Thursday, February 1, 2018

167. නිල් සඳ || The blue moon






නිසල දියමත විසුල මල්පෙති - රැළිති නගනා බීරුමේ
සුනිල මේඝය මුවාකරලති - කිනිති මල්කෙමි මීදුමේ
මෙවුල ගිලිහෙන හඬද නොදනිති - යුවති ඔහු හා පෑහුමේ
දිදුල නෙතුයුග වරල මුදවති - රඟති තොල් හා කෙළිබිමේ


රන් රසය ලෙද ; මින්දදය මිස - කන්මදය මීවිත නොවේ
මින් මතුව ලද අන් කවර රස - බන්ධනය මුදුනත සුවේ
කන් කළුව වැයෙනා රතිය යස - සන්තකය මිණි පැළඳුවේ
පුන් කලස ඉතිරී සතර දෙස - නිල් සඳය අද දිළිසුවේ





~~~~මන්ජි

19 comments:

  1. හරිම සුන්දරයි. කලාත්මක රසය සමගින්ම සෘජුවම ප්‍රකාශ කරන සිදුවීම, වියන්ගර්තයෙන් පමණක් කරන නිර්මාන වලට අබියෝගයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඔබ කියන්නේ මෙහි ව්‍යංගයක් නෑ කියා වෙන්න ඇති. සමහර වෙලාවල් වලදී වචනවල තියෙන භාවිතාවෙන්ම අපිට සෘජු අදහසක් ජනිත උනත් ඒ වචනයේ ඇති ව්‍යංගය ඊට වඩා පොඩිත්තක් වෙනස් වෙන්න පුළුවන්.

      නැවතත් ස්තුතියි රසවින්දා නම්

      Delete
  2. ප්‍රථිභාව!

    තුට කළ ලෙවන් ගුන නැණ රුවින නෙක ලද
    පිට කළ අරුත් පුවතද මා නොවන සඳ
    රට කුල සිරින් අවුරුදු මඟුල් විය තුද
    මට කළ සදොස් නැත නුඹ නාවොතින් අද

    උත්සා කර බැලුනේ දුටුදා මිසක
    උත්සහ කරණ වගකුත් නෑ පෙනෙන්නට
    මැස්සා ඉගිලුණා වැහි බියෙ ගේ තුලට
    ඇස් වහ වදිනවද දුටුවම මුහුණ වට

    වසා වස් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා
    ඇතා යුධ ගනන යයි වට පිට බලලා
    ඉතා රතු ලියක් කහ වත්තෙදි දැකලා
    කතා නොකර ආවෙමි සරණය පතලා

    පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
    රන් බඳදෝ ගෙයි ඈඳ පිට නිදන්නේ
    රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
    පින් මදිදෝ මා ළං කර නොගන්නේ

    ඇලපාත මුදළි වෙතින් ගජමන් නෝනාට

    ReplyDelete
  3. කවි ලියලා ඉවර නොමැත දෙවියනේ!!

    ReplyDelete
    Replies
    1. මොකටද මා මේ බ්ලොගයට පැමිණුනේ?

      Delete
    2. කවි ලියලා ඉවර නොමැත දෙවියනේ,
      මොකටද මා මේ බ්ලොගයට පැමිණුනේ?
      කවි දැක්කම උණ්ඩුකෙ මගෙ සැලෙනවා,
      සෝඩ නැතුව කාලක් මම ගහනවා...


      Delete
    3. සෙකන්ඩ් වෙන්ඩ බෑනේ කියල
      මමත් ලිව්වා එකක් ගොතල
      ඔලුව කචල් වෙයි ද කියල
      අනේ මන්ද සැකත් පිරිල

      Delete
  4. You see this kind of artistic works on blogs.. once in a blue moon for sure.. Not good enough to write a reply.. :)

    ReplyDelete
  5. ගැහැණු දරුවෙක් පිරිමියෙක් ගෙන් ලබන පළමු ආදරය තමයි පිය සෙනෙහස.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබේ මේ කොමෙන්ටුව අදාළ වෙන්නේ මිට කලින් ඇති පිය-පුතු සෙනෙහසට ලියපු කවියට වෙන්න ඕනේ.

      කුමක් උනත් ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...