Monday, May 29, 2017

109. රෙදි බෝනික්කාගෙන් - නොසැලකිලිමත් කෙල්ලට







පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..

නොදනිතත් ඔබ
මේ කිළුටු ; උජු දෑතම
සැලෙන'යුරු
ඔබ යකඩ පහසින්..
ලෙසම මේ
නීල - බොඳ දෑස මුවාකල
කඳුළු වියලී
බැඳී යන'යුරු
ඔබ වෙනස්වන මොහොතින්...

ලොවම නිදන රාත්‍රිය
මා ඔබ දෙසම බලා හිඳින,
නොදනිතත් ඔබ
ඔබ සුසුම් විඳින බව
මා මුවින්....

එලෙසම
සිරව ඇති මැසූ මුව තුලම
මහද රැඳි
ආදර වදන් සියල්ලම....

ඔබ නොදනිතත්...!













Inspired by : රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට by Hot Chocolate 


Original : 


Rag Doll to the Heedless Child 
I love you
with my linen heart.
you cannot
know how these
rigid, lumpy arms
shudder in your grasp,
or what
tears dam up against
these blue eye-smudges at
your capriciousness.
At night I watch you sleep;
you’ll never know
how I thrust my face
into the stream
of your warm breath;
and how
love-words choke me behind
this sewn-up mouth.
— David Harsent




ප.ලි: ඔරිමජිනල් කවිය කියෝලා මාව ඌයියා උනා. ඒ හින්දා ලියාගන්න බැරි උනා හරියට. බෝනික්කන්ට හිතක් තියෙනවා කියලා මම තාමත්, දැනටත් , තව ඉස්සරහටත් තදින් විස්වාස කරනවා. ඒ නැති උනත්...... මේ කවියේ ප්‍රස්තුතයට විතරක්  නෙවෙයි,යටිපෙලටත් මම තදින්ම කම්පනය උනා.


අද දවස නම් වැහිබර; දුක්බර වෙයි වගේ 

4 comments:

  1. ඉංගිරිස් නොතේරෙන මට සිංහල කවිය අපූරුවට දැණුන..
    අපූරුයි පරිවර්තනය
    හුඟ දවසකින් නේ ලිඛිතා හැක්

    ReplyDelete
    Replies
    1. මේක මේ කලින් කෙනෙක් පරිවර්තනේ කරලා තිබ්බේ. ඒක කියෝලා ඌය්යා වෙලා ලිව්වේ.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...