Sunday, November 19, 2017

160. ඉර මැදියම | burning




බලා සිටියෙමි
අදුර අතරින් ,
පිටමන්ව යන නුඹ
පහුරු ගාගෙන මගේ හිත,
වරක්වත් හැරී නොබලා
බලෙන් ඉල්වාගත්
හිස මත හාදුවද  - තුරුළුකොට...

ආලයද , ප්‍රේමයද
හිම කිරම සේ දියව යන
මේ ඉර මැදියම,
සඳ පායන සිලිලාරට
හැමදාම දෙවනිවග
නුඹට වැටහෙනු
ඇත!



19 comments:

  1. මැදියම දැවීමයි
    හිම කිරම දියවීමයි
    දුර අෑත බැලීමයි
    රාත්රිය නිවීමයි..

    ReplyDelete
  2. උදේ ගෙදරින් එනකොට ගෙදර උන්දා බලාගෙන හිටිය හැටි මතක් උනා.. :/

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුනානම් , කවියට වටිනාකමක් ලැබුනා වගේ තමයි. අග කොටස කෙසේ වෙතත්

      Delete
  3. ඔබ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බෑනෙ ඉතින්
    යලි එන්නම එන්නම හිතුනෝතින්
    යලි එන්න එපා මහෙ හිත තහනම්....

    ( දිවුල්ගනේනම් කිව්වෙ එහෙමයි )

    ReplyDelete
    Replies
    1. එපා යලි හමුවෙන්න
      ජිවිතේ ගමන්මග
      ඔබෙන් මට උරුමවූ
      වේදනා කඳුළු ගඟ
      හිරු සිනාසෙන ලොවක
      පැතුම් මල් දෙවැට ළඟ
      ඔබේ ජිවන සුවඳ
      අරන් ඈතට යන්න

      අන්න එහෙමයි සුනිල් නම් කියන්නේ

      Delete
  4. ලිඛිතා ,
    මා හට කොමෙන්ට් කරණ පිරිසට පඩි ගත්තාම මොනවාහරි ( නිකං ඥාණකතා , ගල් බනිස් , විස්කිරිඥ්ඥා නැතිනම් ජාතික සැහැල්ලු ආහාරය වන හුලං විස්කෝතු වගේ දෙයක් හරි ) එවන්න හිතාන ඉන්නේ.
    මොකද උන්නැහැලගෙ , උන්නැහැලීලගෙ බ්ලොග් වලට මම ආත්මෙට යන්නෙ එන්නෙ නැතිවත් ; මගේ බ්ලොග් එකට ගොඩ වැදී කියවා , කුරුටු ගා යනවාට!
    ඒත් අහෝ දුකකි , ඉරකි තිතකි , තිත්ගොඩකි. තාම පැත්ත පලාතේ ලිඛිතා ඇවිත් නැති වග පෙනේ.
    අද වත් ඇවිත් යන්න එන්න!
    මේ පැත්තේ ආවාට ලියුවේ නෑ. නෝක්කාඩු ගන්නවා එහෙම නෙවේ ඕං! ඊළගට ඔයා "කොළඹට වැස්ස!"කියලා එකක් දැම්මත් අනිවාරයයෙන්ම ලියනවා කොමෙන්ටුවක් ඇට්ටි හැලේ පැනි බේරේ වගේ එකක්!

    ReplyDelete
    Replies
    1. කට.. කට කට කට (ඒ කට නෙවෙයි අනේ වෙව්ලන සද්දේ...)
      එහෙනම් ඔන්න මට ඥාණකතා දුසිම් බාගයක් විතර තියන්ට ඈ.. මම හරි පෙරේත කෑමක් තමයි ඒ. එහෙමයි කියල මම මේ කල්පනා කලේ ඔතරම් කට්ටියකට ඥාණකතා වගේ දේවල් අරන් දීලා ජන්දෙවත් ඉල්ලන්න හදනවද පලා බබෙක් වෙන්න?

      මේ දවස්වල වැඩ ටිකක් අධිකයි. ඒ මදිවට මෙලෝ දෙයක් ලියාගන්න බැරි වෙන්න වැඩක් සිද්ද වෙලා. ඉතින් කවියක් තලාගෙන ඉන්නේ. අනේ ඉතින් අපි ගැන අනුකම්පා කරලා ලියන කොමෙන්ටුවක් ලියන්ට ඈ

      Delete
  5. අන්තිමට අවශ්යම දේ කියා නැත! මම ආයෙත් ගඟට පැන්නෝ!

    ReplyDelete
    Replies
    1. ගඟේ ගියා??? ගඟට උඩින් කොක්කුත් ගියාද?

      ඇල්ලෙන් පහලට දොක්කන් උනාය කිව්වා නිසා මම හිතුව සතියක් දෙකක් විතර ගනී කියලා. හෝහපුටුවෝ නැති නිසා යන්නම්.. අර කිව්ව ඥාණකතා පොට්ටනිය දොරකඩ තියල තියන්ට , හරිද?

      Delete
  6. කවියක් කොටාගෙන මාසේ ගොඩ දාන අදහස නරකම නෑ.. කවි ලියන එක ආතල් වැඩේ. මහන්සි වෙලා වචන දහස් ගණන් ලියනවට වඩා...

    ReplyDelete
    Replies
    1. අනේ මෙහ් !
      දන්නෙම නැහැ නේද එහෙම ගොඩදාගන්න විදිය?

      Delete
  7. ආලයයි ප්‍රේමයයි දෙකක්ද අප්පා? ඔය කවියෙ තියෙන්නෙ අයිස් කෝන් එකක්ද පලමක්ද? රස විදිමට එය දැන ගත යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ආලය සහ ප්‍රේමය එකිනෙ අතිපිහිත වෙයි. සම්පුර්ණයෙන් නොවේ !
      ගොළු හදවත කියවා නැතිද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...