Monday, March 27, 2017

87. ඔබ ඇවිත් යන්න එන්න... - 23

23
---------------------------------------------------------------------

ගේ කරුමෙකටද මන්දා අල්විස් කාරයා ඔෆිස් එකේ නැහැ. දැන් මේ අස්වීම දෙන්නෙ කාටද?

"කරැණාරත්න. කෝ මිස්ටර් අල්විස්?"
කරුණාරත්න මාව දැකලා හිනාවේගන ආවා. ඒ කියන්නෙ චලන ඒ තරං කරූ ෂේප් කරගෙන. 

"සර් හොස්පිට්ල් එකේ"

"මොකක්?"

මම වටපිට බැලුවා

"....මෝචරියෙද?"

කරුණාරත්නත් වටපිට බලන ගමන් හොදටම හිනා උනා. 

"...මොකක්ද අමාරැව?"

"ලිවර් එකේ මොකක්ද අමාරුවක් තියෙනවනේ. බීලම හදාගන්න කරැමක්කාර ලෙඩනෙ සර්"

මගෙ බඩ දාලා ගියා. යකෝ මමත් බිව්වා. මටත් හැදෙයිද?

මම ආපහු ඔෆිස් එකට ගියා. ප්ලෑන් එකේ හැටියට මම අස්වෙන්න ඕන. දැං කොහොමද ඒක කරන්නෙ?

මම තවත් හිතන්නෙ නැතුව දෙවෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකට නැග්ගා.  කෙලින්ම නතර උනේ නිකිනිගෙ ඔෆිස් එකේ දොර ගාව. නිකිනිව බලන්න පුදුම ආසාවකින් හිටියේ. බය නැතුව මම දොරට තට්ටු කරලා තත්පර තිහකින් විතර ' කම් ඉන්' කියලා ඇහුනා. 

මම දොර ඇරගෙන ඇතුලට යනකොට මොකක්දෝ කල්පනාවකින් වගේ හිටපු නිකිනි හොදටම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.  මම දොර වහලා කෙලින්ම එයා දිහා බැලුවට නිකිනි මගේ මූණ බලන්න බැරුව එහෙ මෙහෙ බලනවා. 

"මට මේක සයින් කරලා දෙන්න. "
මම ලියුම නිකිනිගේ මේසෙ උඩින් තිබ්බේ එයා දිහා බලාගෙනමයි. නිකිනිගේ ඇස්දෙක මගේ ඇස් එක්ක පැටලුනා. ම⁣ට මේ කෙල්ලව මේ දැන් අරගෙන යන්න හිතයි. 

මට දැනුනේ මහා දුකක්. මම කොච්චර ගින්දර දුන්නද මේ අහිංසක කෙල්ලට? මම ඈ දිහා බලාගෙන ඉන්නකොට කෙල්ල හොඳටම බයෙන් ගැහෙන්න ගත්තා. වෙව්ලන බව පෙනුනේ නිකිණි අතට ගත්ත ලියුමත් වෙව්ලනවා පෙනුන නිසා. අපි දෙන්නට දෙන්නා කතාකරගන්න බැරුව. මම කරපු තකතීරු වැඩේ ගැන මටම හරි අප්සට්. නිකිණි දැන් හිතන්නේ මම ඉන්නේ තරහින් කියලා වෙන්න ඇති.

නිකිණි අහක බලාගෙන ගොලුවෙක් වගේ මට පුටුව පෙන්නුවේ මහා දුකකින් වගේ. මම වාඩි උනේ ඇස්දෙක අයින් කරන්නෙම නැතුව. අපි දෙන්නගේ පපුව ගැහෙන සද්දේ එකිනෙකාට ඇහෙන තරම් ලොකු නිහඬ බවක් තමයි මට දැනුනේ.

'මේ ඉන්නේ මගේ මුළු ජිවිතේ නේද? පිස්සුවෙන් වගේ මම ආදරේ කරන නිකිණි නේද?'



කවුදෝ එකපාරටම දොර ඇරියේ තට්ටුවක්වත් නැතුව. අපි දෙන්නම ගැස්සුනා.

"නිකිණි මැඩම්"

"අ.. අ.. ඇයි ක.. රු.. ණා රත්න?"

කරුණාරත්න අපි දෙන්නව දැකලා මල් හිනාවක් දැම්මා. නිකිණි අසරණ විදියට හිනා උනා.

"ආ.. මම පස්සේ එන්නම් මැඩම්..."

"නෑ... මොකද්ද උවමනාව? "

"නෑ මැඩම්.. මම පස්සේ එන්නම්.. හදිස්සියක් නැහැ"


කරුණාරත්න හිනාවෙච්ච ගමන් බලාගෙන ඉඳලා යන්න ගියා. නිකිණි හිටියේ අපහසුතාවයෙන්. හදිස්සියට ලියුම බිම වැටුනා. නිකිණි නැමිලා ඒක අහුලනකොටම මම නිකිනිගේ අතින් ඇදලා අල්ල ගත්තා. නිකිණි ගැස්සිලා මගේ දිහා බලාගෙන.

"නිකිණි..... බබා...?"

නිකිණි පුදුමෙන්.

".. මට සමාවෙන්න බබා..."

එච්චර ඉක්මනට කෙල්ලෙක්ට ඇස්වලට කඳුළු පුරෝගන්න පුළුවන් කොහොමද කියලා මම දන්නේ නැහැ. මම නිකිනිගේ අත ; ඒ සිනිඳු අත ; අරගෙන මගේ අත්දෙකට මැදිකරගත්තා. නිකිණි වෙවලනවා තාමත්. කෙල්ලගේ තොල්පට වෙව්ලනවා.

".. මගේ ළඟට එන්න.."

නිකිණි 'බැහැ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

"...ඊයේ චලන ආවද ඔයාව මුණගැහෙන්න?"

නිකිණි 'ඔව්' කියන්න වගේ ඔලුව වැනුවා.

"...සමාව දෙන්න බැරිද මට? මම කියන්නද මොකද උනේ කියල.... "

මම නිකිනිගේ අත මගේ මුහුණට තදකරගත්තම නිකිණි අත අදින්න වගේ හදනවා මට තේරුනා. මම ඉඩ දුන්නේ නැහැ.

".. අඬන්න එපා.. මාව මැරෙයි"

"......................."

"මගේ ළඟට එන්න.. ප්ලීස්... එන්නකෝ"

නිකිණි ආයෙමත් 'බැහැ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

".. තරහද මගේ එක්ක?"

නිකිණි මුකුත්ම කිව්වේ නැහැ. ඔලුව පහතට හරෝගෙන හිටියා.

"...චානක.. අල්විස්..... අපි දෙන්නගේ එෆෙයාර් එක දැනගෙන"

නිකිණි ඒක ඇහුවම මාරයා දැක්කා වගේ බය වෙලා 'අනේ' කියා උනා. දුවගෙන ඇවිත් මගේ ගාව හිටගත්තා.

"අනේ.. ඔයාට මොනවා හරි කරදරයක් කලාද.. දෙය්යනේ... කලණ.. අනේ එහෙම කලාද? අනේ දෙය්යනේ.... ඔයා හොඳින් නේද? අය්යෝ...."

"ෂ්.. ෂ්.... නිකිණි clam down"

මම නැගිටලා නිකිනිව මගේ පපුවට තුරුල් කරගන්න හැදුවත්, නිකිණි එහාට උනා.

".. නිකිණි.... "

නිකිණි මට පිටුපාලා හිටගත්තේ මේසේ කෙලවරට වාරු වෙලා. පිටි අල්ලෙන් කඳුළු ඉක්මනට පිහිදගත්ත නිකිණි මේසේ කෙළවරක් කොනිතිගහන්න ගත්තා.

"...I Love you more than anything in this world! මාව ගොනා කරන්න හැදුවේ අල්විස්. මම ඒ කිසි දෙයක් විස්වාස කළා නෙවෙයි. ඒ දේවල්... ඒ දේවල් මට ඔයාගෙන් අහන්න දුකයි. මට ඔයාව විස්වාසයි. cross my heart "

"........................"

"කතාකරන්න බබා... මට ඔයා නැතුව ඉන්න බෑ නිකිණි....මේ දවස් ටිකේ මම පිස්සෙක් වගේ හිටියේ. මට හිතාගන්න බැහැ මම හිටියේ කොහොමද කියල. ඔයාට කතා නොකළේ ඒකයි.. ඔයාට තේරෙන්නේ නැහැ... වෙච්ච දේවල් මට කියන්න බෑ දැන්... දැන් ඔය කඳුළු පිහාගන්න.. මගේ ළඟට එන්න.."

මම හෙමින් ගිහින් නිකිනිට පිටිපස්සෙන්, කෙල්ලගේ ඇඟේ ගෑවී-නොගෑවී හිටගත්තා. නිකිණි හය්යෙන් හුස්ම ගන්නවා මට දැනෙනවා. නිකිනිගේ සුවඳ ආයෙමත් මම වින්දේ ලොකු හුස්මක් උඩට ගන්න ගමන්.

"මම... චලනට... පො-රොන්දු උනා... මේක න-ත-ර කරනවා කියල"

"ෂ්... මුකුත් කියන්න එපා"

මම නිකිනිගේ ඇඟ දෙපැත්තෙන් අත්දෙක දාල නිකිනිගේ වම් අත ඉස්සරහට අරගෙන, හෙමින්ම මගේ අතේ තිබ්බ මුද්ද ආයෙමත් ඒ ලස්සන ඇඟිල්ලට දැම්මා.

".. කලණ.... අනේ බේබි.... ඇයි මේ?"

මම නිකිනිට හෙලවෙන්නවත් දුන්නේ නැහැ.

"මම ඔයාට ආදරෙයි නිකිණි. ඒක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ආයෙත් නම් මේ මුද්ද ගලවන්න හිතන්නවත් එපා"

"මම හිතුවෙ.."

"ෂ්.. මුකුත් හිතන්න එපා.... මුකුත්ම හිතන්න එපා"

"අනේ මට බයයි"

"බය වෙන්න එපා.. මම ඉන්නවා..."

"මට මුකුත් තේරෙන්නේ නැහැ.. මොකද්ද වෙලා තියෙන්නේ... අනේ මොකද්ද උනේ කියන්න්නකෝ..... ඌයි"

නිකිනිගේ බෙල්ලේ පැත්තක් නිල්පාට වෙලා.

"දෙය්යනේ මොකද මේ? අරූ ඔයාට ගැහුවද?.. අනේ..."

මම පුදුම විදියට අසරණ උනා. වේදනාව තවත් වැඩි උනේ මගේ ආදරේ අනුන්ගේ කියලා දැනුන හින්දා වෙන්න ඇති. මට චානකයාව මරාගෙන කන්න තරම් හිතක් ආවේ.

"ආයි!"

නිකිනිගේ වෙළුම් පටි තිබ්බ වැලමිට දැක්කහම තවත් මගේ හිත තුවාල උනා.

මම පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව නිකිනිව තද කරලා තුරුල් කරගත්තා. නැතුව ඒ තිබ්බ තුවාලවලට මගේ ගාව වෙන බෙහෙතක් තිබ්බේ නැහැ.



-------------------------------------------

"ඒ කරලා?"

චලනයා මැද්දෙන් ප්‍රශ්නයක් ඇහුවා.

".. උගේ වැඩ වලට ඌම විඳවන්න ඕනේ. මම අස් උනොත් චාන්ස් එක නැති වෙනවා. මම දන්නවා කරන්නේ මොකද්ද කියලා. දැන් මමයි නටවන්නේ.. ඌ නටයි. බලමු"

මම එහෙම කිව්වේ ලොකු අධිෂ්ඨානයකින්.

"මොකක් කලත් පරිසමෙන් කලණයෝ. උඹ දන්නවනේ සර්පයා සැරයි. ඌ රට කාපු ලෝකයෙක්"

එහෙම කියලා ප්‍රශ්නයෙන් පැනලා යන්න බැහැ. මම දන්නවා ඌ ඌගේ ඇරියර්ස් යවන්නේ නිකිනිගේ පිටින් බව. මම මෙහෙන් ගියොත් සර්පයා හැරෙන දිහාව හොයාගන්නලේසි නැහැ. අනික කරුණාරත්න මට හෙන කැමතියි. ඕනෙම උදව්වක් කරයි.

අල්විස්කාරයා නිකිනිව කොච්චර ජරා විදියට පාවිච්චි කරලා කියලද  ඇහුවොත් මට හිතාගන්න බැහැ නිකිණි මේවා කොහොම ඉවසගෙන හිටියද කියලා. වෙන කෙනෙක් එක්කෝ දිවි නහගෙන. පව් මේ කෙල්ල රටින් පවා පනින්න හදලා. ඒ හැම තැනම ඉන්නේ මුගේ හෙන්චය්යෝ, හැම තැනින්ම ආරංචි එනවා, ගාමන්ට් එක ඇතුලෙන් ඇරෙන්න. ඒකයි මම හිතුවේ ගාමන්ට් එක ආරක්ෂාකාරි කියලා.

සුළි සුළඟක් හමලා ඉවර උනා වගේ. මොනවා උනත් තමන් ආදරේ කරන කෙනාව විස්වාස කරන්නත්, අවිස්වාස නොකරන්නත් මම මිල අධික පාඩමක්  ඉගෙනගත්තා.

අවුරුදු නිවාඩුව ලැබුනා. දෙසැම්බර් තිස් එක දවසේ නිකිනිගේ ෆ්ලැට් එකට ගියා දවල් කෑමට. මමයි ,  චලනයි , සුගන්ධිකායි විතරයි. අපි කෑවේ පිස්සු වැඩ කරන ගමන්. ඒ හැම එකකටම කාන්ති සම්පුර්ණ සහයෝගේ.

කෑම කාල ඉවර  හැංගිමුත්තන් කරන්න පටන් ගත්තා. මම තමයි හොයන්න ගත්තේ.

"රෙඩිද ?"

"රෙඩි.."

"රෙඩිද ?"

"රෙඩි.."

මම එහෙම අහන ගමන්ම හොයන්න ගත්තා. මම ගාව ඉතින් හොර බොරු නෑ , වංචාව විතරක් තියෙන එකානේ. මම අහන අහන ගානට උත්තරේ ආවේ ඉස්සර කාමරෙන් විතරයි. චලනයා 
කට ඇරියේ නෑ.
මම 'රෙඩිද ?' අහනකොටම උත්තර දෙන්න හදපු නිකිනිව තමයි මුලින්ම හොයා ගත්තේ. පවු දෙය්යනේ රෙඩි.. කිය කියා ඇඳ යටට වෙලා ඉන්නවා. මට හොඳටම හිනා.

"හානේ කපටියා... මමත් මෝඩි වගේ අහු උනානේ"

මම නිකිනිවත් ඇදගෙන එතන තිබ්බ සෝෆාවේ වාඩි උනා.

".. ඇයි අනිත් අයව හොයන්නේ නැද්ද?"

"ඔන්නොහෙ උන් හිටපුදෙන්.."

මම නිකිනිට ඇහැක් ගහලා ඔලුව ඇල කරලා බැලුවා. නිකිණි රතු වෙලා. මම හරි ආසයි ඒ රතුවෙන විදියට. කම්මුල් දෙකත් එක්ක, එකපාරටම කන්දෙක රතු වෙනවා බලාගෙන ඉන්න ආසයි.

"නෝටි වෙන්න බෑ.. ඔයාගේ මල්ලිත් ඉන්නවා..."

"හිටපුදෙන්"

"කාන්තිත් ඉන්නවා"

"ඉතින් හිටපුදෙන්..."

"අර.. අර සුගන්ධි නංගිත් එයි දැන්.. එහාට වෙන්නකෝ..............."

"ආපුදෙන්"

නිකිණි මාව තල්ලු කරනවා.

"..............."

"ජම්බු ගෙඩියක් වගේ.. රතු වෙලා... ලස්සනයි"

"යන්න අනේ දැන්.... ආවොත් කවුරුහරි... යන්නකෝ"

මම අමාරුවෙන් හිත හදාගෙන නැගිට්ටම, නිකිණි මාව කාමරෙන් එළියට තල්ලු කළා. එතකොටම කෑම මේසේ ළඟ ඉඳලා ප්ලේස් එක මාරු කරන කාන්තිව මාට්ටු. එතකොටම කොහේ හරි කාමරේකින් මොනවදෝ පෙරලෙන සද්දෙකුත් එක්ක 'හචෝස්' සද්දෙකුත් ආව.

කාන්ති දුවගෙන ගිහින් ගබඩා කාමරේ දොර ඇරලා ලයිට් එක ඔන් කළා. කාමරේ මැද්දේ හිටියේ සුදුම සුදුපාට වෙච්ච පිටි හොල්මනක්.

"බුදු අම්මෝ මේ මොකාද?"

"මචන් මේ මම!"
චලනගේ ඔලුව උඩට මොකක්දෝ පිටි වගයක් පෙරලිලා.

අපි  හිනා වෙන්න ගත්තා. හොයන්න දෙයක් නැහැ, සුගන්ධිකා කෙලින්ම එලියට ආව.

හවස අපි වීඩියෝ ගේම් ගැහුවා. මම නම් වැඩිපුරම කලේ ගේම් එකේ මුවාවෙන් නිකිනිගේ අත මිරිකපු එක තමයි. චලන මට ඇහැක් ගැහුවේ වැඩේ අහු වෙච්ච ගමන්. සුගන්ධිකා නම් ටිකක් තද ගතිගුණ වගේ තියෙන්නේ. සමහර කෙල්ලෝ එහෙමනේ. ඒ උනාට චලනයාට ගැලපෙනවා, මොලේ පාවිච්චි කරනවා වගේ තේරෙනවා.

නිකිනිගේ ගතිගුණ වලට සුගන්ධිකා පැහැදිලා වගේ මට දැනුනේ.

-------------------------------------

සමහර වෙලාවල් වලට බොරුකාරයෝ වෙන්න වෙනවා. ඒ උනාට බොරුවෙන්ම ජිවිතේ ගෙනියන එක කලාවක්, ලේසි නැහැ. අල්විස්කාරයාගේ ලඟින්ම ඉන්න ගමන් රඟපාන්න මම නිකම්ම ඉගෙන ගත්තා. ඌට ඔෆිස් එකේ කවුරුත් කැමති නැති නිසා කේලම් කියන්න වැඩිය නැහැ. ඒ උනාට මම පරිස්සම් උනේ නිකිනිගේ ජිවිතේ ගැන මට මහා බයක් තිබ්බ නිසා.

නංගිගේ විභාග ප්‍රථිපල ඇවිත්. මට මාර පුදුමයි. නංගිට A තුනයි, B එකයි. කෙලින්ම මෙඩිසින්! නංගි ඉතින් පොත් වනපොත් කරානේ. තාත්තා හිටියේ ගොඩක් සතුටෙන්. අපි දෙන්නා වගේ ගොන් වැස්සෝ දෙන්නෙක් නෙවෙයි නිසා වෙන්න ඇති.

මමත් ඉතින් බුවා වගේ ගිහින් ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් මාලයක් තෑගී කළා. කවුරුවත් නෙවෙයි, ඒක තේරුවේ නිකිණි.



"කවුද මේක තේරුවේ?"

නංගි මාලේ අතට දීපු ගමන් මගේ දිහා බලලා ඇහුවේ නෝන්ඩියට.

"මම! ඇයි මොකද?"

"මේකනම් ගර්ලිෂ් සිලෙක්ෂන් එකක්.. නේද?"

මගේ බඩ පත්තු උනා.

"පි-පිස්සුද ඕයි . ඇයි හොඳ නැද්ද?"

"මේ.... බොරුව දාන්න එපා හරිද?.. මම දන්නවා..."

මට උතුර දකුණ මාරුවෙන සයිස්.

"මෝ.. මොනවද?"

"මම දැක්කා... හුරතල් වේවි බෝගම්බර ග්‍රවුන්ඩ් එක පාරේ යනවා.."

මලා..හුටා.. මම ඉවරයි.... මට පුටුවෙන් නැගිට්ටුනා.

".....ඒයි.. මගෑරලා යනවා නේද? මොකද? මම පොල්ල දායි කියල බයේද?"

නංගි මගේ පස්සෙන්ම එනවා මට දුවන්න පාරක් මතක් වෙන්නෙත් නැහැ. දැන් ඉතින් වෙන විකල්පයක් නෑ , ශේප් කරගන්න ඕනේ.

"......අප්පෝ... මූණේ තියෙන පෙම්පාට"

නංගි මේ මගුලක් කියනවා.

"ඒයි.. නෝන්ඩි කරනවා නම් කියන්නේ නැහැ හරිද?"

"හා. හා.. ඉතින් කියනවකො"

".............."

"කොහෙන්ද අප්පා හොයාගත්තේ....."

"එයා අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ.... යාලුවෙක්"

"හෑ ?? යාළුවො ඔහොම අතේ කරේ එල්ලගෙන යන එක නම් හොඳ නැහැ.. ලෙඩක් ලෙඩක්..."

මට දෙන්න උත්තර නැහැ. මට තනියෙම හිනා.

"....චලනය්යා නම් ඔතරම් බේගල් කියන්නේ නැහැ. ඒකනේ මම සුගන්ධිකා අක්කට ෆුල් සපෝට්"

"තමුසේ කොහොමද දැක්කේ?"

"මම යාළුවො එක්ක ඒ පාරේ පයින් ආවේ. කොහෙද මෙලෝ සිහියක් නැහැනේ. යාළුවො මග ඇරලා මම ෆලෝ කරලා බැලුවා... අපෝ... මොකට ෆලෝ කලාද කියල හිතුනා.. හිමිජ්ජා වගේ හිටියට..."

මගේ කන් වලින් දුන් පිට උනා.

යකෝ මම මොකක් හරි අසැබි වැඩක්වත් කරමින් හිටියද? වෙන්න බෑ. ඒත් ඉතිං නවනිංගිරාවයි.

"තමුසෙ ඕන නැති බම්බු වැඩනෙ කරන්නෙ. ගෑනු ගතිය තමයි ඉතිං, ඕප හොයන්නේ"

"ඕප උනත් වැඩේ ඇත්තනේ. මේ ඉතිං කියනවකො මොකක්ද නම? හා එහෙනං ඒක තමයි මටත් වදේ ගහලා ගජරාමෙට අයන්පාර දාගෙන යන්නෙ. පෙනුම නං ඉතිං එච්චර මෝඩ පාටක් නෑ... නම... නම...?"
ඇත්ත කියනවද? බොරු කියනවද? කමක් නෑ. නමකින් කරන්න දෙයක් නෑනෙ. 

"නිකිනි... මේ කියනවකො හොදද?"

නංගි කට අනික් පැත්තට හරවලා හිනා උනා. 

"කී දාහකට පෙරලාද සෙට් උනේ නේද? කොහෙන්ද හලෝ හොයාගන්නෙ?"

නංගිගෙන් බේරෙන්න බෑ. 

"තමුසෙ බයිට් කරන එක නතර කරනවද? කොහොම හරි හොයා ගත්තනෙ. හොදයි නේද?"
"හරි හරි.... මෙයාගෙ තියෙන ගෑස්. දැං නං මට සලකන්න වෙයි. නැත්තං ඉතිං කෙලින්ම තාත්තගෙ කනට..."

"පි- පි - පිස්සු නං කෙලින්න එපා හරිද? ත- තමුසෙ මාර බඩුවක්නෙ හලෝ"

නංගි විහිලුවට වගේ කිව්වත් මගේ මවිල් ඉස්මයිල් වෙලා ගියා. සෙල්ලන්ද? මේ බඩුව දන්නවෑ මට තියෙන ප්‍රශ්න?

"අම්මෝ තියෙන බයක්. කට නම් තියෙනවා මහ ලොකුවට. හරි හරි අපි බලමුකෝ"
මම නංගිට යන්න දුන්නෙ නෑ. දැං මට නිකිනි ගැන නංගි හිතෙන දේ දැනගන්නකල් ඉවසිල්ලක් නෑ. 

"ඉතිං කියනවකො. හොදද?"

"හරි හරී...... හොදයි හොදයි!"

"ඉරිසියාව ! තවත් කෙල්ලෙක්ගෙ ලස්සනක් වත් පේන්නෙ නෑ"

නංගිට බකස් ගාලා හිනා ගියා. 

"ලස්සන? හ්ම්... ලස්සනයි!! පොෂ් පාටයි.  මට මොනවද දෙන්නෙ?"

මම තටු ගහගෙන ගියේ.

නිකිනි ලස්සන බව ඇත්තයි. ඒ උනාට ලස්සනට වඩා නිකිනිගේ තියෙන්නෙ ලොකු බැදීමක්. ඒක ලස්සන නිසා ආපු ආකර්ෂණයක් නෙවෙයි. වෙන මොකක්දෝ එකක්.
නංගි දැනගත්ත එක, එක අතකට බයයි. නංගි පාවලා දෙන්නෙ නෑ. ඒත් විස්තර අහයි මට දුවන්න. මග ඇරලා ඉන්න ඕන.


********************************

14 comments:

  1. යකො සබ්ජෙක්ට් හතර කරන කාලේ ඒ ලෙවල් කරපු උන්ද මේ. ඒ කියන්නේ දැන් මුන්ගේ ළමයිනුත් ලව් කරනවා ඇති . කොහිම වුනත් වලිඛිතා ගේ මේ කතාවනම් පට්ට

    ReplyDelete
    Replies
    1. ආ.. ඔව් ඔව්... ඔයාගේ කාලේ ඒ ලෙවල් කතාවක්.
      ඉස්කෝතුයි ඈ ! මගේ නම විකෘති කිරීම ගැන බලවත් විරෝධය. සාධාරණ ඉරිසියාව!!

      Delete
    2. ඉයන්: ඔන්න ඇවිත් දීකිරට සාක්කි දෙන්න. වෙන කමෙන්ට් එකක් ඇත්තෙම නැද්ද හැබෑට දාන්න?

      Delete
  2. Subjects 4 තිබ්බ කාලේ ගැන කියන්නේ මොකෝ බන් ??? මට පෙන්නේ මෙයාට 40ත් පැනලද කොහෙද..... එතකොට ඇන්ටි නේ බන්.....

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ තේරෙන්නේ නැද්ද? මොබයිල් ෆෝන් ගැන වත් කියවෙනවද කියලා මේ කියන කාලේ වෙනකොට. කතාවේ කොහෙවත් නැහැනේ එස්.එම්.එස් කතා ලියුම් මිසක්. හය්යෝ හය්යෝ..... මම හෙන මහන්සියක් දරලා මේවා කියනකොට මුන් අවධානයෙන් කියවන්නේ නැහැනේ!!

      Delete
    2. කමෙන්ට් නොකලාට මුල සිටම අවධානයෙන් කියෙව්වා. බොහොම ස්තූතියි.

      Delete
    3. අමතක උනානේ.. මේවා මල් කතා.

      Delete
  3. //සුළි සුළඟක් හමලා ඉවර උනා වගේ. මොනවා උනත් තමන් ආදරේ කරන කෙනාව විස්වාස කරන්නත්, අවිස්වාස නොකරන්නත් මම මිල අධික පාඩමක් ඉගෙනගත්තා.// සිරා කොමෙන්ට් නොදාන්න උන්නට මේක නොදා බෑ බෑ වගේ..

    ජයවේවා! දවසක් දෙකක් අවුලක් නැතුව ලව් එක වත් ගියොත් හොඳයි.. නැත්නම් මේ ටිකේම පට්ට අවුල්..

    ReplyDelete
    Replies
    1. හැබෑට? සෑහෙන වියදම් ඇති නේද මේ දවස්වල??

      දවසක් දෙකක්? හුහ්.. මේ මොනවා කියනවද.. ඉදිරියට ඒ පැත්තට කඩු සටාන්.... මේ පැත්තට කඩු සටාන්.... ඩිෂ්කියෑව් ඩිශුම් ඩිශුම් ඩිශුම් !!! ආන්න එහෙමයි පිචෑර් !!

      Delete
  4. වලිඛිතෝ උදේට එකයි හවසට එකයි දාන්න බැරිද

    ReplyDelete
    Replies
    1. බෑ

      (පොඩියට: ගානක් දෙනවා නම් සලකලා බලන්න හැකිය)

      Delete
  5. මටත් අහන්න තියෙන්නෙ ඉවානයා අහපු එකම තමයි..අනේ මේ මදි නෙ...

    ReplyDelete
    Replies
    1. ඔන්න කොටස් දෙකක් විතර එකතු කරලා දැම්මා.. බැලුවද? ලේසි නැහැ අප්පා.. ටයිප් කරන එක අමාරුයි ලියන/හිතන වේගෙට වඩා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...