Friday, October 20, 2017

152. පා සුලැඟිල්ල | imagination



පා සුළඟිල්ලෙන් ඇරඹී
සිරුරේ දුවන විදුලිය
නොහැකිය බලා සිටුමට
නුඹ ඔය කරන සෙල්ලම...

නෙතගින් , යටැස් බැල්මට
නතුවෙමි වෙලෙමි සියොළඟ,
සුවඳින් සුසුම් නතරව
හිඳිනෙමි මෙලෙස තුරුළුව

දුම්රියය ,
වෙරළය,
දෙදෙනය  - අප !!


Inspired by : The picture

~~~ මන්ජි

15 comments:

  1. සුලඟක කෙහෙරැල්ලක
    විලවුන් සුවද අහුරක
    සියොළගම දැවටෙන නුඹ අස‍..

    සුලඟ ය.
    කෙහෙරැල්ය.
    පැටලෙමි
    මම.....

    ReplyDelete
    Replies
    1. නියමයිනේ!!! අන්තිම කොටසට තමයි ආසම.. මාරු වචන

      Thanks a lot!

      Delete
  2. සිඹින්නෙමි සිහිනදර
    මලක් සිඹිනාසේම
    පිසින්නෙමි ඔබ දෙපා
    මුව තුල රුවා සෙමින

    සියල්ලම ඔබසදා
    රඳා ගන්නයි අසල
    නොයනු මැන මේ සුවය
    මා ලඟයි නිබඳවම

    නැවතත් ගඟේ යනවා ! නාවේ මන්ද ලිඛිථාවුනි දිනක් ගෙවිලත්!

    ReplyDelete
    Replies
    1. පිස්සු කොයිල්නේ

      ගඟේ ගියා ?? ආ ඔව් ඔව් අපිත් ගිහින් ඉරිසියා කරලා ආවා. ගඟ අයිනේ හෝහපුටුවෝ කකා ඉන්න කිව්ව හින්දා පිට පොට ගහගත්ත ඒවා පැත්තක දාල එන්න උනානේ

      Delete
  3. කෝ මගේ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. බය බෝයි හාන්දුරුවනේ... අර උඩින් තියෙනවා... ගැත්තාට සමාවෙන්ට

      Delete
  4. පා සුළඟිල්ලේ පදනම් අවදි වෙවී...මම කැමතිම ගීතයක්..මෙතෙක් කාලෙකට මගෙ ෆෝන් එකේ රිං ටෝන් එකට මම දාගෙන ඉඳල තියෙන්නෙ මේ ගීතය විතරමයි...

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ...

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවේ තියන රෝමාන්තික භාවය මමත් වෙන ගීතයක දැකලා නැතිම රසයක්. ආසම ආසම ආසම ගීතයක්! ඒකත් මතක් කරගෙනම තමයි ලිව්වේ.. ඒ උනාට වැඩේ අවුල් වගේ

      Delete
  5. ඔය පා සුළැගිල්ලෙන් පටන් අරන් හිස් මුදුනින් පිටවෙන හැඟීම් වෙලාවකට මාරාන්තිකයි අප්පා

    ReplyDelete
    Replies
    1. ගෝනුස්සෝ කෑවහමත් එහෙම්මමයි! දුන් පනිනවා අය්යෝ..

      ;-)

      Delete
  6. Replies
    1. The beauty of a woman is not in a facial mode but the true beauty in a woman is reflected in her soul. It is the caring that she lovingly gives the passion that she shows. The beauty of a woman grows with the passing years.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...