එදත් වෙනදා වාගේම ඉර පායලා තිබුණා.
ඒ තමයි මගේ ජිවිතේ ජිවත් කරපු තීරණාත්මක දිනය. මහා ධනස්කන්ධයක හිමිකාරයෝ වෙලා හිටපු අක්කත් මමත් , අක්කාගේ වයස අවුරුදු 18 සම්පුර්ණ වනවිට එම ධනස්කන්ධයේ පාලිකාව වන දවස! අපේ නිවස එකම උත්සවශ්‍රියක් ගත්තේ, ඒ පාලනය පැවරීම අප වටා සිටි හැමදෙනාම නොඉවසිල්ලෙන් සහ අපගේ දේපල වලට ඇසගසාගෙන හිටපු හිතමිතුරු නෑදෑ පිරිවර දෑස දැල්වීමෙන් එම අවස්තාව ගැන උනන්දු උන නිසා වන්නට ඇති.
මෙතෙක් මම හිරවී සිටි කුඩුවෙන් එලියට එන්නට ලැබුණු පරම ප්‍රීතියෙන් මම උමතුවට පත්වෙන්නට ආසන්නව ගොස් සිටියා. කිසි දිනෙක නැටුමක් නොනටා තිබුණු අපගේ නැටුම් ශාලාවත්, කිසිදිනෙක අවශ්‍යයි කියා නොසිතුන තරම් පිඟන් කෝප්පත් විතරක් නෙවෙයි, වඩාත්ම උමතුකාරකය වී තිබුනේ හැරදමා තිබුණු දොරවල්. මම ගේ පුරාම නටමින් ඇවිදිනවිට සේවිකාවන් මා දෙස අනුකම්පාවෙන් බලන්නට ඇති.
ඉතින් මට මොකද?
කවුද දන්නේ අද මගේ ප්‍රේමයේ උරුමක්කාරයා මුණගැහේද කියා?
ඔහු කවරෙකු විය හැකිද?
මෙවන් අවස්තාවක් නැවතත් නම් එළඹෙන්නේ නැති බව නම් විස්වාසයි. මම උමතුවෙන් ගෙමිදුලෙන් එළිමහනට දිවගියේ මේ ලැබුණු නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට! සැබවින්ම පියාඹන්නට !! ඒ තමයි මගේ දෛවෝපගත හමුවීම සිදුවන්නට තිබුණු පරිසරය.
ඔව්.. මට මුණගැහුනා අපගේ සාදයට ඇරයුම් ලැබූ ඔහුව..! ඔහු මම හිතුවාසේම බොහෝ කඩවසම්; සත්තකින්ම හොඳ පවුලක වැදගත් ; පොහොසත් කෙනෙක්! ඒ හමුව බොහොම කෙටි උනත් උකහාගත්ත මල් සුවඳක් වගේ සුන්දරයි!
ආගමික වතාවත්වලින් පස්සේ සුදානම් කරලා තිබ්බ සාදයට මගේ අක්කා එනකොට ශාලාවේ සිටි අනිත් අය කෙසේ වෙතත් මටත් දැනුනේ මහා ආගන්තුක බවක්. ඒ හිටියේ මගේ අක්කාමද? ප්‍රතාපවත් මුහුණේ හිනාවක්වත් නැහැ. මම කලේ ඈ ගාවින් හිටගත්තා එක විතරයි.
"ආ... කොහොමද?"
මට අදහාගන්න බැරි උනා. අවුරුදු ගණනාවක් මට කතා නොකරපු අක්කා, ඈ මට කතාකලා. මම විශ්මයෙන් ගොළු උනත් ඊට පස්සේ ඇතිවුණු තත්පර එකසිය විස්ස ඇතුලත ආයෙමත් මමත් අක්කාත් එක ලෙසම අපගේ ආසාවන් ගැන ගිරවුන වගේ කියවන්නට උනා.
නමුත්, ඒ මොහොතින් අක්කාගේ මුහුණ වෙනස් වෙලා ආයෙමත් ඔරවාගත්තා.
ඒ හිත අමනාපයෙන් සාදයේ ශාලාව හරහා යමින් සිටි මට නැවතත් අර තරුණයා හමුවුනා. ඔව්... ඔහු මම වගේමයි. හිතන්නේ පතන්නේ ඒ විදියටමයි. අපි වරු ගණනාවක් පිස්සුවෙන් වගේ දොඩමලු උනා. ඔව්.. ඔහු තමයි ඒ මගේ සිහින ආදරයේ හිමිකරු.
ඔහු එකපාරටම මට විවාහ වෙන්න යෝජනා කලේ පිස්සුවෙන් කරන විහිළුවක් වගේ; ඉතින් මමත් පිස්සුවෙන්ම 'හා' කිව්වා. මේ මගේ පාලුවෙන් ගෙවන කෘරතර ජීවිතය නිමකරන්නට මට දෙවියන් විසින් එවනලද ගැලවුම්කාරය ඔහු වන්නට ඇති.
එතකොට සෑහෙන්න සවස්වෙලා. ඒ මොහොතේම මම අක්කා සොයාගෙන ගිහින් ප්‍රකාශ කළා මට ඔහුව විවාහකරගන්න ඕනේ කියා. අක්කා තදින් විරුද්ධ වෙලා මට නපුරු විදියට කතාකරනකොට මගේ ඉවසීම එතනින් නතර උනා.
මේ හිරකාරියක් වැනි ජිවිතේ මට තිත්ත වී ඇති බවත් තවදුරටත් මට එලෙස ජීවත්වීමේ උවමනාවක් නැති බවත් මම කියද්දී හෙනගේදියක් පාත්වන්නාසේ ඈ මට කියා සිටියේ
"එහෙනම් මෙහෙන් යන එකයි ඇත්තේ" කියා.
දුකෙන් මුසපත්වෙලා ගියපු මම මගේ දුක් අදෝනාව පිටකලේ කෝපයෙන්. මෙවන් විකාර, නීරස , කාලකන්නි ජිවිතයක් තවදුරටත් ගෙවනවාට වඩා මියයාම යෙහෙකැයි පවා සිතෙන පරිදි මම හෙම්බත් වෙලා සිටියේ. ඈ පැළදගෙන හිටපු අත්වැසුම පවා මගේ අතින් ඉදිරිලා එන්න ඇති. මගෙන් පිටවූ වචන අදටත් මට මතක නැහැ. නමුත්.. කෝපයෙන් ඇලලිගිය ඇය මා සමඟ බහින්බස් වීමේදී අගේ මෙතෙක් වසාගෙන සිටි රහස සියලු ජන සමුහය ඉදිරියේදී එළිපිටම පෙනුනා.
"මන්තරකාරියක්! මේ ඉන්නේ මන්තරකාරියක්!!"
කාලයක් තිස්සේ අපේ දේපලවලට අසගසාගෙන හිටපු කොටෙක් එහෙම කෑගහද්දි ; බයවෙච්ච අක්කා ගෙදරින් එලියට පැනලා දුවනවා මම බලාගෙන හිටියේ භ්‍රාන්ත බවකින්.
කුමක්ද ඒ සිදුවුනේ?
මට කරන්නට ඇති එකම දේ ලෙස පෙනුනේ ඈ ආපසු සොයාගැනීම. මම මගේ අක්කාට දැඩිව ආදරය කළා. සියල්ලේම තාවකාලික භාරකරු ලෙස මගේ අනාගත සැමියා නම්කරපු මම අක්කා සොයාගෙන ඒ මොහොතේම පිටත් උනා.
මට වෙන විකල්පයක් තිබ්බෙත් නැහැ. ගමන් වෙහෙසට පුංචි කඩයකට ගොඩවුණු මට එතැනදී මුණගැහුනා මගෙත් එක්ක එකට එක කියන, කිසිම පිළිවෙලක් නැති උනත් ශක්තිමත් ගැමි තරුණයෙක්. ඔහු සිටියේ ඔහුගේ සුරතලාත් එක්ක. ඔහුගේ කතාවෙන් වැටහුනා ඔහු මේ පළාතේ පාරවල් ගැන දන්නා කෙනෙක් බව. ඉතින් මම පසුව ගෙවන පොරොන්දුව පිට ඔහුගේ උපකාරය ඉල්ලුවා. අකමැත්තෙන් උනත් ඔහු පසුව උදව් කරන්නට කැමැත්ත පලකලා.
ඔහුත් සමග අක්කා ගැන ආරංචි කරමින් ගියපු අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති උනත් මොකක්දෝ හේතුවකට මම මේ තරුණයාව විස්වාසයක් දැනුනා මගේ අක්කාව හොයාදෙනවමයි කියලා. එය සැබෑවක්! මට මගේ අක්කා සැඟව සිටි ස්ථානය හමුවුණා. මන්තරකාරියක් ලෙස ගර්භාවට පත්ව සිටි ඇය බලන්නට යන්නට මමම තනිව ඉදිරිපත් උනේ ඈ නැවතත් කොපගන්වන්නට මට අවශ්‍ය උනේ නැති නිසයි.
අක්කා වෙනස් වී සිටියා. නමුත් ඈ වෙනදාට වඩා වෙනස්. මා අසලට එම පවා ප්‍රතික්ෂේප කල ඇය නැවත යාම තරයේ ප්‍රතික්ෂේප කළා. කොතරම් ඇවිටිලි කලත් ඈ ඒවා කිසිවක් පිළිගත්තේ නැහැ. මම නැවත නැවතත් කිවේ මම ඇය සමඟ සදාකාලිකව සිටින බවත් ඇගේ මේ තත්වය මට කිසිදු ගැටළුවක් නොමැති බවත්. නමුත් මට තදින් ආදරය කල අක්කා මගේ ආරක්ෂාව පතා ඈ එහි දමා ආපසු ගොස් හොඳින් සිටින ලෙස බලකලා.
මගේ හිත ඉතා තදින් රිදුනා. ඇය අගේ මේ ගැටලුව මට කලින් නොකිව්වේ ඇයි ? කිව්වා නම් මට හැකි පමණින් මම තේරුම් අරගෙන සිටිනවා නේද? මට ඇයවත් , ඇයට මාවත් කොතරම් අවශ්‍යව සිටියාද? ඇයි ඈ එක වරක්වත් ඒ ගැන මට නොකිව්වේ? එසේ උනා නම්, මෙලෙස ඈ සියල්ලන්ම ඉදිරියේ තනිවන්නේ නැහැ නේද?
මම අදටත් ඒ ගැන පැය ගණන් කල්පනා කරනවා. සහෝදරියෙකුට තවත් සහෝදරියක් හැරුනහම අන් කවර යෙහෙළියක්ද විශ්වාස කල හැක්කේ?
ඇත්තටම ආදරේ වඩාත්ම තදින් දැනෙන්නේ සහෝදර ප්‍රේමයේදී....!
~~~~ THE END ~~~~
බය උනාද?
මේ තමයි Frozen බලලා සති ගානම් හරිහැටි නින්දක් නැති පීඩාකාරී මානසිකත්වය අයින් කරගන්න කියලා මම ඒ ගැන ලියපු සටහන. කවුරුහරි හිතනවා නම් මම උමතුවෙන්ය කියලා මට ඒ අයට කියන්නට තියෙන්නේ
මේ තමයි Frozen බලලා සති ගානම් හරිහැටි නින්දක් නැති පීඩාකාරී මානසිකත්වය අයින් කරගන්න කියලා මම ඒ ගැන ලියපු සටහන. කවුරුහරි හිතනවා නම් මම උමතුවෙන්ය කියලා මට ඒ අයට කියන්නට තියෙන්නේ
"ඔව්.. ඔයාලා කියන්නෙත් ඇත්ත. කාටුන් එකක් බලලා නින්ද නොයන තත්වයේ ඉන්න එක මගේ අවුලක් ( bug එකක්) නෙවෙයි ඒක විශේෂ ලක්ෂණයක් ( feature එකක් )" කියල.
මේ කතාව මාව තදින්ම සසල කලේ ඒ ආනා එයාගේ සහෝදරියගේ වෙන්වීම නිසා තනිවෙන හැටි දැකලා. එයාගේ අක්කා හෝ දෙමවුපියන් එහෙම නොකලා නම් , කොතරම් හොඳද?
මේ කතාව මාව තදින්ම සසල කලේ ඒ ආනා එයාගේ සහෝදරියගේ වෙන්වීම නිසා තනිවෙන හැටි දැකලා. එයාගේ අක්කා හෝ දෙමවුපියන් එහෙම නොකලා නම් , කොතරම් හොඳද?
එල්සා පොඩි කාලේ එයාගේ බලයෙන් හිම මිනිස්සු(snow man) හදන වෙලාවේ ආනා 'හිකි හිකි' ගගා හිනාවෙනවා මට කොතරම් රාත්‍රී ගානක් කන්වල දෝංකාර දෙන්නට ඇතිද? එල්සාව ඇහැරවන්නට , සෙල්ලමට ගන්නට ඇදෙන් බිමට දාගෙන කොතරම් දඟකාර විදියට උත්සහ කරනවද? දොර වසාගෙන යන තමන්ගේ සහෝදරීට යතුරු හිලෙන් කනිපින්දන් ගාමින් එන්න කියන ආනාගේ හිත කොතරම් දුකෙන් පිරිලා තියෙන්න ඇතිද? ඉතින් මට නින්ද යයිද?
මේක සුරංගනා කතාවක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට යහළුවන්ට ලංවෙනවා සහෝදර සහෝදරියන්ට වඩා. සාධාරණ හේතු තියෙන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ සැබෑවටම ඔවුන්ගේ සහෝදර ප්‍රේමය ඊට වඩා ගොඩක් ශක්තිමත්. "Blood is thicker than water" කියනවනේ.
මේ කතාවේ උන්නු ආනා ගැන කඳුළු සැලුවා මතකයි. ඒත් ඒකෙන් මිදෙන්න බැරුව මම මේ සටහන ලියල තිබිලා, ඊයෙ පෙරේදා පොත් අස්කරනකොට හංගපු තැනින් මතුවෙලා ආපු නිසා දාන්න හිතුවා.
දැන් බැන්නට කමක් නැහැ.
දැන් බැන්නට කමක් නැහැ.
සිසිනැකපෝ තුමියනි. මම හිතන්නේ ඔබතුමි නම් අනුමාන කළා නේද?
This comment has been removed by the author.
ReplyDeleteFrozen කියල කමෙන්ට් කරන්න හිතුව විතරයි!!! :D ආයෙ බලන්න ඕන සෑහෙන කල් දැන් බලල..
ReplyDeleteඔතරම් විස්තර ලිව්වම ඉතින් අහුවෙනවා නේන්නම්. ඒ උනත් එහෙම නොලියා කොහොමද? ස්තුතියි
Deleteඅර කුරුමිණි අකුරෙන් ලියලා තියෙන එකට ඉතින් උත්තරේ 'ඔව්' තමා. මට දැනුණා ඒ ඒ කතාව වෙන්න ඕනෙ කියලා. කාටූන් එකේදී අපිට අක්කා නගාලා පුංචි කාලේ ඉඳන් ඔක්කොම පෙන්නුවා වුණත් ආනා කතාව කියන විදිහට පටන්ගත්තාම ඒ අතීතය නැතුව ඔයා පටන්ගත්තු විදිහට තමයි කතාව කියන්න වෙන්නේ. ඒත් ලිඛිතෝ මේක මෙතනින් ඉවර කළාට මම කැමති නැහැ. මම හොඳට දන්න කතාවක් වුණත්, ඒක ගොඩාක් ලස්සන නිසා, ඔයා ඒක කියන්න පටන්ගත්තු වෙනස් විදිහ නිසා මම ඒක කියවන්න ආසාවෙන් බලාගෙන හිටියේ. :(
ReplyDeleteඉවර කරන්නේ නැති කතාවක් පටන්ගත්තය, මේ ලියන්නි විස්වාස කරන්න බැරිය, අරකය මේකය කිව්ව් ගමන් ඉතින් මේක කොහොමහරි ඉක්මනින් ලියල ඉවර කරනවා බලන්නයි මටත් ඕනේ කලේ.. හි හි හි
Deleteඔව්... මම හිතින් ආනා උනා ගොඩක් පාරක්. එයත් එක්ක පින්තුර එක්ක කතා කළා. සෙල්ලම් කළා... කියල වැඩක් නැහැ. කුලියටම කොච්චර ඇඩුවද???
සමාවෙන්න හිත බිඳුනා නම්. මම ඔයා තරම් ඒවායේ නිපුන කෙනෙක් නෙවෙයි අය්යෝ... බලමු බලමු
සහෝදර බැඳීමක අගය දැනෙන්නේ, අගය වැඩිවෙන්නේ බැඳීම නැතිවුණු දාට. ඒක වචනෙන් කියන්න අමාරුයි...... ඒ තරම්ම හදවතට දැනෙනවා..
ReplyDeleteජයවේවා!!!
වඩාත්ම මගේ හිත සසල කලේ තමන්ගේ සහෝදරීට තිබ්බ ආදරේ නිසාම ස්වයං දඬුවමකට ලක්වෙච්ච එල්සා නිකමටවත් ඒ ගැන ඇයි කිව්වේ නැත්තේ කියන එක? නිකමට හිතන්න ඔය වගේ රහස්, හිතේ අමාරු හිතේ තදකරගෙන දිවියෙන් සමුගන්න අය ඉන්නවා නේද?
Deleteපියේහි විප්පයෝ දුක්ඛෝ! වනේ වන හතුරෙකුටවත් මෙවන් අවසානයක් නොවේවා!
ReplyDeleteවිල්පත්තු වනේ නම් කිසිම වන හතුරෙක් ඉතුරු වෙලා නෑ මම හිතන්නේ! වනේ වන දිවියෙක්ටවත් වෙන්න එපා කියනා මම ඒ වැකිය පොඩිත්තක් වෙනස් කරනවා.
Deleteහැබෑව.. හැබෑව...
අගක් මුලක් නොතෙරිලා තුන් පාරක් විතර කියෙව්වට පස්සේ තමා ෆ්රෝසන් කොටස දැක්කේ.. එතකොට කතාව තේරුනා... හෙහ් හෙහ් ඔය ගැම්මටම අර බාගෙට නතර කරපු ටික ඉවරයක් කරලා දැම්ම නම් හොඳයි නේද..
ReplyDeleteඔන්න ඉතින් බලන්නකෝ ඔච්චර පැහැදිලිව තිබ්බත් කියන්නේ පැහැදිලි නෑ කියලනේ අප්පා....
Deleteමොන ගැම්මක්ද අනේ මේක මේ ලියල තිබිලා හම්බුනා මිසක්, මොලේ වෙහෙසවන්න කම්මැලියි අප්පා... ඔයා ඉතින් දන්නවනේ ඉතින්... කම්මැලිකම තරම් උතුම් සැපතක් කොයින්දා..
[කම්මැලිකම තරම් උතුම් සැපතක් කොයින්දා..] අන්න යන්තම් තේරිලා
Deleteප්‍රෝසං බලලා නෑ... දැන් ඉතිං බලන්ට වෙනව :(
ReplyDeleteරුසියානු සුරංගනා කතාවක් වගේම ලියල තියෙනව. මරු!
බැලුවාට පොඩ්ඩක්වත් වරදක් නැති ෆිල්ම් එකක්. හැබැයි ඉතින් මේ මට වගේ නම් නින්ද නොයෑමේ රෝගයක් නම් හැදෙන එකක් නැහැ.
Deleteසමාවෙන්න කොමෙන්ට් එක ගිහින් තිබ්බා පෙට්ටගමට.