය කෙතරම් අර්ථශූන්‍ය, ඉච්ඡාභංගත්වයට පත්වූ එකක් දැයි තීක්ෂණ හොඳින්ම දනී. එම ජීවිතය කෙතරම් නිසරුද!? "කමක් නෑ මා මැරුනාවේ! එයාට ඒකනේ ඕන!! එතකොට එයාට අවශ්‍ය දේ කෙරෙණවානේ!!!" මේ ඒ සිතුවිල්ලයි.
මේ සිතුවිල්ලට යටින් යටි සිත තුලින් කෙරෙණ ප්‍රාර්තනයක්, බලාපොරොත්තුවක්, ඉලක්කයක් ඇත! "එයාතුල මාගැන අනුකම්පාවක් කොයි මොහොතේහෝ ඇතිවේවි! එයා ආපසු හැරේවි!! නැවත ඇය මට ලැබේවි!!!" ආ! තව එකක්! "කොහොම උනත් එයා මට මැරෙණ්න දෙන එකක් නෑ!"
එතකොට ගැහැණුන් සිතන්නේ කෙලෙසද? මීට වෙනස් ලෙසකින්ද? ඔබම කියන්න!!!
කිලෝ ගානක් බර කාල බෝම්බයක් අටවා ඇත....
Deleteදැක්කේ නෑ වගේ යන්ඩ ඕනේ.
Thanks
ReplyDelete