Thursday, October 18, 2018

192. සරළුවකට වඩා || nothing more in life than a spoon






විටෙක මා සිත කියයි
හැන්දක් පමණක්ය අවැසි මට ජිවිතයට...
හැකිය මට බුදින්නට අහර,
නැතිනම් බොන්නට මට නියමිත බෙහෙත.
තැලිය හැක නිදන මැස්සන් සැනින්,
නැතිනම් ගන්නට අවධානය මේසයට තට්ටුකල මොහොතින්.
පුලුවනිය දිගුකර චෝදනා කරනට දෙවියන්ට,
එලෙසම අනින්නට ඇතිතරම් හිස් අවකාශයට.
බැලියහැක හැන්දෙහි කැටපතින් මගේ කුඩා මුහුණ
දිදුලන අයුරු එහි මුහුණතින්,
නැතිනම් වසා දැමුමට එකැසක්
ලොවෙන් අඩකුත් අතුරුදන් වනතුරු.
හැන්දකින් හැකිය මට
නිදහසට ඇති බිංගෙය කණින්නට,
හැන්දක් පුරා කසළද
සඳ එලිය එකතුකළ ජිවිතයද
කෑලි කපන අඳුරට
දමාගැසිය හැකිය මට!


Oroginal Poem:
Richard Jones | The Spoon

Some days I think I need nothing
more in life than a spoon.
With a spoon I can eat oatmeal,
or take the medicine doctors prescribe.
I can swat a fly sleeping on the sill
or pound the table to get attention.
I can point accusingly at God
or stab the empty air repeatedly.
Looking into the spoon's mirror,
I can study my small face in its shiny bowl,
or cover one eye to make half the world
disappear. With a spoon
I can dig a tunnel to freedom,
spoonful by spoonful of dirt,
or waste life catching moonlight
and flinging it into the blackest night

 



Inspired by:
https://hotchocolatedays.blogspot.com/2018/10/blog-post_17.html

8 comments:

  1. ඒක හරි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් කවිය නේද? ඇත්තටම අපූරුයි තමයි. ස්තුතියි

      Delete
  2. හරිම අපුරුයි ලිඛි....❤️

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් කවිය නේද? ඇත්තටම අපූරුයි තමයි. ස්තුතියි

      Delete
  3. හදිස්සියකට මස් කෑල්ලක් කන්න ඕනේ උනොත්?

    ලස්සන අදහසක් මොනවා උනත්.. හැබැයි ඉතින් විවිද ප්‍රශ්න මතුවෙනවා වැඩි දුර හිතනකොට... හ්ම්

    ReplyDelete
    Replies
    1. හැන්දෙන් ඇන බිම දමමින් කෑ හැකිය. සයන්ස් කාරයෝ නැසෙන සුළුය

      Delete
  4. ++++++++++
    ඔරිජිනල් කවිය

    ReplyDelete
    Replies
    1. දන්නා ඉංගිරිස් වලින් තමයි ගැටගැහුවේ... සමාවෙන්න අප්පා

      හැබෑටම අපූරුම කවියක් තමයි. ඉංග්‍රීසියෙන් හිතුවාම විතරමයිනේ එහෙම දැනෙන්නේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...