Monday, September 24, 2018

190. ඉරිමා..



උතුරා නොයයි හදවත
මුවවට මුවවිට පිරුණු පුන්කලස ලෙද,
දෝතින්ම ගෙන සිඹිනවිට
තොල්පෙති සැලෙයි - නෑ හදවත!

නොදනිත් නුඹේ මිහිමත
පෙම්වතියන්ගෙ පරණ වතගොත,
කුමකට ඉතින් හිතනවද?
අයිති වී ඇත - මගේ රජු මට!

14 comments:

  1. [අයිති වී ඇත - මගේ රජු මට!]
    පාටියක් එහෙම දාන්න අදහසක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා.... දාන්න ඕනේ හොඳවයින් පාටියක්

      Delete
  2. රජ්ජුරුවන්ට නෝනේ
    පෙම්වතියො නෑනේ
    යකඩ දෝලියො ඉන්නේ
    ඒ බව සිතට ගන්නේ

    ReplyDelete
    Replies
    1. මේ පෙර රජුන්නේ
      නොම වේ රටට හිමි උනේ
      යකඩ දෝලිද නොවුනේ
      මගේ විජිතේ කිරුළ දැරුනේ...

      Delete
  3. බොල යෝදියෙ මුවවට නෙවෙයි මුවවිට..මුව වට කිව්වම අඩේ කට වටේ කියලනෙ ඒ කියන්නෙ..මුවවට කිරිහොදි වැගිරෙමින්..අන්න එහෙම..

    මුවවිට කියන්නෙ කට දක්වා පිරුණු..අර අපේ විට්ටර් අයියත් කියන්නෙ...

    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු
    මුවවිට පුරවා
    මීවිත ගෙන සුරතින්
    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු
    අපි සව්දිය පුරමු

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අපි කාව්‍යාභාදිත උදවියනේ... මේ හදනවා මේ හදනවා...

      Delete
  4. මන්දා වෙලාවකට කඩදාසි කොල උඩ වැතිරුණු කවි ඇස් දෙකෙන් උරා බීලා හිතට කා වද්දගන්නවා ඇරෙන්න ඒ වෙනුවෙන් පද ගලපන්න යන එක අනුවණකමක්

    ReplyDelete
    Replies
    1. මේක මොන ජාතියේ විවේචනයක්දෝ කියල හිතල මගේ මොලේ පිට පොට ගියා

      Delete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉඩක් ලද වහාම එන්නම්.
      අනිත් බ්ලොග් වලට දාන කොමෙන්ට් එක කොපි කරගෙන කරගෙන ගියාම කවුරු හරි ආවොත් ඒකත් හොඳයි තමයි. සින්ඩියකට ඇතුලත් කරගැනීම ඊට වඩා ප්‍රථිපලදායක වනු ඇත.

      Delete
  6. ඔබට හිමි වු ඔබේ රජිඳුන්,
    කාගෙ හරි රජිඳෙකුය පෙරදිත්.
    පිදුව හැම සැප තුටු විපුල්,
    අහිමි වී ඇත ඇයට දැන්.
    ඔබට හිමි වන විට විපුල්...

    ReplyDelete
    Replies
    1. ඈට ළඟවී නම්
      තිබෙන්නට ඇත - පෙරදී නම්
      මුත් දනිමි නිසැකයෙන්
      ඈට කිසිදා අයිති නොතිබින්....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...