Monday, February 5, 2018

168. පුත නුඹ || Tiger father begets tiger son





වියතුන් සබා මැද
ඉන්ට ඉදිරිව,
නොමිනිස් දනන් මැද
ඉන්ට මිනිසකුව,
ලෝහමය හිත
තුලින් සුරැකිව
දාරකව පෙම
පෙරා පෙව්වෙමි,
දෙතන් නැතුවද....

දුකින් මිරිකෙන
හදට අමතමි,
වදන් නුඹගේ
වැදී මිරිකෙමි..
දනන් තුඩ තුඩ
නුඹම අගයමි,
පියෙකු නොව මා
රජෙකු කරලමි...
දිනෙක එනතුරු
ඇඟිලි ගනිනෙමි..



~~~~ මන්ජි

පිදුම : රිදුම් පිරිමදින පිය-පුතු දෙපලට

10 comments:

  1. ස්තුතියි! තාත්තා කෙනෙක් අඩුවෙන් කතා කරාට ආදරේ කරන්නේ මුළු පපුවෙන්ම.. එහෙමත් කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ.. ආයෙමත් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. වැඩියෙන් කතාකලත් ආදරේ අඩුවක් නැතුව කරන පපුවක් හිමි තාත්තා කෙනෙක් වෙනුවෙන් ලියවුනේ. ස්වාධින සිතක් යයි කියාගන්න කාලයන් වෙනකොට තාත්තාව ප්‍රශ්න කරන පුතෙකුට උනත් අසීමිතව ඒ පපුවෙන්ම ආදරේ කරමින්, ඒ පුතාගේ වීරකම් ආඩම්බරෙන් කියනවා අහගෙන ඉන්නකොට කවි නෙවෙයි ලියවෙන්නේ පතරංග කතා.

      වීරයෙක් උන තාත්තා තේරුම් අරගෙන පුතා ඒ රිදුම් පිරිමදින දවස අනිවාර්යයෙන් එනවාමයි.

      Delete
    2. සුන්දර කවියක්!
      ලෝකයේ අම්මාට හිමි තැනයි තාත්තාට හිමි තැනයි හරි ඈතයි.
      මම මේක දකින්නේ ඇඟළුම් කම්හලක නිශ්පාදන කළමණාකරුටයි තත්ව කළමණාකරුටයි තියෙන පිළිගැනීම වගේ.
      අපේමිත්‍රයාට තේරෙණ්න කියනවා නම් නිශ්පාදන කළමණාකරුටයි සේෆ්ටි ඔෆිසර්ටයි තියෙන පිළිගැනීම වගේ.
      නිශ්පාදන කළමණාකරුට දිනය අවසානයේ පෙන්වන්න නිශ්පාදන තියෙනවා.
      ඒවා අතින් අල්ලන්න පුළුවන් , බර කිරණ්න පුළුවන් භෞතික වස්තූන්! ඒත් කොලිටි හෙවත් තත්වය නැතහොත් ආරක්ෂාව නොහොත් සේෆ්ටි හුදෙක් සංකල්ප පමණයි!
      දිනය අවසානයේ තාත්තලා කරපු දෙයක් නැතිවා හා සමානය!

      මං දැක්කා ත්‍රීවීල් එකක ගහලා තියෙනවා සුපිරි වැකියක්!

      " අම්මා රත්තරං නම් තාත්තා පිත්තලද?".



      Delete
    3. ඇත්ත ඇත්ත.

      සරලයි කියලා පෙනුනට සරල නැහැ.

      බොරුනම් අර සේෆ්ටියාගෙන් අහන්න. ( මම කිව්වාය කියන්න එහෙම එපා)

      Delete
  2. රිදවන දනන් මැද
    දුවෙකුට නොරිදවන
    එකම පිරිමි ලය
    හිමි පියෙකුටම පමණ
    රුහිර කිර නොවුනට
    හිත ලෙයෙන් මිරිකෙන
    ගල් බොරලු වැදී වැදී
    කැලල් වුන හදකි ඉතිරිව

    නොකීවට ආදරේ බැව්,
    නොකියාම මහ සයුර පරදන,
    ආදරේ පුද දුන්න මහ විසල්
    හද පත්ල හිමි එකඳු පිරිමි හිත
    ඈත හිඳ බලන් හිඳ
    හදවතින් තුරුලු කර නලල සිඹ
    පුදන මහමෙරක් ආදරය
    පියෙකුගෙම පමණිය.

    ReplyDelete
    Replies
    1. දියණියකගේ ඇසින් මෙය ලිව්වට ස්තුතියි. ගොඩක් අය කියන දෙයක් තමයි දුවලාට වැඩිපුර ආදරේ කරන්නේ තාත්තා කියලා. ඒ වගේම දුවගේ පළවෙනිම පෙම්වතා තමයි තාත්තා. එය සම්මතය උනත් , පුතෙක්ට නම් ආදරේ කරන තාත්තෙක් එය කරන්නේ ඉතාම තදින් කියලා නම් තේරුමක් තියෙනවා.
      මේවා Subjective සමහර වෙලාවට.

      ස්තුතියි කවියට

      Delete
  3. තාත්තා ඉද්දි කිසි බයක් දැනෙන්නෙ නෑ... ආදරෙ අම්මලා වගේ පෙන්නන්නෙ නෑ තමා... මම මුලින්ම වැඩට ගියේ හලාවත... මගෙ ගෙදර ඉදන් පැය දෙහෙක විතර ගමනක් ඒක... මට නිතරම වැඩට යද්දි කියන්නෙ "ඕන වෙලාවක මට කතාකරන්න මම ඉන්නවා" කියලා...

    ReplyDelete
    Replies
    1. මල්ලි උඹ ඔහොම හලාවතක් කියනවා ! ඌ කිලෝමීටර 8348 ඈත හිටියත් තාම මම කියන්නෙත් ඕකම තමයි මචං!

      Delete
    2. මිතිල :
      ඒ වචනේ නොකිව්වත් ඒ වචනෙට ලැබෙන සැලකිල්ල එලෙසම ලැබෙනවා නම් කොතරම් හොඳද? වාසනාවන්ත පුතෙක්නේ.

      Delete

    3. තට්ටයා:
      හැබෑට? ඉතින් ඌ රැවටුනා?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...