Monday, October 3, 2016

32. වියෝගය




නර්තන ශිල්පිනියක්

වරද මිස මා - සිතද නොඅසන  - බැවින පිළිතුර නොම අසන්
සරද ලෙස ඔබ - ගතින දුරකට - ගියද මෙනුවර කිම සොවෙන්
කිරද ජලයෙනි - පෙරන රිසියෙන - හිඳිමි නුඹ වෙනතක නොයන්
කිමද නොහැඟෙන - එවන් දුක්-ගී අසන දෙසවන පියනුවන්

7 comments:

  1. නිතර ඇසුවද නොමැත නුඹගෙන් පැතුම පිබිදෙනා පිළිතුරක්
    කතර තනිවම දුක දරාගෙන කඳුලකින් කෝ සැනසුමක්
    සතර අත හැම සිත පියාඹා ගියද නෑ හුරු උණුහුමක්
    අතර අප ලොව කුමට දුක් ගී තවත් ශේෂයි සිනහවක්..........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක්. සඳැස් ලියන්න හපනෙක් වගේ. බොහොම සතුටුයි

      Delete
  2. වරද කෙරුමට පෙරදි නොසිතෙන එකම මහ පෙර කරුමයක්
    සසර පුරුදුව ලැබෙන දුක සැප සමග සෙනෙහස අරුමයක්
    දුටුව පමණින් බැදුන සෙනෙහස සෙනෙහසක් නොව ලොබ සිතක්
    ඉනුත් ගැලවුම සොයන මාවත මල් මගක් නොව ගීනි ගොඩක්

    ReplyDelete
    Replies
    1. අටම්.... කවිය නම් ලස්සනයි. ඇයි කවි වැඩිය නොලියන්නේ?

      Delete
  3. හරිම ලස්සනයි ළමයෝ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...