Monday, July 4, 2016

09. උයනකලා



කලාව කියන්නේ කුමක්ද?

මේක මට අනුව නම්, දර්ශීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි හැමෝටම එක එක උත්තර තිබ්බත් මේ ගැන ලොකුවට හදාරන උදවියට සියල්ල එකමිටකට ගන්නට පුළුවන් උත්තරයක්/ අර්ථකතනයක් හදාගන්න පුළුවන් සහ එහෙම සම්මත උත්තරයක් /අර්ථකතනයක් තියෙනවා. ඉතින් මම වගේ එකියක්  මොනවා අඩුපාඩුවට එකතු කරන්නද?

අපි මොන තර්ක කිව්වත්, මගේ නම් අදහස උයනවා කියන්නෙම කලාවක්.

ඒ ඔක්කොම මගේ ඔලුවේ තිබ්බ මිසක් කාටවත් කියන්න ගියෙත් නැහැ මිට කලින් ලියලත් නැහැ. මම දන්නවා  පළවෙනියත් , අන්තිමයත් , එකම එකිත් මම නෙවෙයි  කියල.නමුත් මෙහෙම ලියන එකම එක්කෙනා වෙන්න ඉඩ තියෙනවා.

ඔය කුකිං කියන එක වෘතියක් විදියට තෝරාගන්න නම් මට හිතෙන්නෙම අනිත් ජොබ්ස් වලට වඩා තමන්ගේ ජොබ් එක ආසාවෙන් කරන කෙනෙක් වෙන්නම ඕනේ. මම මේ කියන්නේ සයිවර් කඩේ තෝසේ දාන එකා ගැන හරි හන්දියේ නයිට් කඩේ කොත්තු බාස් ගැන හරි නොවෙන්න පුළුවන්.


නමුත් මම මේ කියන්නේ හැමදාම පාන්දර 4 ට 5 ට ඇහැරිලා තමන්ගේ ගෙදර ඒ වෙලාවට ගොරවන මහත්තයටයි, එයාගේ තුරුල්ලට ලං කරලා ආපු හා පැටවූ වගේ ළමයින්ටයි බත් හැලියක් එක්ක එළවලු තුනක්, හතරක් එක්ක කෑම උයන කෙනෙක් ගැන නම්.... එකෙන්ම වෙන්න පුළුවන්!

මම කෑම තෝරනවා කියන්නත් අමාරුයි. නමුත් තෝරන කෑම වලින් වැඩිපුරම තෝරන්නේ ඒවායේ පාට, සහ ටෙක්ස්චර් එක. මම උයනකොට පාට, හැඩය, ටෙක්චර් එක ගැලපෙන්න තමයි උයන්නේ.  දැන් ඉතින් උයන එක ගැන යන්තම් හරි දැනුමක් තියෙන අය  කියාවි,ඉතින් ඕකත් කියන්න දෙයක්ද කියල. ඔව් කියන්න දෙයක් තියෙනවා තමයි.

මම උයන්නේ  ඒ මදිවට ගොඩේ කෑම. චොචෝ ( චව් චව්) , පුහුල්, නෙලුම් අල, නොදන්නා කොළ මැල්ලුම්, කැරන් කොකු වගේ රෙසිපියක් කියල නාමයක් දන්නේ නැති කෑම උස්සගෙන ගෙදර ඇවිත් ඊට පස්සේ තමයි හදනහැටි හිතන්නේ. අනිත්වා නම් මම ගන්නකොටම උයල පිඟානේ තියන විදිය හිතන ගමන්, පාට ගලප ගලප තමයි සල්ලි වලට ගන්නෙත්.


ඉතින් ඕක අමුත්තක් නෙවෙයිනේ. ඒ උනාට මට තරු පෙනුනේ මෙන්න මේ නිසා..



ඔව් ඔව් ඉතින් අවුරුදු ගානක් පරණ ෆිල්ම් එකක් තමයි. ඒ උනාට තාමත් මගේ නහරවල දුවන ලේ වලට මුසුවෙච්ච ගතියක් මේ මුවී එකේ තියෙනවා කිව්වට ඒක වැඩි වෙන එකක් නැහැ. වැඩියෙන්ම මගේ හිත ගත්තේ නම්, රෙස්ටුරන්ට් එක අයිතිකරගන්න වලිකන Skinner. ඒ මොකක් හින්දද මම දන්නේ නැහැ. නමුත් මගේ වීරයා තමයි Remy. ඒ වගේම Linguini තමයි මම ආසම 'මෙලෝ රහක් නැති' ජාතියේ මුණක් තියෙන්නෙත්.

ඒවා තිබුනාවේ. මම කියන්න හැදුවේ චරිත ගැන හරි, ෆිල්ම් එක ගැන හරි නෙවෙයි. රේමී ගේ ඉවිල්ලයි, මගේ ඉවිල්ලයි ගැන!

බොරු පුරාජේරු මොකටද, මමත් රේමී වගේ ලොකු ලොකු එව්වා උයන්න තමයි පටන් ගන්නේ. හැබැයි ඉතින් අර මුවී එකේ Colette කියනවා වගේ 'always follow the recipe' කිව්වහම රේමි කරනවා වගේ රෙසිපියේ නැති එව්වා තමයි මම දාන්නෙත්, කරන්නෙත්. මොකද කියන්න මම දන්නේ නැහැ. රෙසිපියේ තියෙන ඔක්කොම දාල හදපු කෑමක් ඇත්තෙම නැති තරම්. ඒ උනාට තලු මර මර කාපු අයනම් සාක්කියට කැඳවන්න පුළුවන්.


නීතියක් නැතුව කැලෑවට හැදිච්ච හින්ද කියන්න බැහැ , මොකද මම හෙන නීතිකාරි මෙහෙම උන්නට! ඒකටත් සාක්කි ඕනේ නම් කැඳවන්න පුළුවන් ඔන්න!!


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පරක්කු උනාට.
      කොමෙන්ටුවට ස්තුතියි.

      අත්ගුනේ කියන්නේ සමහර වෙලාවට 'හිත්ගුනේ' වගේ. පොල් සම්බෝලයක් තලාගත්තත් රසට දැනෙනවා එතකොට. මගේ පිළිවෙලක් නැති ඉවිල්ලත් ඒ වගෙයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...