Sunday, October 22, 2017

153. උඹ නම් යක්ස කෙල්ලෙක්! | Sometimes our strengths lie beneath the surface




ඉලක්කම් , අකුරු අමුණන
පාඩම , එක දිගට හැල්මේ දුවන
හැමෝම අතරේ...
උඹත් මම වගේ වෙට්ටු දාගෙන
උන්නා බලාගෙන...
හිනාවක්‌ ඇමිනුන
හීනයක් හිත ඇතුලේම ගුලිකරගෙන.....

පාඩමක් නිසා ජිවිතේ ලැබුණ
ගලවන්න හිතාගෙන විපතින,
උන්නා තමයි අප්පයි , මවයි
මග අහුරගෙන.....

උඹ නම් යක්ස කෙල්ලෙක්
මුහුදට පැනපු පිස්සු කෙල්ලෙක්!
රැපුන්සල්ට වඩා නිර්භීත කෙල්ලෙක්..!

එවපන් මෝනා කෙල්ල
මගේ තෙප්පම
මම දැන් ඉන්න වෙරළට,


හදවත ගලවාලු
ඇගේ ගැලවුම දෙන්නට!


Inspired by : Moana

12 comments:

  1. Replies
    1. වැල්ලේ වැටවල් හරියන්නේ නැහැ තඩියෝ

      Delete
  2. ආයෙත් අහලා ඒකිනම් යක්ස කෙල්ලෙක්ම තමා මෝනා හරි රහ කර කර බලපු ෆිලුමක්

    ReplyDelete
    Replies
    1. මෝනාගේ තියෙන පිස්සුව තියෙන එකියක් විදියට මට එහෙම නොලියා ඉන්න බැහැ. මම සිය පාරක් බැලුවත් බලන බලන වාරයක් ගානේ ආසාව වැඩිවෙන ෆිල්ම් අතරින් මේක මුල පහේ තියෙනවා. මාරයි නේද?

      Delete
  3. Replies
    1. දේශක තුමෝ.... අපි දැන් දේශීය කරනය වෙලානොව ඉන්නේ... මොනා කියනවද මන්ද.. ඒ කෙල්ල මේ අපේ රටේ එකියක්නේ ;-)

      Delete
  4. මං ඇවිත් දැකල ගියා. කියවන්න එන්නං අනිවාර්යෙම්ම. (හප්පේ මේක හොයාගන්ඩ විදපු දුකක්!)

    ReplyDelete
    Replies
    1. ආ... සොරි වෙන්න ඕනේ.. ඇඩ් එක වගේ හින්දා එතන ලින්ක් එක දැම්මේ නැහැ. කවිය එතන අලවන්නයි තිබ්බේ. සමාවෙන්න ඈ
      (හැබෑටම කොහොමද හොයාගත්තේ??)

      Delete
  5. Replies
    1. yes!
      ඔව්.. ඒ කතාව වගේම සින්දුත් හරිම ලස්සනයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...