Wednesday, October 18, 2017

151. සතුව | being loved by




කන්පෙති පුරා තැවරෙන
නුඹ හාදුවේ උණුසුම
දේදුනු පැහැති සුරුවම
රළු
නුඹ අතැ'ඟිලි වලට මැදිවුන

විහඟක විසින් මුසුකල
ගීපද දෙතොල් උදුරන
මීවිත නොවේ මොහොතද
ඇවිලෙමි - නිවෙමි එකවර 



~~~ මන්ජි

14 comments:

  1. Replies
    1. ඇතියන්තම් තාප්පයක් ගහල...

      Delete
  2. කාන්තා ක්ෂණික මෝචනය...!! අගේ වයිරය III 🙈🙈🙈🙉

    ReplyDelete
    Replies
    1. සිල්ලර රසයට කැමති උනාම ඔහොම තමයි

      Delete
    2. එතකොට මේ ලියල තියෙන්නෙ සැළලිහිණි සංදේශය වගේ හෙන උසස් කාව්‍යමය ග්‍රන්ථයක් ද?
      පව් ඕයි. මිනිස්සු කියන ජාතිය හරි පුදුමයි ඕයි..!!

      Delete
  3. මේ කවියටත් මම මාර ලව්.. මේ දවස්වල ලිඛිතා නෝනා බොහොම අපූරු එව්වා ලියනවනේ

    ReplyDelete
    Replies
    1. ලියනවා නේන්නම්.... කවියක් තලාගෙන මගේ වියදමෙන්, අනිත් අයගේ පිහිටෙන් ජිවත් වෙනවා අය්යෝ

      Delete
  4. නිර්මාණ විවිධාකාරය. කලෙකට පෙර පෙර වාහන පින්තාරු කිරීමට උපයෝගී කරණු ලබන ස්ප්‍රේ ගන් එකකින් චිත්‍ර අදින්නෙකුගෙ සුරු බව මා දුටිමි.ඔබ අව්කන පිළිමය අසලටම ගිය හොත් එය මැද ඔපමට්ටම් කල බවක් නොපෙනේ. සෝවියට් දේශයේ නිර්මාණයක් සේ සැලකෙන ගාලු මුවදොර පිහිටි ඇස් ඩබ්ලිව් ආර් ඩී බී ගේ ප්‍රථිමාවද එවන් හැඩතල මගින් ප්‍රෞඩත්වයක් , ප්‍රථාපවත් බවක් ඇති කිරීමට ගත් උත්සාහයක්සේ දැකිය හැක. අමෙරිකාවේ "රෂ්මොර් කන්දේ" කැටයම් කොට ඇති ජෙෆර්සන් , ලින්කන් , වොශින්ටන් ,රුස්වෙල්ට් ප්‍රථිමාද එසේ අපේ ව්යවහාර භාෂාවේ හැටියට කටුවෙන් මිටියෙන් කල නිර්මාණයන්ය . ඒ එම කලා කෘථීන් වල නිර් මාපකයින්ගේ කුශලතාවයන්ය.
    නමුත් අපට ලඟ ඉන්දියාවේ ටාජ්මහල්හි කිරිගරුඬ නිර්මාණ , සීගිරියී කැටපත් පවුර , ඉතාලියේ ශාන්ත් පීතර බැසිලිකාවේ නිර්මාණ වැටෙන්නෙ සියුම් නිර්මණ කුලකයකටය.
    ඒ ; ඒ කලා කරුවන්ගේ කුශල තාවයය.
    ලිවීමද විවිධාකාරය.අයෙකු කටුවෙන් මිටියෙන් ලියන විට තවත් අයෙකු එය සිහින් පින්සලකින් නෝසේ නම් ල පැහැති පැන්සලකින් කරණු ලබයි. මේ සියල්ලෙන්ම වන්නේ භාව ප්‍රකාශනයන්ය . මා වැනි වාර්ථාමය ලිපි ලියන්නකු සිදුවූදේ තත්වාකාරයෙන් දක්වන්නට ගන්නා තද වෙහෙස ; උසස් කැමරා කරුවෙකු තම කැමරා කෝණය මෙහෙයවා කරණු ලබයි. කලකට පෙර හොලිවුඩයී සිටි නොම්මර එකේ වැඩකාරයන් සියල්ල ගාල් කොට තැනූ මැග්නිෆිෂන්ට් සෙවන් චිත්‍රපටය නොගිය දුරක් අඛිරා කුරසෝවා තම "සෙවන් සමුරායි" ගෙන යයි. මෙයට මාගේ වච්න කෝෂයේ ඇති ගැලපෙන වචනය "ප්‍රථිභාව" යන්නයි.
    උසස් කලාකෘථියක් යනු දරදඬු ලෙස ඉදිරි පත් කල දෙයක්ද නො එසේ නම් සියුම්ව ඉදිරි පත් කල යුතු එකක්දැයි ගැටළුවක් මෙහිදි මතුවෙයි. එය ලියන්නා ඉදිරිපත් කරණ භාවයේ සුන්දර බව හා ලබන්නාගේ රසඥ්ඥතාවයේ දිග පලල අනුව වෙනස් වන බව මගේ අදහසයි .
    එඩ්වඩ් "මිනිසුන් නොකනා දල්ල කුමක්දෝ" ගීතයෙනුත් , සුනිල් " බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ" ගීතයෙනුත් ,මිල්ටන් පෙරේරා "උම්බෑ කියකියා මරණ බයේ" ගීතයෙනුත් ,නිහල් නෙල්සන් "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" ගීතයෙනුත් කියන්නේ එකම ප්‍රස්ථූතයක් ගැනය. ලිවීම , තනුව , මියැසිය , ගායනය සහ තවත් කරුණ් කාරණා මත දැනෙන දේ වෙනස් විය හැක. නමුත් සම්ප්‍රෙෂනය විය යුත්තේ සමාන අදහසකි.
    නමුත් අප අපගේ විඥ්ඥානයේ දිග පළල අනුව ග්‍රහනය කර ගන්නේ මින් එක් ගීතයක් පමනි. විශ්ව සාහිත්යයේ ඩී එච් ලෝරන්ස් ද වැටෙන්නේ චාල්ස් ඩික්න්ස් , ඔස්කාර් වයිල්ඩ් ගේ සමතැනටමය. ඔහුගේ කිරීටය ලෙස සැලකෙන්නේ අනුරාගිත්වයී අති සුන්දරත්වය චිත්‍රණයවූ "ලේඩි චැටර්ලීස් ලවර්" ය. කරුමෙක මහත! මෙය අපේරටේ වාරණය වන්නට ගිය චිත්‍රපටියකි. ඔවුන්ගේ දිග පළල ගැන කවර කථාද?

    ReplyDelete
  5. සමාවෙන්න ඕනෙ. හැමදාම වගේ අදත් අන්තිම ටික ලියලා නෑ. මීට කලකට පෙර ෂෙල්ටන් පයාගල නමැති කලාකරුවා කිව්වා අත්දැකීම් නැතිව බිහිවන කලා කෘථිය " ගෙදර හදන තෝසෙ එකක් වගේ!" කියලා. නමුත් ඔහුටත් අමතකව ගිය දෙයක් තමා අප්‍රිකානු මහ වනාන්තර ගැන "ටාර්සන්" පොත් පෙල ලියූ එඩ්ගාර් රයිස් බරෝස් කිසිදා අප්‍රිකානු මහද්වීපයට පය නොගැසූවෙක් වන බව! මේ කතාවම මීට කලකට පෙර " ජීවිතය වටා" , "අපේ ඇත්තන්ගේ විත්ති" වැනි පොත් පෙලක් ලියූ "මූර්ති" නමින් පෙනීසිට සංඝයාවහන්සේ නමකටත් ගැටළුවක් වුනා. "ඔබ පැවිදියෙකුව සිට ගෘහ ජීවිතයේ ගැටළු ගැන මෙසේ ලියන්නේ කෙසේද?" යන මැයෙන් එතුමාව ප්‍රශ්න කරණවිට! ඔහු ඊට දුන්නේ කෙටි පිළිතුරක්. " පෙරහැරේ යන ඔය ඇත්තන්ට වඩා එහි අඩු පාඩු දකින්නේ නැවතිලා ඉන්න අපි!"

    ReplyDelete
    Replies
    1. හම්මේ.....
      කාව්‍යාබාධිත මටත් එක්කම දීල නේද... අම්බෝ හරි සැර තට්ටයෙක් වගේ, පරිස්සමෙන් පාරේ අයින්වෙලා යන්න ඕනේ..

      ඒ උනාට මසුරන් කොමෙන්ට් එකක් ඈ..... ගත්ත වෙහෙසට ස්තුතියි

      Delete
  6. ඇවිලෙන නිවෙන හදවත
    නිවී නිවී යන නෙතු යුග
    ඇවිලෙමින් යන කෙඳිරිලි
    නිවෙන ඇවිලෙන හිත ළඟ....!

    ReplyDelete
    Replies
    1. මේවා මරු කොමෙන්ටු අප්පා.... ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...