Tuesday, January 16, 2018

166. අතීතය උඹ | I came, I saw, I conquered






ඝන අන්ධකාරය ,
දෑත - දෙපයම පැකිලුන..
වැටි වැටී යලි
දණහිස් ඔබා නැගිටින...
කල්ප සිය ගණනකට
වරෙක පමණක්
වියසිදුරකින්
දකිමි පුරහඳ - අහස ......!!

ආලෝකයට හසුව
හෙවනැල්ලව
අතීතය.....
උඹ හිඳී
විලිස්සාගෙන
හරියටම පසුපසින්
හිටගෙන !





2 comments:

  1. විය සිදුර වුව මහ අඳුරේ තරු කැට එලිය වුනත් පෙනනවා...
    අන්ධකාරේ පුරහඳම වී නම් ඉතින් ඒ පෝයක්ම බව දැනෙනවා...
    අතීතය කිසි දිනෙක නොමලව පසුපසින් අපේ ඇදෙනවා...
    නුමුත් පාඩම් උගෙන, හෙට යලි සිනාවෙන් දිවි ගෙවෙනවා...

    මට නොව අනුරූප කරන්න ඔබටත්... හිහි ..

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...