Friday, November 3, 2017

157. බතී | Walked away





කවදා හරි දවසක
නුඹ එනු ඇත මගේ
වරිච්චි නිවසට..

තිබෙන එකම පුටු කබලට
බුමුතුරුණු නැති සාලෙට
කැලැන්ඩරේ පමණක් ඇති පැති බිත්තියට
මුවා වි

සිටින

ඇය

ඔබට

හමුවනු ඇත.

දැලි වළන් වල
පාටැති චීත්තය අග
තෙත අත් පිහන

ඇය-
ඔබ-

හමුවනු ඇත!!


10 comments:

  1. Replies
    1. ඒ වෙලාවට ඔහොම හ්ම්ම් ගාලා හරියන්නේ නැහැ අරූ

      Delete
  2. ලිඛිතා ඔය කතාවේ විලෝමයයි ඔබ ලියා ඇත්තේ.

    දිවියේ දිනෙක
    ප්‍රේම කල නුඹ
    දිනෙක එන විටදි
    කැඩුනු වැල් ඇඳක
    සිටින ඔහු
    හමුවේවි පන අදින!

    බතී,
    රාගයෙන් තොර ප්‍රේමයක්
    සොයා දිව යෑමද
    මාකල එකම වරද?

    ReplyDelete
    Replies
    1. අරවින්දයක් නොවුණු
      අරවින්ද.....

      මේ කවි ලියන්නේ ඒ තට්ටයාමද? හම්මියෝ.... මීට පස්සේ ලියනකොට පරිස්සමෙන් ලියන්ට වෙයි වගේ. මොකද මුන්දා එක්ක ලේසි වෙන එකක් නැහැ මගේ මේ කවි තැලිල්ල.

      Delete
  3. ඇත්තටම කළු පාට චීත්ත තියනවද අප්පා ?

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ...

      ලොකු අය්යේ.. මම කිව්වේ ඒ පාට වෙලා කියලා... කොහෙන්ද ඉතින් ^^%$%^^&&**& උඹලට දෙන්න වටින්නේ අර ගෙදර යනගමන් තැනකින් ගත්ත කොකාකෝලාම තමයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...