Monday, December 19, 2016

50. මට දැන් ඕනේ....




ඉතිං මට දැන් ඕනේ බල්ලෙක් වෙන්න. කන්දෙක උස්සගෙන පස්සෙන් යන්න. ඔයා කියන දෙයක්ම කරන්න. වෙන දෙයක් නොකරම ඉන්න. ඔයාගේ පුළුන් කොට්ටෙට වෙලා සැපට තුරුල්වෙන්න. ඔව් සමහර වෙලාවට ඒ කොට්ටේටම 'වැඩේ දීල' හැමතැනම පුළුන් ඉහිරවන්න. තේරෙන්නැති වෙලාවට ඔලුව ඇල කරගෙන කන්දෙක සීරුවට තියාන ඔයාගේ මුණ දිහාම බලාගෙන ඉන්න. තේරෙන දෙයක් දැනුන ගමන් උඩ පැනල ඒ ගැන ප්‍රීතිය පලකරන්න.

හැමවෙලේම ඔයාගේ ළඟට වෙලා වාඩිවෙලා ඉන්න. ඔයා මොන සීරියස් වැඩක් කලත් මට කිසි ගානක් නැතුවම වගේ ඔයත් එක්කම එකඟ වෙන්න. සීරියස් වැඩ ඔක්කොම ඉවර වෙච්ච ගමන්ම ඔයාව අයිතිකරගන්න.

ඉතින් මට දැන්ම ඕනේ බල්ලෙක් වෙන්න! මා එක්ක එනවද එතකොට ඇවිදින්න යන්න?

4 comments:

  1. At last, something I understand and empathize with !!

    ReplyDelete
  2. කොල්ලෙක් වෙනවට වඩා බල්ලෙක් වෙන එක හොඳයි :D

    ReplyDelete
    Replies
    1. එක හා සමානයි වගේද දැනෙන්නෙ? බලු කොල්ලෙක් වෙනවා කියන්නෙ එහෙනම් මාරම මාර වැඩක් නේ... නෙහ්?

      Delete
Related Posts Plugin for WordPress, Blogger...