Wednesday, April 26, 2017

101. අබ්ලික් ඔනිජිනල්

හොරකම් කරලා තියෙනවද?

උත්තරේ මෙතන නොලිව්වට කමක් නැහැ. තම තමන්ගෙන් අහගන්න ඕනේ උනත් නිතර අහගන්න ඕනේ නැති ප්‍රශ්න වලින් එකක් තමයි මම ඒ ඇහුවේ. මොකද ඕනෙම කෙනෙක්, (පෘතක්ජන) කිසියම් විදියකින් ද්‍රව්‍ය, අද්‍රව්‍ය වෙන දෙයක් හොරකම් කරලා තියෙනවා වෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි.

ඒ මොකක් උනත්, ඔරිජිනල් එකේ තියෙන ගතිය නෑ !

ඒ මොන බොරුවක්ද?

හෑ ???

ඔව්... අර ඔරිජිනල් එක්කෙනාගේ හිත හදන්න මිසක්, ඔය කතාවේ ඇත්තටම ගත්තොත් ඇත්තක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් හිතලා බැලුවහම මට හිතෙන්නෙම එහෙමයි. මේ ගැන ලියන්න නම් සාගරයක් වගේ කාරනා තියෙනවා. නමුත් මම පොඩි පරාසයකට ගන්නවා මේ විදියට.

ඔරිමජිනල් සින්දුව අහනකොට වඩා ඒකෙ ඩුප්ලිකේට් සින්දුව අහපු ගමන් හිත බැඳෙන්න පුළුවන් නේද?



ආයෙමත් මම පරාසය පුංචි කරනවා, මොකද සිංහල දෙමළ ඉංග්‍රීසි සාගර තුනෙන්ම වතුර එකට ගන්න බැරි නිසා. මම තෝරාගන්නේ සිංහල සින්දු සාගරේ. එකෙනුත්, මෙන්න මේ නියැඳිය තමයි සුවිශේෂී වශයෙන්ම කිව්වොත්...

මේක තමයි මේ ලියවිල්ලේ මගේ පන්චින් ලයින් එක. ඒ කියන්නේ...

එක දවසක් මම මොකද්දෝ රුපවාහිනී වැඩසටහනක් බලනකොට; ඒ වැඩසටහනේ පෙන්වන්නේ පොඩ්ඩක් විතර වෙනස් කාරණා.. නෑ නෑ අර පට්ටම නෙවෙයි. මේක සඟරාමය වැඩසටහනක් විහිළු තහළු අඩු; ඒ නිවේදකයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා.

".. මම ඔබට දැන් පෙන්වන්න යන්නේ ටිකක් සුවිශේෂී අංගයක්. මේ අංගයෙන් මම රැල්ලක් නිර්මාණය කරන්න උත්සහ කරන්නේ නැහැ. එහෙම නිර්මාණය උනොත් ඒකට මගේ සහ අපේ කණ්ඩායමේ කැමැත්තක් ඇත්තෙත් නැහැ. ඒ උනාට බලන්නකෝ මේ සුවිශේෂී හැකියාව ගැන"

කියලා පටන් ගත්තා. නිවේදකයා තුන්කල් නුවණින් දැකලා ඒ වචන ටික කිව්වද කියලත් හිතෙන තරමට, ඊට පස්සේ කිව්ව්වත් වගේ ඒ ජාතියේ රැල්ලක් නෙවෙයි, සුනාමියක්ම ආවනේ....

පෙන්නුවේ ගීතයක්....

පටන්ගත්තේ....

"... සොඳුරු ලොවට මල් වැහැලා
තවුතිසාවේ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා..."

මම අහලා තිබ්බ මියුරුම කටහඬකින් එහෙම ගායනාවක් ඇහුවමයි කියල හිතෙන තරමට, ඒ මොහොතට තත්පර අරික්කාලකට කලින් අහලාවත් තිබුනේ නැති ඒ සින්දුව, ඒ මොහොතේම, ඒ වචනයක් ගානේ මට පාඩම් හිටෙන තරමට මියුරු විදියට කිව්වේ.. වෙන කවුරුත් නෙවෙයි...  ශබ්දාගාරයක මැද්දේ , බෑන්ඩ් එකක් පිරිවරාගෙන හිටපු පුංචි ශරීරයක් තිබ්බ කොල්ලෙක්!!

මමත් පුංචි එකී උනාට සින්දුව නම් ඔලුවට මැටි මුට්ටියෙන් ගැහුවා වගේ වැදුනා. ඒ තමයි මම ඒ සින්දුව අහපු මුල්ම වතාව. ඒ වෙනකොට සුජාතා අත්තනායක හරි එයාගේ සින්දු ගැන හරි මට කිසිම උනන්දුවක් තිබ්බේ නැහැ. අන්න.. ඔන්න හිට් උනා ඉස්ගෙඩියට එකපාරින්ම!!

ඒ තියෙන්නේ මට හරියටම පැහැදිලිව ඒ වැඩේ තේරුන වෙලාව.. මොන වැඩේද කිව්වොත්, ඔරිජිනල් කෙනා නැතුව, වෙන කෙනෙක් කියද්දී ඒ සිංදුව කැමතිම ලිස්ට් එකේ නගුට හරියේ නෙවෙයි, සමහර වෙලාවට මැද කොටසින්ම එල්ලෙන එක!

මම මේ කියන්නේ රිමික්ස් හෝ වෙනත් කවරින් ගීත ගැන එහෙම නෙවෙයි. ඒ සංගීතයටම වෙන කෙනෙක් කියද්දී ආස හිතෙන ගීත ගැන.

මම කියන්නද මගේ ලිස්ටෙක?

බෑ බෑ ... එහෙම කියන්න බැහැ... මේ වගේ වෙන එකෙක්වත් නැතිනම් මොකටද මම ඉල්ලගෙන කන්නේ? ( හැබෑටම මම වැඩිපුරම කරන්නේ ඉල්ලගෙන කන එක තමයි! එක්කෝ කමක් නැහැ)

මෙහෙම එව්වා ලෝකේ වෙන්නේ නැහැ කියල හිතෙන අයට පුළුවන් තමන්ගේ පාඩුවේ 'හම්බයන්ට' සහ 'පර දෙමළ උන්ට' එරෙහිව හන්දියක් හන්දියක් ගානේ බෝධින්නාසේලා පවත්වාගෙන යාම සහ උන්ට නොදෙවෙනි රේට් එකට ළමයින් හැදීමට දායක වෙන්න.

අනිත් අයට පුළුවන් කිසිම කහටක් නැතුව පහලින් තියෙන ඉඩේ හිතේ හැටියට ලියලා යන්න.....


5 comments:

  1. 1. හොරකම් කරල තියෙනවා.

    2. ඔබ ගාව මම ඉන්නෙමි කියන මිල්ටන් ගෙ ගීතයට වඩා අඩු වේගෙකින් දැන් යූ ටියුබ් වල තියෙන වර්ශන් හිතට වදිනවා.

    ReplyDelete
    Replies
    1. 1. මොනවාද නොඅසමි. ලිස්ට් එක පෝස්ට් එකක් වනවාට සැකයක් නැහැනේ!!
      2. මෙච්චරද?

      මේකේ අගට මම මගේ ලිස්ට් එක දානවා මතක් වෙන හැටියට.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...