Sunday, November 17, 2019

232. සුහදිනියේ - 27 | සිහිනයෙන් බැස මහපොළවට , වැදගත් හමුවක්

කලින් කොටසට 



කුමක්දෝ අමුත්තක් නිසා මම තිගැස්සී අවදිවීමි. මුළු සිරුරම එකවරම සලිත කරමින් මට දහදිය දමන්නට විය.

සිදුවුයේ කුමක්ද?

යන්තම් අඳුරට හුරුවූ ඇස විසින් මා සිටින්නේ මගේ කාමරයේ ජනේලයට මුහුණලා හිඳගත් සෝෆාවේ බව පසක් වූ අතර , කාමරයේ බැල්කනිය දෙසට ඇති උස් ජනේලය තුලින් සිසිල් සුළඟ ශරීරය වසා නැගුනු දහදිය වහ වහා පිස දමන්නට මෙන් හමා යන්නට විය.

මේ රාත්‍රියේ එය හැරදමා ඇත්තේ කවුරුන්ද? එකවරම යමක් සිහියට ආ මම යහනෙන් බිමට බැස්සා නොව පැන්නුනි.

මධුලිකා කාමරයේ සිටින බවට කිසිදු සාක්ෂියක් නොවුනි!

වහා ජනේලයෙන් එබුනු මට, රාත්‍රී අහසේ අන්ධකාරය අතුරෙන් පෙරී එන සඳ එළිය තුලින්, බැල්කනියේ එතනම කුඩා ගුලියක් සේ බිම හිඳගෙන සිටින මධුලිකා ඇස ගැටෙද්දී යන්තම් හුස්මක් වැටුණි.

ඊළඟ මොහොතේ මගේ කල්පනාව නැවතත් අවුල්ව දැනුනි. කුමක්ද සිදුවුයේ? මධුලිකා මෙතැනට පැමිණියේ කෙසේද?

Wednesday, November 13, 2019

231. වැළඳගනු මැනවි මා..

වැළඳගනු පැමිණ මා
නොඑනු ඇත මේ රාත්‍රිය ,
යලිදු කිසි දිනයෙක
මුණ නොගැසෙනු ඇත
අප මේ දිවිය තුල...

දෛවයේ අපුර්වත්වයකට
ලැබුවෙමු මේ මොහොත,
හදවතින්ම වඩා ලංව
බලනු මැන මා දෙස,
නොලබනු ඇතිය නැවතත්
මෙවන් මොහොතක්
නැවත මේ දිවිය තුල...

ලංව සිටිනු මැන මට
යලි යලිත් නොඑනු ඇති මා
මින් පසුව ,
ප්‍රේමයේ මියුරු කඳුළැල්
නොගලනු ඇතිය නැවතත්
මේ දෙඇසින් යලි..

වැළඳගනු මැනවි මා..





Related Posts Plugin for WordPress, Blogger...