Wednesday, March 13, 2019

206. අමල්බිසෝ || sailing





දළ රල පෙළ මැදින
ඔබ හසුරවයි ඔරුව,
පෙරලෙන්න නොදෙන වග
උදා ඉර ලෙස නිසැක..
සගයින්ට නැත ඉඩක්
වන්ට කිසි බිය කරුණ,
උන්ට ඇත සෙල්මුවා
රැකවරණ....

ලපටි පොඩි උන් එක්ක
වහල ඉගිලෙන පැලක,
කන්ට පිරියක් නැතත්
බැත උයා පිරිමසමි...

හසුවේද රනින් කල
මසෙක් - මා නැති දොහට?
රන් පොරව පිරික්සුම
නිසැක දිනනා උඹට,
මවාවිද කාසිපොදි ,
දෙවියන්ට හිතු ලෙසට ?

ගින්දරයි
මගේ පපුව!

මාළු ඇඹුලෙන් හදා
සම්බෝල ඔතාදෙමි,
ඒ උනත් මම උඹට...



~~මන්ජි

4 comments:

  1. හ්ම්ම්...

    මුතුඇටය කියල පොතක් තියෙනව ජෝන් ස්ටේන්බෙක්ගෙ. ඒක මතක් උනා

    ReplyDelete
    Replies
    1. අනේ දැති හුලෝ.... කියෝලා නැතිය.
      ඒ උනාට ආවාට.. කොමෙන්ට් කලාට සෑහෙන්න ස්තුතියි

      Delete
  2. සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි සසල වෙමි.. වගේ තමයි.. ලිඛිතා එක පාර එනවා . ලියනවා ආයෙ යනවා.. හොයාගන්නත් නැහැ.. ආයේ එනවා.. කවියක් , ලියමනක් දාලා සසල කරලා ආයේ හැංගෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනේ... අමල් බිසෝ කෙනෙක්නෙ. පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියලා ගියේ. එනකල් ඉන්ට එපැයි කියාපු විදියට :D

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...