"පිස්සු කොල්ලා..."
මධුලිකා එලෙස කියා මා පසුකොට යමින් මගේ උදරයේ කොනක් කොනිත්තා ශාලාව දෙසට යන පියගැටපෙළෙහි නොපෙනී ගියාය. අනපේක්ෂිත ඒ මොහොතේ මම සිටියේ බොරුල්වූ ඔරලෝසුව ලෙහමිනි.
වාහන අංගනයේ විනාඩි කිහිපයක් තාවර වෙමින් සිටි මගේ ගත ගිනිගන්නා සෙයකි. දිදුලන ගින්දරක් වැනි මධුලිකා ශාලාවට පිවිසෙත්ම ඈ නෙතින් ග්‍රහණයට කෙතරම් පිරිමි ළමුන් සිටිනු ඇතිද? කොල්ලන් ගැන මා නොදන්නවාද?
"අඩෝ.... තිකා...!"
මෙවන් මා දැක අතපය වනමින් ආවේ සතුටින් උද්දාම වෙමිනි. ඔහු සමඟ ජීප් රථයෙන් තවත් මුහුණු කිහිපයක් එලියට බටහ.මෙවන් යනු මගේ සංගීත කවයේ මිතුරෙකි ; මගේ කෙලිලොල්කම් ඉවසමින් මට ඔවුන්ගේ සංගීත කණ්ඩායමට බැඳීමට ආරාධනා කලෙත් ඔහුය.
පියගැටපෙළ නිමවනවාත් සමඟ ඇති විසල් කොරිඩෝවේ අග වම් පැත්තේ විශාල ශාලාවක් අප වෙනුවෙන් පැවති උත්සවයට අලංකාරවත් ලෙස සරසා තිබිණි. අඩ අඳුර අතරින් විදුලි බල්බ වටකොට සැදූ ශාලා පිවිසුම තරු අතරින් අප ඇවිද යන්නාක් මෙන් දනවයි. පිවිසුම ආරම්භයේ සිටි සංවිධායක ළමුන් විසින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට මගේ කමිසයේ ලාංජනයක් පළඳුවන ලදී.
"පස්සේ පස්සේ... පස්සේ පෙන්නන්නම්කො"