Tuesday, August 7, 2018

188. නෑ || disconnected





දුරබනුව උඹ
ගොළුය ; බිහිරිය; අන්ධය...
මේ මහා කලබල
දවාලද , රෑක මෙන් නිසලය...
හිස පොවන හැම අතම
අළුය ; දුඹුරුය ; වියළිය...
ඒ පාර,
මල් වැටුනාට
හොඳටෝම අඳුරුය...

මේ කවි අතර
හිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය...



~~මන්ජි

16 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. තලබනුව නිහඬ වුව හද ගැහේ නිරතුරුව
    හිරු නොමැති වුවද රැය එළිය දේ තරු එළිය
    වියළි ගහ කොල අතර රුව පෙනේ බිම් මලෙක
    සිර වුවද සිර ගෙයක නිදහසකි සුව කවෙක

    ReplyDelete
    Replies
    1. තාලෙට කවි ලියන එකයි, කියන එකය් නතර කරලා නිසා උත්තරේ මේ විදියට ජේදෙන් ලියන්නේ..

      ඇස් පේන්නේ නෑ , කන් ඇහෙන්නේ නෑ කිව්වහම හුස්ම වැටෙනවාලු !
      දවාල රෑ වගේ කිව්වහම ආයේ තරු පේනවලු!
      පාට පේන්නේ නෑ , ඔක්කොම වේලිලා කරකුට්ටන් වෙලා කිව්වහම ආයේ බිම්මලක් ගැන කියනවා!
      කූඩුවක දාගන්න ඕනෙය කීවහම , සැපයි ලු!

      සයිකලේ ජාපනේ ගියාට ආරංචියක් නැතුව හිටියේ. මේ කවි වලට උත්තර දෙන එකට නම් බොහොම ස්තුතියි. අර කලින් පෝස්ට් එකේ එක්කෙනෙක් කිව්වා වගේ මගේ පාඨක ජනතාව ඔක්කොම කොමෙන්ට් දාන උදවිය නෙවෙයිනේ.

      Delete
  3. කවි ලියන එක නතර කරලා? එහෙම එකක් නම් පේන්නේ නෑ. කවියෙන් පිළිතුරු නොදෙන බවනම් පෙනෙනවා. පිළිතුරු දෙනවා නම් දෙන්න මොන තරම් දේවල් නම් තියෙනවාද නේද? ඒ ගැන විමසූවිට "හදිස්සි නම් උඩින් යන්න" කීවා මතකය! සියළුම අඟුරු කාබන් වූවාට සියළුම කාබන් අඟුරු වන්නේ නැත. එසේම සියළුම දියමන්ති කාබන් වූවාට සියළුම කාබන් දියමන්ති වන්නේද නැත! අඟුරු හා දියමන්ති එකම තැනුම් ඒකකයකින් ඇරඹි වෙනස් ගුනාංගයන්ගෙන් යුත් ද්‍රව්‍යයන් දෙකකි. දෙක දෙකකි!

    ReplyDelete
  4. ලස්සන නිර්මානයක් ලිඛිතා

    ReplyDelete
  5. // මේ කවි අතර
    හිරකර නුඹ
    තබාගන්නේ හේතු ඇතුවය//

    සහතික ඇත්ත නෙව... හිර වෙලා ඉන්න ඔක්කෝම මතක් උනා එක පෙලට ඕං...

    ReplyDelete
    Replies
    1. සමහර හිරවීම් සුරකිම් හා බැඳී ඇත
      Thanks

      Delete
  6. ඒක රහයි ලිඛිතා....වචන වලින් රූප මැවෙනවා....

    රත්න ශ‍්‍රී ගේ කවියක කොටසකුත් මතක් වුණා අන්තිම පේළි ටික කියවද්දි...

    නුඹ'නුඹ'ලෙසින්
    සුරැක ගනු පිණිසමය මේ
    රිදෙන පපුවෙන් කවි ලියන්නේ'

    ReplyDelete
    Replies

    1. ස්තුතියි ඇගයුමට.
      රත්නශ්‍රී ට උනත් තේරෙන්නත් ඇති මේ රැකගන්න කරන අරගලය කොතරම් ගැහැටක්ද කියලා

      Delete
  7. මම නම් සම්බන්දතා එකින් එක disconnect කරගෙන යනවා මේ දවස්වල හිතා මතාම..

    ReplyDelete
    Replies
    1. ඒවත් ඉතින් රැකගැනීමක් සඳහානේ !

      Delete
  8. සිරකරමි නුඹ කවියක,
    බැඳ සෙනෙහසේ වරපටින,
    තොළග නැඟි මදහසින,
    බලා හිඳිනෙමි සුසුදු වත දෙස,
    කප් සුවහසක් ගෙවෙනා තුරාවට...

    ReplyDelete
  9. සිරගතවීම........

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...