Friday, October 28, 2016

40. මුද්‍රා තබමි



අදින් ඇරඹෙනු ඇත,
ඒ රික්තකය....

කාලය හෙමින් ගාටන -
රාත්‍රිය වඩා දිගුවන -
දුරබනුව නොහඬන -
කල්පය , තත්පරය පැටලෙන...

හෙටින් නිමවෙනු ඇත,
කළු කුහරයක පිවිසුම...

අදින්ද - හෙටින්ද
ඇරඹි නිමවෙනු ඇත....
අප දෙදෙන මැද මහ සයුර

Sealed with a kiss......






ප.ලි. ඔරිමජිනල් සින්දුව කිව්වේ Bobby Vinton උනාට, මම ආසම වර්ෂන් එක කිව්වේ ජගත්... එක්කෝ ඒකෙ ඉන්න 'රොෂානි' ට වෙන්න ඇති මම පෙම් කරන්න ඇත්තේ.

ඒක මම අහම්බෙන් දැක්කේ. ඒ ගීතයේ රුපරචනාවට හිටියේ මම ආස විදියේ තරුණියක්. ජගත් ගීතය කිව්වේ මැජෙස්ටික් සිටි එකේ තියෙන පියානෝව වාදනය කරන ගමන්...



9 comments:

  1. අප්පෝ ජගත් වික්‍රමසිංහ ඔවෑක්

    ReplyDelete
    Replies
    1. ඔවැක් වෙලානේ දෙපාරක්ම? ජගත්ගේ ඒ සින්දුව හොඳට කිව්වට නෙවෙයි, මම ආසා උනේ ඒ රුපරචනාවට. ජගත්ගේ හොඳ ගීත තියෙනවා.... ඔහුගේ වොයිස් එක 'නරක' නැහැ මටනම්

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඒ දවස්වල මමත් ජගත් මේ සින්දුව කියනවා ඇහුවෙ හරිම ආසාවෙන්... සින්දුවට ඇති වුණු කැමැත්ත කොයි තරම්ද කියනවනම් සිංහලට දාගත්තත් එක්ක... දැන් ඒක හොයාගන්න නැහැ...

    ReplyDelete
    Replies
    1. ආ... මේ ඉන්නේ මට සපෝර්ට් එකට කෙනෙක්! මට වැඩසටහන මතක නැහැ, අපේ අප්පච්චි ගාව තිබිලා රේකොඩින් එක ගොඩාක් පස්සේ බැලුවේ

      Delete
  4. තාව කාලික සමුගැනීමක දුක අපුරුවට ලියවිලා ලිඛිතා.... :)

    ReplyDelete
    Replies
    1. පොඩිපහේ මුලික වටයේ ප්‍රශ්නයක් ආව..... මම තාවකාලික සමුගැනීමක් හෝ ස්ථිර සමුගැනීමක් කියල කොතනකවත් කියල තිබුනේ නැහැනේ.......... බුද්ධිකා කොහෙන්ද බොලේ ඒ කොටස හොයාගත්තේ? හි හි හි

      Delete
    2. "අදින්ද - හෙටින්ද
      ඇරඹි නිමවෙනු ඇත....
      අප දෙදෙන මැද මහ සයුර"

      මෙන්න මේ කොටසත් ඔබ සටහන් කරපු ගීතත් නිසා මට වැටහුනේ නිර්මාණය ඒ ආකාරයට.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...