Thursday, December 8, 2016

47. මම



එළිවැට නැතුව
පය පැකිල තරප්පුව
අසල බිම වැටුන
ක්‍ෂුද්‍ර කිවිඳිය - මම

උත්ප්‍රාස සියල්ලම මොටව
අනුභූති පෙති කපාගනු නොහැකිව
කොස්කොටන අසිපත
පණපොවන - මම

අවිචාර විචාරෙට හසුව
සන්තකව තිබුණු කරදහිය
උඩු හුළඟටම දිගහැරිය
ලියන්නී  - මම

4 comments:

  1. /////අවිචාර විචාරෙට හසුව
    සන්තකව තිබුණු කරදහිය
    උඩු හුළඟටම දිගහැරිය
    ලියන්නී - මම/////////////

    ඕවා ගනන් ගන්න එපා. තව කරදහියක් හොයාගෙන ආපහු ලියන්න :D

    ReplyDelete
    Replies
    1. සමහර කඩදාසි රිසයිකල් කරලාම ලියන්න බැරි තරමට බොඳ වෙනවා. විසිකරන්න බැරිකම කියන්නේ කොතරම්ම අසරනකමක්ද කියල නොතේරෙන එක මොන තරම් දුකක්ද?

      Delete
  2. මාත් ඉරිසියා කරනවා හරිද

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...