|
ප්‍රංශයේ ගොන්පොර තරඟයක අවස්තාවක් |
මම පොඩිම කාලේ හිතාගෙන හිටියේ හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියල. ඩිංගක් ලොකු වෙනකොට හිතුව සාපේක්ෂව පර්ෆෙක්ට් එක හොඳයි කියල, වැඩි කාලයක් යන්න කලින් මම 'නිරපේක්ෂ' පර්ෆෙක්ට් කමක් ගැන තමයි කල්පනා කලේ. ඒ කියන්නේ සාපේක්ෂ පර්ෆෙක්ට් කමක් කෙසේ වෙතත් පර්ෆෙක්ට් කියන දේ එහෙම්මම තියෙනවා කියන එක.
උදාහරණයක් ගත්තහම, විභාගයකදී ගන්න ලකුණු ප්‍රමාණය ගත්තොත්, පංතියේ හැමෝගෙම ලකුණු අඩු වෙලාවක මට ඒ අතරින් වැඩිම ලකුණු තිබ්බහම මට සතුටක් දැනිල නැහැ. මොකද සාපේක්ෂව හොඳ උනත් නිරපේක්ෂව නරක මට්ටමක ඉන්න නිසා. ඔය විදියට හිතන එක ගැන මට මගේ යාළුවො නිතර අනං මනං කියලත් තියෙනවා. ඒකට ඔවුන් කිව්වේ 'ලද දෙයින් සැනසෙන්නේ නැහැ' කියන තර්කය.
මම නම් කියන්නේ ඒක නෙවෙයි ලද දෙයින් සැනසීම කියන්නේ. ( ඒ ගැන දැන් ලියන්න අදහසක් නැහැ, වෙනම ලියන්නම්)
මම මේ කල්පනාව කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. කොටිම්ම මගේ වාසය අවුරුසු 17-18 කාලේ ඉඳන්ම මේ වෙනකල් ඔලුවේ තිබ්බ කාරණයක්. ලියන්න තැනක් , කතාකරන්න කෙනෙක් හරියට ලැබුනේ නැති නිසා තාමත් තියෙන්නේ මුලික තර්ක අවධියේ. මේ ළඟදී ඕක අලුත් උනා...
හේතුව තමයි, මම විහාරමහාදේවි පාක් එක ගාවින් වෙනද වගේ නැතුව, වැනි වැනී යනකොට දැක්ක දෙයක්. ඒ තමයි එතන කාගේදෝ පිළිරුවක් දැක්ක. ඇත්තම කියනවා නම් , මම ඒ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් මම බැලුව ඒ කවුද බොලේ කියල. බලනකොට අහලවත් නැති 'පොදුජන වීරයෙක්' ( අහල නැත්තේ මගේ ප්‍රශ්නයක් හින්ද වෙන්න ඇති)
ඔන්න ආයෙමත් එතකොට මගේ ඔලුවේ අවුරුදු ගානක් හිරවෙලා තිබ්බ අර 'නිරපේක්ෂ' කතාව එලියට ආව. ඒ කියන්නේ මේ පුද්ගලයා 'සාපේක්ෂව' පොදුජන වීරයෙක් වෙච්ච කෙනෙක්ද කියන එක?
ආයෙමත් මුලට!
අපේ ජාතික වීරයෝ ලැයිස්තුව ගත්තහම, ඇත්තටම ජාතික වීරයෝ ඉන්නේ කීයෙන් කීදෙනාද? කොටිම්ම ජාතික වීරයෝ කියල අපි කියන අය ඇත්තටම ජාතික විරයෝද? මගේ 'නිරපේක්ෂ' තර්කයට අනුව නම්, ජාතික වීරයෝ කියන්නේ ජාතියක්/රටක් වෙනුවෙන් සිය ශ්‍රමය අවංකව කැපකොට සමහර වෙලාවල්වලදී ජීවිතය පවා ඒ වෙනුවෙන් පුජා කරපු මිනිස්සු තමයි ජාතික වීරයෝ කියන්නේ. ( මම වැරදි ඇති, දන්නා කෙනෙක් කියන්නකෝ නිවැරදි දේ එහෙනම්?)
එහෙම බැලුවම, මද්දුම බණ්ඩාර කියන්නේ ජාතික වීරයෙක් නෙවේනේ!
හා හා හරි හරි..... සාපේක්ෂව හිතන්න පුරුදු උනාම හරියයි නේද? මේ බෙහෙත් ( විටමින්) ටික බීල , සතියකින් ආපහු එන්නද දොස්තර මහත්තය?