Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



10 comments:

  1. Replies
    1. හඬකැවීමේ අංශයට ගොස් හඬකවාගෙනම එනවද?

      Delete
  2. ඒක මරු. කෙටි රහ කවියක්

    ReplyDelete
  3. වගකිවයුත්තාවද 'අලුත්' කිරීම සඳහා සුන්නත් කරන අංශය වෙත යොමු කරමි..

    ReplyDelete
  4. ඔයාගෙ බ්ලොගේ කමෙන්ට් කරන්න එන උනුත් ඔයා වගේමයි. මේ දානවා මේ මකනවා. නැද්ද හා.

    ReplyDelete
    Replies
    1. යකාගේ හැටියටනේ විමානේ කිව්වලු. ඒකෙත් හැටි නෙහ් ? ලෙඩක්ද හැටිද මන්ද

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...