අළුත උපන් සිය කිරිකැටි මුනුබුරා අතින් ගෙන වේදනාවෙන් දෑස් වසන භද්ධකච්ජායනා බිසව |
දියණියනි තොප
වැදූ මවුබිසව් මම,
ම'පුතුන් කෙරෙන් නොව
සිහසුන් ගනුව ලොබ,
ගැබ්බර නුඹට පවුරුව
රැකගත් සිහසුන් දරන කුමරුව !
දරු දුක දනිම් - මම
පුතුන් දන් දුනිමි - මම
එක්ටැම් ගෙයක ලා
සොයුරන් රැක්ක චිත්‍රාව නුඹ....
අමතකව ගියද , ගිණිලා
චිත්‍රා මගේ හුරතල් දුවමයි නුඹ!!
ප.ලි: උන්මාද චිත්‍රාව ගැන කියෝපු පලවෙනි දවසේ ඉඳන්ම මගේ හිතේ හොල්මන් කරපු කාරනා කීපය අතරින්, තදින්ම කල්පනා වෙච්ච දෙයක් තමයි උන්මාද චිත්‍රාවගේ මවුබිසව ; භද්ධකච්ජායනා. තමන්ගේ පුතුන් සියල්ලම ඝාතනය කරනවා යයි අනාවැකියක් තියෙද්දිත්, කුලසිරිත් ගරු නොකොට උනත් ගැබ්බර උන සිය දියණිය වෙනුවෙන් පෙනී සිටි, ඇගේ දරුවා; එනම් සිය පුතුන්ගේ ඝාතකයා; පනමෙන් රැකි ඇය... මොනවා හිතාගෙනද එහෙම කලේ? මවකගේ ප්‍රේමය ඉක්මවා මිත්තනියකගේ දරු කැක්කුම ඉදිරියට ආවාද? මට මේ කිසිවකට පිළිතුරු දෙන්න ඇය නැති උනත්, කාටවත් උපලක්පනය කරන්නවත් බැරිද කියල මම පුදුම වෙනවා.
ප.ප.ලි. මම 'අබා' චිත්‍රපටය පුළුල් තිරයේ නරඹනකොට මේ භද්ධකච්ජායනා චරිතය දිහා මුල ඉඳලම ඇහැ ගහගෙන හිටපු නිසා වෙන්න ඇති, සෑම කොටසක්ම පරිස්සමෙන් බලාගෙන හිටිය.මාලනී ෆොන්සේකා එය සාර්ථකව ඉදිරිපත් කළා කියන්න පුළුවන්.
මාලනී ෆොන්සේකා අප්පෝ එයාට වඩා හොදයි අනෝජට හරි වීණාට හරි ඒ චරිතය දුන්නා නං
ReplyDeleteහා...
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteස්තුතියි
Deleteඅබා චිත්‍රපටයේ තිබුණු ජෝක් එක තමයි වයස හතළිහක විතර සබීතාව උන්මාද චිත්‍රාට ගැනීම. ඔන්න ඒ චිත්‍රපටය 1981 දී විතර හැදුවා නම් තව කමක් නෑ!
ReplyDeleteඉතින් එහෙනම් වයස හතලිහ පන්නපු ෂාරුක් ඛාන් මාමා මේ ලඟක් වෙනකල් ඉස්කෝලේ ගියේ? තාමත් යනවද මන්ද. අපේ රංගන ශිල්පිනියන්ගේ වයසත් එක්ක රංගන ප්‍රතිභාව සමාන්තරව යන්නේ නැහැ කියල 'විස්වාසයක්' තියෙනවා ගොඩක් දෙනා අතරේ. ඒකනේ අපිට පුජා උමාශන්කර්ම ඕනේ වෙන්නේ කුමාරිකාවන්ට රඟපාන්න. සීනිබෝල අතපය වැනීම් සහ දෙබස් කියවීමෙන් එහාට ගියපු රංගනයක් ඉදිරිපත් 'කරවාගන්න' පුළුවන් රංගන ශිල්පිනියන් ඉන්නේ ටිකයි. ඒකෙන් ඉතින් කුමාරිකාවකට ගන්න තියෙන දේහ ලක්ෂණ බැලුවම වයස නොසලකා සබිතව ගත්ත එකේ වරදක් නොපෙනෙන්න පුළුවන්.
Deleteමං කියන්නේ නිකං කුමාරිකාවක් ගැන නොවේ, දැක්කම මිනිස්සුන්ට පිස්සු හැදෙන කෙනෙකු ගැන යි.
Deleteඒ හිටි සබීතව දැකලා නම් පිස්සු හැදෙන පාටක් තිබුණේ නෑ. හැබැයි 1981 විතර කතාව වෙනස්.