Thursday, September 29, 2016

29. පියඹා එනවාද මා සොයා....

ප්‍රචාරක දැන්වීම: එකිනෙකාට යම් පරතරයක් සහතව ඇවිදයන ජෙසිකා සහ කාර්තික්


ආදරය කියන්නේ පොදු දෙයක් උනාට විඳීම අතිශය පෞද්ගලිකයි. කෙතරම් පෞද්ගලිකද කියල කිව්වොත් සමහර වෙලාවට අප, අපි තුලත් අපගේ මනසින් යටපත් කරවන, උලුප්පන සුන්දර මතකයන්, විඳීම් රාශියක් එකතු කරනවා.

ආදරය කියන තේමාවෙන් බැහැරවුනු සිනමාපටයක් සෙවීම අතිශය දුෂ්කර කාර්යයක්. මානව ආදරය වටා ගෙතුණු කතන්දර එතරම්ම පවතිද්දී, ඉතාම සරල ආදර කතාවකින් කරන්න හැකි යමක් තියේවිද? ඇත්තෙන්ම කරන්න හැකි යමක් නැහැ! තරුණයෙකුගේ ආදරයට නතුව , ඉන්පසුව සිදුවන පොදු කතන්දර සියල්ලේම තිබෙන්නේ හෝ තිබීමට හැකිවන්නේ එකම රාමුවක සිද්ධීන්. ඔවුන්ගේ සුන්දර මතක, අඬදබර, සුන්දර විහිළු වලින් තොරව තිබිය හැකි වෙන යමක් කොයින්ද? ඉතින් එවන් කතා තේමාවකින් තිරරචනයක් , චිත්‍රපටයක් දක්වා ගෙනයන්නේ කවර කැපකිරිමක්ද ?



එවැන්නක් කියන්නේ සෝදාපාලුවට ලක්වුණු ඉඩමක් තරමටම සිනමාව තුල මෙම සංකල්පය හමගසා අවසානයි. එවැනි තත්වයක, Gautham Menon කියන මෙම අධ්‍යක්ෂකවරයා අතගසා ඇත්තේ සුපිරිම ගනයේ අභියෝගයකටයි.

පළමු අහියෝගය වන්නේ සාමාන්‍ය ආදර කතාවක් සිය කතාව ලෙස තබාගෙන  සිනමාවට නගද්දී කළහැකි යමක් තිබේද යන්නයි. කාර්තික් (චිත්‍රපටයේ) නම් තරුණයා විසින් සිය නිවසේ උඩුමහලට කුළියට පැමිණෙන එම පවුලේ එකම දියණිය ;ජෙසිකා සමග ඇතිවන පෙම් පලහිලව්වට එහා ගිය යමක් සමස්තයක් ලෙස දකින්නට ඇත්තේ නැහැ. එතැනදී වෙනත් දමිළ සිනමාපට සියල්ලගේම පාහේ ඇති කඩු කිනිසි අමෝරාගත් ගැටුම් නැතත්, යම් පමණකට අර්බුදයක් ඇතිවෙනවා.

වඩාත් සිත්ගන්නා කාරනාව වන්නේ එවැනි ඉතාම පොදු, බහුල වශයෙන් යෙදෙන ගැටුමක් කාර්තික් නම් අධ්‍යක්ෂකවරයා විසින් ඉතාමත්ම සුවිශේෂී ලෙසට චිත්‍රපටයේ යොදාගැනීමයි. ත්‍රාසය වෙනුවට අප සියලු දෙනා කාර්තික් හා ජෙසිකා සමඟ එකම සංඛ්‍යාතයේ සරසුල් බවට පත්වන්නේ නිරායාසයෙන්.

මේ සියල්ලටම වඩා ඉතාමත් මටසිලුටු ලෙස එම ආදර කතාවේ සියුම් තැන් සහ කාර්තික්ගේ දුක්බර තත්වය විසින් සිනමා කෘතියේ ඇති සුවිශේෂී බව හොඳින් පැහැදිලි වෙනවා. සරලවම කිවහොත් කාර්තික් සොයා හදිසියේ පැමිණෙන ජෙසිකා සමඟ කතාබහ කරන්නට කාර්තික්ට සිය ලොක්කාගෙන් අවසර ලැබෙනවා. එහිදී ඉතාම සංවර හා රෝමාන්තික ලෙස සිය පෙම්වතිය වැළඳගන්නා කාර්තික් තුල දක්නට ලැබෙන සියුම් මනෝභාවයන් අති සාර්ථක ලෙස ඉදිරිපත් කරන්නට ප්‍රධාන නළුවා දක්ෂ වනවා.

කාර්තික් සහ ජෙසිකා


තිරය පුරාම ඉන්පසු එම රෝමාන්තික තැවරුම ඉතාම විචිත්‍රව ගලාගොස් ප්‍රේක්ෂකයා කම්පනය කරවන්නේ විවිධ පරාස වලින්. සිය පෙම්වතිය ඉල්ලා කෑමොර දෙන පෙම්වතුන්ගේ සත්‍ය චරිතය කාර්තික් තුලින් දකින්නට ලැබෙනවිට, ප්‍රේක්ෂකාගාරය කාර්තික් වෙනුවෙන් එක පෙලට සිටගැනීම වලක්වනු නොහැකියි.

සිනමා කෘතියේ පසුබිම් සංගීතය ඇතුළුව සමස්ත කළා අධ්‍යක්ෂනයම අතිශය සිත්ගනාසුලුයි. දර්ශන තලවල ඇති තාත්වික බව සමස්ත සිනමාපටය පුරාම දක්නට ලැබෙනවා. සිය පෙම්වතියගේ ගහෙන් ගෙඩි එන්නාසේ ලැබෙන ඉල්ලීම අසන සිළඹරාසන් (කාර්තික්) ඉතා දක්ෂ අන්දමින් සිය භාවයන් නිරුපනය කරනවා. අධ්‍යක්ෂකවරයා දර්ශන පෙළගැස්විමේදී එවන් ස්ථානවලදී යොදාගන්නා දෙබස් නොමැති සිද්ධීන් වගේම පසුතලයේ නැගෙන සංවාදයන් මගින් පරිස්සමෙන් සිනමාපටයේ කාලය කළමනාකරණය කර තිබෙනවා. 'මෙතැනදී මේ සිද්ධි දාමය සිද්ද උනා ඉක්මන් වැඩියි, මෙතන තව ටිකක් වැඩිපුර පෙන්නුවා නම් හොඳයි' වැනි අදහසක් හෝ ඉල්ලීමක් ප්‍රේක්ෂකයා තුල ඇතිවන්නේ ඉතාම අඩුවෙන් කියා මගේ හැඟීම.

කාර්තික්ගේ බිඳුණු හදවත සමඟ ඔහු ඉදිරියට යන අතරතුර, ඔහුගේ බිඳුණු හදවතම සිය වෘතිය ජිවිතයේ ඊළඟ මහා වෘක්ෂයට අයිති බීජය පැළවෙන්නට හරිනවා. එය අතිශය සිත්ගන්නාසුළු අවස්තාවක්. බිඳුණු හිතක් ලැබුණු පෙම්වතෙක් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වන්නේ යම්සේද, අතාත්වික නොවී එය කොතරම්ම හොඳ පිළිතුරක්දැයි හිතෙන තරමට එම දර්ශන පෙළගැස්වීම දක්වන්නට පුළුවන්.

ඉහලමාලයේ සිටින ජෙසිකා , ගේට්ටුව අසල හොරගල් අහුලන කාර්තික්


එතරම් බැගෑපත්වෙද්දීත් අතහැර ගිය සිය ප්‍රාණසම ප්‍රේමය හිතක දරාගත් පෙම්වතෙක්ද කෙතරම් දරුණු වියහැකිද? එය කොතරම් දුරට සත්‍යයෙන් තොරද? හැරගිය පෙම්වතිය ගැන දුක්ගීත කියන පෙම්වතෙක් කියන්නේ සියල්ලම අහිමිවූ අයෙක්ද? මේ සියල්ල බලාසිටින ප්‍රේක්ෂකයාගේ හිත් තුලට පොදින් පොද කාර්තික්ගේ වියෝගය පිරීමෙන් බරවන්නට පටන් ගන්නවා. එතැනදී කාර්තික් හඬනවා නම් පෙනෙන්නට නැහැ. නමුත් ප්‍රේක්ෂකයෝ සියලුදෙනාම ඔහු සමඟ කම්පනය උනත් ජෙසිකාට වෛර කරන්නට පෙළඹීමක් ඇතිවන්නේද නැහැ.

"..... ඔයාට ඕනේ තරම් කෙල්ලෝ හිටියනේ කාර්තික් යාලුවෙන්න. ඇයි මාවම හොයාගෙන ආවේ කාර්තික්? මම මොකද්ද කාර්තික් කලේ? මම නිකම්ම ඔයාව පහුකරගෙන ඇවිදගෙන ගියා විතරයිනේ.... ඇයි මගේ පස්සෙන් ආවේ කාර්තික්"

ඒ තමයි ජෙසිකාගේ ප්‍රශ්නය. කාර්තික්ට පිළිතුරු දීගත නොහැකිවුණු ප්‍රශ්නය!


ආදර කතාවකට තිබිය හැක්කේ අන්ත දෙකයි. සුඛාන්තයේදී දෙදෙනාගේ එක්වීම විවාහයකින් තහවරු වනු ඇති. දුඛාන්තයකදී සිනමාකරුවන්ට බොහෝවිට දෙදෙනාගෙන් කෙනෙකු හෝ මරාදමන්නට සිදුවනු ඇති. නමුත් දුඛාන්තයක් තිබිය නොහැකිද, දෙදෙනාම යහතින් සිටින?

කාර්තික්ගේ ප්‍රේම කතාව මෙම වියෝවෙන් ඔබ්බට ගොස් නව මානයකට විහිදෙනවිට, 'ඊළඟට මොකද වෙන්නේ' සහ 'සියල්ලෝම සතුටෙන් විසිර ගියෝය' තත්වයක් ලැබෙනාතුරු ප්‍රේක්ෂකයා තුල නොමද අරගලයක් සහ බලාපොරොත්තුවක් ගොඩනගන්නට හැකිවීම රංගන ශිලිපින්ගේ දක්ෂතාවයක්.

අප බලාපොරොත්තු පෙනී පෙනීම අඩපණ කලත්, අධ්‍යක්ෂකවරයා විසින් යොදාගන්නා නවමු ප්‍රයෝගයක් නිසා ප්‍රේක්ෂකයා තුල ඉජ්ජාභංගත්වයක් ඇතිවන්නේ නැහැ. ඒ හැමටම වඩා අවසානයන් දෙකක් දකින චිත්‍රපටයක් ලෙස සැලකුවහොත්, දුඛාන්තයක් පතන අයත් සුඛාන්තයක් පතන අයත් යන කිසිවෙකුත් සිය හිත නොතලාගෙන ප්‍රේක්ෂකාගාරයෙන් නික්මෙන්නට ඉඩ තිබෙන්නේ සුන්දර මතකයක් සමඟයි.

නමුත් පුද්ගලිකව මගේ නම් හිත බොහොම රිදුනා. ඒකත් සුන්දර රිදිල්ලක්. ඒකට නම් කාගේවත් වරදක් කියන්න බැහැ.

මගේ ආසම ජවනිකාව තිබෙන්නේ ජෙසිකා , කාර්තික් ගෙන් ඔහුගේ අලුත් පෙම්වතිය විස්තර කරන ලෙස ඉල්ලන අවස්තාව. එය ඉතාම සියුම්, කම්පිත අවස්තාවක්. පසුබිම් සංගීතය පවා එකවරම අපට නෑසී යනවා. ජෙසිකාගේ වගේම අපෙත් හදවත කඩාගෙන යනවා.

ජෙසිකා: 'එයාව විස්තර කරන්න කාර්තික්' ( උයන් කොනක බංකුවේ දෙපස සිටින කාර්තික් සහ ජෙසිකා)


සමස්තයක් ලෙස ගත්කල ප්‍රධාන නළු - නිලි දේපල අතිශය සියුම්, පැසසිය යුතු මට්ටමක රංගනයක් දක්වා තිබෙන බව නම් මම අත්දකිනවා. අනෙකුත් සියලුම සහය චරිත ඉතා සාධාරණ ආකාරයෙන් ඒ ඒ චරිතවලට සාධාරණයක් ඉෂ්ඨ කරනා නිසා එකිනෙකාට ඉතාම හොඳින් උපකාර වනවා. සංගීතය අතින් පවා රහුමාන් විසින් සිය රෝමාන්තික තැවරුම හොඳින් හසුරවා තිබෙනවා.

එසේ තිබියදී, මෙවන් සිනමාපටයක් වෙනුවෙන් සත්සමුදුරක් තරණය කර පියඹා එන්නට පවා කෙනෙක් පෙළඹෙන්න හැකියි නොවේද?

සිනමාපටය: Vinnaithaandi Varuvaayaa
අධ්‍යක්ෂක: Gautham Menon
ප්‍රධාන නළුවා: Silambarasan
ප්‍රධාන නිළිය : Trisha Krishnan
ධාවන කාලය: මිනිත්තු 157
තිරගතකල වසර: 2010

https://en.wikipedia.org/wiki/Vinnaithaandi_Varuvaayaa

මෙම සිනමාපටයේ ලැබුණු සාර්ථකත්වය නිසාම හින්දි භාෂාවෙන්ද රූගත කෙරුනා.
Ekk Deewana Tha



එක අවසානයක දර්ශනයක්: කාර්තික් සහ ජෙසිකා එකිනෙකා වැළඳගනිමින් සතුටුවීම
ප.ලි. නළුවෙක් තුල මා දකින කැරිස්මා එකක් තිබීම නිසා 'සිමබු' ගැන අධිතක්සේරුවක් ලෙස මෙම විචාරය ලිය උනාදෝ කියලා හිතුනත්, එය සාධාරණීකරණය කරන්නට නෙවෙයි මේ ටික ලියන්නේ.

සිමබු , ඔබ මේ සිංහල නොකියවන හින්දාම හොඳයි, ඔබ තුල ඇත්තේ 'එම' ආකර්ෂණයයි. ඔබේ රංගනය 'එයමයි' ! ඇත්තටම එයින් මම හොඳටම රිදුන.





12 comments:

  1. කඩදාසි කොලේ කියන නම මේ බ්ලිග් එකට ගැලපෙනවා..මොකද සමහර පෝස්ට් කියවන්න බලනකොට ලිපේ දාපු කඩදාසි කොලේ වගේ අතුරුදහන්..
    මේ විචාරය නම් චෙෆාකි කියුව වගේ සෑහෙන්න සංයමයෙන් ලියලා.. මට කියවද්දී හිතිච්චි දේත් පහලින් සඳහන් කරල.. මොකද ඒ වගේමනම් ඉතිං ඒකෙන් මිදෙන්න අමාරුනේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට මේ ජින්ජ මංජරි හරි යන්නැ , අඩුම තරමේ හූ නෙක් කැරපොත්තෙක් අල්ලන්නැ ,

      Delete
  2. ගෞතම්ගේ ෆිල්ම් එකක මම වැඩකරල තියනවා , මට මතක විදිහට ඒක " කාක කාක " ද කොහෙද , ඒක ටැමිල් එකක් පස්සේ ඒක , පස්සේ කේරළ හරි ,තෙලිඟු හරි වලින්ආයෙත් කලා , කලින්එකේ හිටියේ සූර්යයා ජෝතිකා ඩබල ,පස්සෙඑකේ හිටියේ වෙ න් ක ටේ ෂ් කියන නලුවා සහ අළුත් නිලියක් , වෙන්කටේෂ්ට තොල් ඉඹින්ඩ දෙන්න බැ කියල හෙන ගිණි විජ්ජුම්බරයක් කලා , ඒකත් හෙන පට්ට ලව්ස්ටෝරියක් කොල්ල ඔය අපේ රටේ වගේ , ආයුධ පෙන්වන්ඩ එක්ක ගිහින් ඩිෂුම් කියන යුනිට් එකක පොර ක් , කෙල්ල ගුරු හොරි යක්ද කොහෙද ,
    පස්සේ ඉතින් ෆිල්ම්එකේ වෙලෙ සුදාල දෙමටගොඩ චමින්ද ල , නාවල නිහාල්ල , දම්මිකල , චින්තකල , ජීබෝයිල , ඕල්කට්ල , ප්‍රීන්සල ,කෙලාඩ්ල විතරක්නෙමෙයි සරං අදින පද්මසිරි ත් පොලිස් අයියට ගේම දෙන්ඩ බැරි කොට කෙල්ලට ඩිගිසි ඩිගා කරල හරි පලි ගන්ඩ සෙට්වෙන වා

    ReplyDelete
    Replies
    1. ආ කියන්ඩ අමතක උනා පස්සෙ බයිස්කෝප් එකේ හිටි වෙන්ක ටේෂ් දේශපාලන කේස් එකක් ,

      Delete
    2. පස්සේ කෙල්ල ව හොරාට බැදලා එක්කං එනවා කැලයමැද්දේ වැවක් අයිනෙ පාළු ලීවලින් හදපු ගෙදරකට , පැණි හඳ කන්ඩ බං , පැණි හඳ කන්ඩ , අර දෙවනි ෆිල්ම්එකේ නං අද ගඩා අද ගඩා අන්ඩා නන්ඩි යෙද කුඩාද මොකක්ද සින්දුවතිබුනේ , පලවෙනි දෙමල එක ඊට ලස්සනයි ,

      Delete
    3. ඔය හනිමූන් නයිට් එකයි , ( ඔව් ඔව් උම්මා කරන එව්වා , ඉටිපංදං එලි යෙං ) සහ සින්දුවක් තමයි ලංකාවෙ රෑපගතකෙරුවෙ , බ්ලැක් ෆුල් එ ක එපිටහ ලස්සනසෙට් එකක් ගහලා , හිනිමුන් නයිට් එකයි , සින්දුවයි කෙල්ලව මරල , මැරුන කියල හිතල කොල්ල ව වතුරට දාන ෆයිට් එකයි ,

      Delete
    4. ඔක කරන්ඩ වතුරේ යන බෝට්ටුව පෙරලිල‍ා , තවපොඩ් ඩෙං නලු නිලි සැට් එකම සෙත්ත පොච්චි , ඔය ගෛෟතම්ලොක්කා ක්‍රීම් කැකර් කනවා පොල් එක්ක

      Delete
    5. මමත්මේ දවස්වල වල සික්‍රීප්ට් එකක් ලියනවා ,ලෝ බජට් ෆිල්ම් එකකට ගේ කපල් එකක් මැද්දට ගෑණු ළමයෙක් ඇවිත් වෙච්ච හැල හැප්පීම් ගැන ,

      Delete
    6. Gay එකෙක්ගෙ පාර්ට් එකද? ගෑණු ළමයගෙ පාර්ට් එකද අටමො චෙෆාට දෙන්නෙ?

      Delete
    7. @ ඉයන් .............මම මෙයාට දෙන්න ඉන්නේ ගේ කපල් එකට පහසුකං සපයන කෙනාගේ චරිතය , තව ඕන නං ( දැං දෙකක් ඉල්ලනවනේ ) ගෑණු ළමයගේ ආතාගේ කැරැක්ටර් එකත් දෙනවා ) තව චරිත කිහිපයක් තියනවා ඒවා කාටවත් දෙන්න බැ , ෆෝඩියුස් කරන කට්ටිය ඒවා ඉල්ලලා තියනවා , එකම එක චරිතයක් තියනවා ...ඒකත් දෙන්න විදිහක් නැ ....ඒක මම පිටපත ලියනකොටම ලියුවේ ගස් ලබ්බට දෙන්න

      Delete
  3. කොමෙන්ටු දැමු සැමට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හා කෝ හාකෝ .................ඔහොම යන්න හදන්නේ කොහෙද

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...