Sunday, August 14, 2016

24. කවි නොදත් කවියෙකුට ලියමි....


අහස ගිගිරුම් හලද සියවර - නැතත් කොලමල් පැතුම් තෙමුවේ 
පහස ඉල්ලන පියුම් දියවර - බිඟුන් නොදැකම පෙතිද සැලුවේ 
රහස පවසන සුළඟ එකවර - මදින් මත්වී සුසුම් සැලුවේ 
වෙහෙස සිඳලන එවන් මහමෙර - සිතින් ගොලුවී සිනා සිළුවේ 


අතුපතර රන් සියත් නොමැතිද - දෙඅත් මා නොමුදන ඔබේ 
සොමි සුනෙර මුදු රිදුම් අයැදිද  - හඬන හිත වලකමි ඉබේ 
විලි දුරැර හිරු කිරණ නොමැතිද  - ගැඹුරු පතුලක සුව ලැබේ 
බලකුවෙර සුවිසල් ගසක්වෙද - රැකවරණ ලබනා නුඹේ 




17 comments:

  1. හැඩයි... ලස්සනයි..!!

    ReplyDelete
    Replies
    1. කවියද , ලිඛිතද?

      Delete
    2. උඩ සාක්කුවේ නේද අර කිව්ව කොලේ තියෙන්නේ?? කඩදාසි කොලයක්ය කියලනේ කියන්නෙත්!! හි හි හි

      අනේ මේ ඉයන්...... ප්‍රා ගේ නහය මොකද්ද වෙලානේ. ඔලුවේත් සම්බන්ධයක් තියෙනවා ලෙඩේට. උත්සන්න වෙන්න දෙන්න එපා ඔන්න ගෙඩි පිටින්ම 10,000/= නේද?

      Delete
  2. WOW
    100%
    ++++++++++++++++++++++++++

    ReplyDelete
  3. WOW
    100%
    ++++++++++++++++++++++++++

    ReplyDelete
  4. WOW
    100%
    ++++++++++++++++++++++++++
    Take a bow. THis shows you are an expert in this.
    Please send this to a newspaper / magazine.

    ReplyDelete
    Replies
    1. Thanks.... Nobody accepts my poems ;-) moreover, this is 'kadadasikole' anyway

      Delete
    2. Huh? Nobody? Oh..so we are nobodies?

      Delete
    3. Nobody is perfect! i.e. Only perfect guys accept her poems. Stay strong and positive :)

      Delete
  5. අහස තුට කඳුලින් බරව හිස - සිරස නැමුවා පාත පොළොවට
    වෙහෙස විඳි ඒ කඳුළු පිරිවර- ඇහි දාර පිස ගැලුවා ඉවතට
    පහස සොයලා දිය පියුම මත- තැබුව හාදුව බරව නැතුවට
    සහස වර දිවුරයි ඔබට සිත- ආදරෙයි අද හෙටත් මතුවට

    (කලබලෙන් ලියුවේ.. අද බිසී දවසක්.. වෙලාවක යමු දිගට කවි සංවාදයක්)

    ReplyDelete
    Replies
    1. අහස තුටු කඳුලින් බරව හිස - සිරස නැමුවා පාත පොළොවට
      වෙහෙස විඳි ඒ කඳුළු පිරිවර- ඇහි දාර පිස ගැලුව ඉවතට
      පහස සොයලා දිය පියුම මත- තැබුව හාදුව බරව නටුවට
      සහස වර දිවුරයි ඔබට සිත- ආදරෙයි අද හෙටත් මතුවට... (වෙන්න ඕනි)

      Delete
    2. මම මේ අහස පොලව ගැටගහමින් කල්පනා කලානේ මේ පද ටික ගැන! දැන්නේ නියම වර්ෂන් එක ආවේ.

      කල්‍යාණ.... ඇත්තටම නියමයි.. කවියකට කවියෙන් උත්තරයක් ලැබෙනවා කියන්නේ රාජ්‍ය සම්මානයක් මට නම්! ගොඩක් ස්තුතියි... තව ලියමුද?

      Delete
    3. ලියමු ලියමු.. අද නෙවෙයි.. මතුවට.. :)

      Delete
    4. කමීගෙ කවියට 70%. පෝස්ට් එකේ කවියේ වර්ස් එකකට පෙලි 4 ක්. එක පේලියට වාක්‍ය ඛන්ඩ 2 යි. ඒ වාක්‍ය ඛන්ඩ වල මුළ වචන සහ අවසන් වචනෙ රයිම් වෙනවා. පේළි 4 ට උඩ සිට පහළට රයිම් වෙන පද 16 ක්. මේක සම කරන්න අමාරුයි.

      Delete
    5. කවි ලියන්න ලේසියි.. තව කෙනෙක් ලියපු කවියකට උත්තර බඳින්න අමාරුයි.. විශේෂයෙන්ම විරිත එලිසම එලිවැට රකින සඳැස් කවි වල.. 70% කියන්නේ මං සෑහෙන්න හොඳයි

      Delete
  6. අක්කේ
    අක්කගේ කවි හරිම ලස්සනයි
    දිගටම මේ වාගේ කවි ලියන්න
    අපි එනවා බලන්න
    මං අක්කගේ කවි වලට ආසා මල්ලියෙක්

    ReplyDelete
    Replies
    1. හෑ !!????

      (බබා උක්කුන් මල්ලියෙක් වගේ... හෙහ්)

      හා මල්ලියේ... වරෙන්කො වරෙන්කො...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...