Sunday, November 18, 2018

198. සෙක්කුව






මේ...
ඔබ දන්නවාද හිත ;
අකීකරුකම කියන්නෙම
ව්‍යාධියක් බව
ඔසුවක් කිසිදාක
පත්තියන් නොවන?

අරෙහෙට මෙහෙට
හිත
        හිත
   හිත
     හිත .... හිත
ගැස්මක් නැතුවම ඉන්නකොට
මට හිතෙන්නෙම,
හිතක් නැති උඹ
සෙක්කුවක තියාගෙන මම
කොට
      කොට
              කොට
                     කොට
එකතැනම කැරකෙන එක!




11 comments:

  1. සිත වඩා සියුම්වූ තැන
    රිදෙයි ගැටුනද හමන මද නළ වුවද.
    මකුළු හුයෙකින් පවා
    කැපී වෙන්වී ගලයි රතු ලේ දසත.
    සියුම් බව වරදක්ද ?
    දිවි හිමියෙන්ම එයයි උරුමය.
    මිහිරි තම ස්වර මැවෙන්නේ
    වෙණෙහි තත් සියුම් වූ තරමට මය . . .!

    ReplyDelete
  2. “Time, the moon, arguments, and, most of all, coins. All good things are circular.”
    ― Kiersten White

    ReplyDelete
  3. anna arun denna kellek pannala gedarin guti kala ispirithale. oya mehe balan innda.

    ReplyDelete
    Replies
    1. කෝ.. කෝ... කවුද කවුද...

      බලන්ඩ නේ?

      Delete
  4. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
  5. මම මේ කල්පනා කලේ සෙක්කුව කියන්නේ මොකටද කියල...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඔය හුචක්කුව වගේ එකක් තමයි.

      Delete
  6. Replies
    1. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...