කලින් කොටසට
"නිමන්ති...?"
"ආ... තීක්ෂණ.... කියන්න"
"මධුලිකා එක්ක..."
"...........................??"
"............................"
"ආ... මම එයාව ඇරලුවා ෆ්ලැට් එකට.. "
"......................."
"අපි සැලෝන් එකට ගියා"
"හරි"
සැනින් මම ඇමතුම විසන්ධි කලෙමි. එසේනම් මධුලිකා විරංග සමඟ ගොස් නැත. රුපලාවන්‍යාගාරයට යන්නට ඇත්තේ කාට පෙනෙන්නට හැඩ වෙන්නද? ඊර්ෂ්‍යාවෙන් කොල පැහැ ගැන්වී ඇත්තාක් මෙන් මට දැනෙන්නට විය.
ඔරලෝසුවේ කටු ගනිමින් මම හොරගල් අහුලන්නට වීමි. මම තව හොරාවක්ත් විනාඩි හතලිහකින් යා යුතු ගමනක් ඇත. තාත්තාට හසු නොවී සිටීමෙන් එය බාධාවක් නොකර සිදුකරගත හැකිවනු ඇත. තාත්තා මා සෙවීමක් නොකොට පිටත්වනු මට ඇසුනි.
සැනෙකින් පතොරොම් හතරක් සහිත රිවෝල්වරය ඉනේ සඟවාගත් මම එළියට බැස්සේ ඒ අවසරයෙනි. මගේ ගමන බොහෝ කලබලකාරී වන්නට ඇත.