Wednesday, August 3, 2016

19. මගහැරුණු නුඹ



තාම මම එතැන ,
පිටත,
පොද වැස්ස හොඳටම...

නුවරුන් පිරෙන තැන,
ඇතුලත,
බද්දිය නගරශාලා බිම ....

යෙහෙළියන් හැරපියා ගියද
තෙතබරිතවම ඇවිදගිය
මදෙස,
දුටු දනන් කී රිදුම් වැකි ඇතිවද...

නාඳුනන දනන් හා දෙඩුම,
රිසි නොවන බව උගැන්මෙන්...
පිළිතුරු නොබැඳ ,
මගහැරුණ - පුන්නවර්ධන
නුඹ!

විශාකාවයි මම!






ප.ලි.  මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි, නාඳුනන පුද්ගලයෙකු/කණ්ඩායමක් විසින් කරනලද සරදමකට ප්‍රති උත්තර බැඳීම නිසා තමන්ගේ මධුර කටහඬ පෙන්නුම් කිරීම නිසාම පුන්නවර්ධන නම් සිය සහකරුවාට ප්‍රිය බිරිය වීමේ භාග්‍ය ලැබුණු විශාකා කුමාරිය... බැරිවෙලාවත් තමන්ගේ 'හැදිච්චකම' පෙන්නන්න කියා උත්තර නොබැඳ හිටියා නම්??? කියල 

මේ කියන දෙයක මෙලෝ අගක් මුලක් තේරෙන්නේ නැත්තම් මෙන්න මේවා කොටලා බලන්නකෝ 

විශාඛා සිටු කුමාරිය ගැන 
මෙතැන 
මෙතැන



10 comments:

  1. බැරිවෙලාවත් තමන්ගේ 'හැදිච්චකම' පෙන්නන්න කියා උත්තර නොබැඳ හිටියා නම්???

    වෙන මොකක් හරි වර්ධනයක් වෙයි

    ReplyDelete
    Replies
    1. මොකක් හරි 'පාලනයක්' වෙන්නත් ඉඩ තිබ්බ, නැද්ද?

      Delete
  2. //One day, the exquisitely beautiful Visakha, accompanied by her maidservants, was on her way to the river to bath,//

    එතකොට මන බඳන රූපයෙන් අගතැන් පත් විශාකාවද ඔබ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉයන්:
      ඉස්කෝලේ එහෙම ගිහිල්ල ඇති නෙහ් ? දෙකේ පන්තියේදී විතර 'මම සමනලයෙක්මි' වගේ මාතෘකා යටතේ රචනා එහෙම ලියල ඇති නෙහ් ?

      Delete
    3. චෙෆාකි :
      හැබෑට?? විශාකා පරද්දන්න හිටිය එක්කෙනෙක්... අම්රපාලි කියල. අහල තියෙනවද මන්ද.

      Delete
    4. තාම ඉස්කෝලේ යනව වගේ ප්‍රා!? දැන් නම් ඔයාගේ ලිස්ට් එක වෙනස් වෙලා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. anticipated errors are detected! I have AI here.. ;-)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...