Friday, August 11, 2017

129. මේඝලතා






තඹර පෙතිමත සිසිල ඉසිමින - සුවඳ ගන්නට ඇගෙන් උදුරා
අඹර දිදුලන විසුල දිනමිණ  - පමා වන්නට කනට කොඳුරා
බඹර පහසට පෙති විදාගෙන - කුසුම දෙන්නට කලින් සපුරා
කුවර නළලත සෙමෙන් සිපගෙන - කුමට වන්නට විසෙස් තවරා


මදින් මද නළ සෙමෙන් උණුහුම් - වෙතොත් ඈ ගත සීරුවෙන්
සොඳින් පිරියම් කෙරුණු මනරම් - ලවන වෑහෙන මීවිතෙන්
ඉදින් තත්පට සුසර කරවම් - මෙවුන්දම් මඩනා වැරෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි සීරුවෙන්




මුවින් තත්පට සුසර කරවම් - වැයුම් මියුරුව ඇසෙන ගැයුමෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි එරත් කුසුමන්

ප.ලි: අන්තිම පද දෙක හරි නැහැ කියල තිබ්බ නිසා ඒ දෙක ආයෙමත් ලිව්වා.


24 comments:

  1. බස සුබස හොඳ ලෙසට ගළපා උතුරලා යයි කවි රසින්
    රස ය නම් කිසිවිටක අඩුවක් නොවී ඇත මෙය හොඳ ලෙසින්
    හිස මගේ දැන් අවුල් වී ඇත පිළිතුරක් දෙනු බැරි ලෙසින්
    බැස යන්න අවසරය දෙණු මට පිහදගමි කඳුලක් ඇසින්....

    නියමයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කවි නම් තේරුම් ගන්න අමාරුයි .මට කොහොමත් ඔය බර වචන තේරෙන් නෑ ඒත් අවුලක් නෑ දිව ටැපලි ටැපලි කියෙව්වා

    ReplyDelete
    Replies
    1. හි හි හි
      හරි හරි.. මම එනකොටම කිව්වනේ.. ඒවාට වගකියන්න බැහැ කියල

      Delete
  3. කවියේ සමහර තැන් නොතේරුනු බව දුකින් පවසමි.. එලෙසම අවසන් කවියේ අවසන් පේලි දෙකෙහි රිද්මය අතෑරී ගොසිනි...

    ReplyDelete
    Replies
    1. මට තේරුනෙත් නැහැනේ!

      ඔව් අරූ... අන්තිම පේලි දෙකෙන් රිද්මය කැඩුනට මට තිබ්බ කම්මැලිකමත් එක්ක ආයෙමත් ලියන්න බැහැ හිතලා, මකන්න ලෝබයි කියලා හිත හදාගත්තා. මීට පස්සේ එහෙම කරන්නේ නැහැ.. අනේ ඔව්... RK පල්ලා

      Delete
  4. නියමයි ස්තුතියි.. ආ..කොමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙකම මම ම දාලා.. කොලොප්පං වෙනවා නෙව මෙහෙම කවි කියෙව්වම

    ReplyDelete
    Replies
    1. ඔය කොලොප්පන් විල්ල මේකට එහෙම සම්බන්ධයක් නැහැනේ...... අනේ නිකන් ඉන්න මෙයා

      Delete
  5. ඔය අන්තිම පද දෙකේ සුතිය මාරු කරන්නකො මෙයා...

    ReplyDelete
  6. /අඹර දිදුලන විසුල දිනමිණ - පමා වන්නට කනට කොඳුරා /

    පත්තර ගේන මනුස්සයට ලාස්ට් වෝනිං එක දීපං හෙට ඉඳල වෙලාවට ආවෙ නැත්තං පත්තරේ නවත්තනවයි කියල.

    අනික ඒක කණට කොඳුරා කියන්න ඕන නෑ බං..ඒ යකා වෙන මොකවත් හිතයි ඒ පාර..ඔය නෝමල් එකේ කියපං

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට වගේ බැටරි කෝෂයක් ( විශ්ව කෝෂයක්.. වැරදුනාද මන්ද) තියෙනවද මට! දන්නා අකුරු දෙක තුන එහාට මෙහාට කළා මිසක් වැඩිය වචන දන්නේ නැහැ.. ඔහොම හිනාවෙන්ට නාකයි

      (ඉඳහන් උඹට පත්තර කාරයට කියල අර ජාතියේ පත්තරයක් ළඟ තියෝල අහුකරවන්ට! හුහ්.. දන්නේ නැහැ මගේ හැටි!!!)

      Delete
    2. අනේ බොලේ එහෙම අවුලක් නෑ...වචන සහ යෙදුම පර්ෆෙක්ට්..මම ඔය ඉතින් දන්නෙ නැද්ද? නිකං ජොලියට වගෙ පොඩි කෝචොක් එකක් දැම්මෙ...හෙහ්,හෙහ්,

      Delete
    3. රවි අයියාට වගේ අණ්ඩ කෝෂයක් (හම්මට වැරදුණා නේද? සොරි සොරි... විශ්වකෝෂයක් ලිඛිතාට නැතිවීම ගැන අපේ කණගාටුව

      Delete
    4. දුහපිය කැමරා හොම්බා !!

      Delete
  7. කුවර නළලත කියන්නෙ මොකටද ?

    ReplyDelete
    Replies
    1. කුවර = කුවේර = රාජකීය/උතුම්/උසස්/පිවිතුරු

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...