Sunday, May 12, 2019

213. සුහදිනියේ - 18 | අවදානම් සැලසුමක්

කලින් කොටසට 




මගේ සැලසුමේ ඉතිරි කොටස සඳහා පිඹුරුපත් සකසමින් සිටියදී බලාපොරොත්තුව සිටි ඇමතුම පැමිණියේය. ඒ වනවිට අප රාත්‍රී ආහාරය ගෙන නිම වුනා පමණි.

"කියන්න සුන්දර්...!"

"දැන් මම ඉන්නේ ෆිල්ම් හෝල් එක ගාව"

"හරි ඔහොම්මම ඇවිත්.......... කලර් ලයිට් එක ගාවින් වමට දාලා.......... හම්බවෙන පාරේ ඉස්සරහට ඇවිත්...... කොලපාට ගේට්ටුව තියෙන තැනින්..... ඇතුලට දාන්න."

සුන්දර්ට මම පැවසුවේ මහල් නිවාසයේ පසුපස ගේට්ටුවේ සිට පැමිණෙන මම, නොපෙනන ස්ථානයයි. එය මම පෙර සිට පාවිච්චි කර ඇති බැවින් විශ්වාසයක් තැබිය හැකිය. සුන්දර් පවා නොදැනගතයුතු දේවල් ඇත.

වහ වහා මා සතු කළුපැහැති බොටම් කලිසම සහ කළුපැහැති ටී කමිසයට බැසගත් මම නිවසේ මගේ ඇඳුම් අල්මාරියේ තිබුණු කුඩා කොලිම්බියා පිහිය ඉනෙහි සඟවාගෙන , සාලයට ආවෙමි. මගේ දකුණු අතෙහි තිබුනේ සපත්තු දැමීමට භාවිතා කරන කළු පැහැති ඝනකම් අලි කකුල බෑගයයයි. එය වඩාත් සමාන වුයේ ගෝනියකටයි. එය තුල මට අවැසි දේ පරිස්සමට ඔතා තිබිණි.

මෙගේ වෙනස ඉව වැටුණු මධුලිකා නිවසේ දොරතෙක් මා සමඟ පසු ගමන් ආ බැවින් ආපසු හැරී එක වරක් ඈ දෙස බැලුවේ සමුදෙන අදහසින්ම නොවේ. අපගේ දෑස් හමුවිය. කිසිදු කතාබහක් නොවුනද මම කුමක්හෝ දෙයකට අර අදින බව ඇයට වැටහුණි යයි පෙනුනි. මධුලිකා මගේ දකුණතේ ඉහල බාහුව උණුසුම්ව අල්වා ගත්තාය.

"පරෙස්සමෙන්!"

Sunday, May 5, 2019

213. සුහදිනියේ - 17 | ඔත්තුකරුවන් පසුපස ; විශ්වාස කරන්නේ කවුරුන්ද?

කලින් කොටසට 



සිහින් ඉකියක හඬින් මම නින්දෙන් පිබිදුනෙමි. ඇස් අරිද්දීම වම් අතෙහි වේදනාව ඉතා තදින් දැනෙන්නට විය. අඩ අඳුරට ඇස් හුරුවෙමින් මම ඉකිය නැගෙන්නේ කොහින්දැයි සොයන්නට වීමි. අඳුරේ මගේ සයනය අද්දර වූ පුටුවට වී, මට පිටුපා ඉකිබිඳිමින් උන්නේ මධුලිකාය.  නළල මත යම් සීතලක් දැනී එය අල්ලා බැලු විට, එහි වතුරෙන් පොඟවනලද ලේන්සුවක් විය.

"මධු.....?"

මම කතාකරද්දී ක්ෂණයෙන් හැඩීම නවතාලු මධුලිකා නොසෙල්වී උන්නාය. ඉන්පසුව මා දෙසට හැරී මගේ දකුණු අත මත සිය අත තබා මා දෙස බැලුවාය. අඳුර බැවින් ඇගේ බැල්මේ කුමක් තිබුනාද කියා මට පෙනුනේ නැත.

"අඩුද? ඔයා හීනෙනුත් කෙඳිරිගෑවා..."

"............"

"ලයිට් එක දාන්නද?"

"එපා!"

හීනෙන් මෙන් මට සිදුවූ සියල්ල මතකයට ආවේය. විරංග මා ගෙනවිත් බැස්සු විට මට යම් තරමක උණක් තිබිණි. මා දුටුවනම භීතියට පත්වූ මධුලිකා යුහුසුළුව මට අවැසි උපකාර කලේ කකුලේ අපහසුව අමතක කරදමා මෙනි. ලේ වැකුණු ඇඳුම් මාරුකරන්නට විරංග උපකාර කල පසුව ඔහු පිටත්ව ගොස් මම කාමරයට ආවා මතකය. බෙහෙත්වල සැරට මට නින්ද යන්නට ඇත. අත සෑහෙන වේදනාවක් ඇතිකරයි.

මධුලිකා පුටුවෙන් නැගිට යන්නට මෙන් සැරසුනේය. මට ලොබ සිතුනි. වේදනාවට ආ කෙඳිරිය ඉබේම ඇරඹුනාට මම එය වැඩියෙන් කලාද?

".. යන්නේ... ඇයි ?"

මධුලිකා පිළිතුරක් දුන්නේ නැත.

".. වෙලාව කීයද ?"

මධුලිකා මගේ දුරකථනය ගෙන වෙලාව බැලුවාය.

"දෙකයි... පාන්දර දෙකයි"

මම ගොළුවී ගියද, සිත උණුහුම්ව නැගුණි.

"ඔයා නිදාගත්තේ නැද්ද?"

මධුලිකා පිළිතුරු දුන්නේ නැත. ඇය දැන් බොහෝ ගොළුය. ඒ කුමක් නිසාද? ඇගෙන් සොරාගත් පොඩි මොහොතක් නිසා මගේ 'කන පලන' බව කී මධුලිකාමද මේ?

Tuesday, April 2, 2019

212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

කලින් කොටසට 



වත්තෙන් පිටවී වහාම කොළඹ ආ මට ප්‍රමාද වන්නට කාලයක් නැත. නිමන්ති විසින් සියල්ල සකසා තිබිණි. මධුලිකා රුපලාවන්යාගාරය අසලින් බස්සවා මම නිවසට ගොස් හොරෙන්ම මා සතු හොඳම කෝට් ඇඳුම ගෙනවිත්, මධුලිකාගේ නිවසේදී ලක ලැහැස්ති වුයෙමි. පපුව වේගයෙන් ගැහුනේ බිය නොමැති වුවත් මම මේ කරන්නේ කවර ආකාරයේ වැඩක්ද කියා මටම සිතාගත නොහැකි බැවිනි. නිවසින් පිටවන්නට පෙර සේවිකාව මට වතුර වීදුරුවක් ඉදිරියට ගෙනාවාය. මට සිනාවක් නැගුනද, හදවතේ බර ගතියක් දැනුනි.

පිටත්වන්නට පෙර නිමන්ති ඇමතු මම එදිනට කුලියට ගත් වාහනය පදවාගෙන ගොස් රථගාලෙහි නවත්වා කණ්ණාඩියෙන් බලමින් හිසකේ හදාගතිමි.

විනාඩි පහළොවකින් පමණ දොර විවර කරගෙන ආවේ සුරන්ගනාවියකි! මධුලිකා අතිශය රමණිය සුදුපැහැති ගවුමකින් සැරසී මා ඉදිරියට ඇවිදගෙන එන්නීය. මා අන්ධයෙකු හෝ මෝඩයෙකු නොවේ... මම දුටු සුන්දරම මනාලිය ඇයයි...!

Sunday, March 31, 2019

211. සුහදිනියේ - 15 | විරංග නැවත එයි ; මධුලිකා කුමක් කරයිද?


 කලින් කොටසට 



මගේ පසින් තාරුක අයියාත්, මධුලිකාගේ පසින් නිමන්ති විසින් ගෙන ආ ඇගේ පුංචි අම්මාත් අත්සන්කොට එක්දින විශේෂ අවසරයක් යටතේ මමත් මධුලිකාත් විවාහ වූයෙමු.


මධුලිකා ඇගේ උපන්දිනය දින ඇඳගෙන උන් ගවුමත්, මම මා සතුව තිබුණු සුදුපාට ලිනන් කමිසයට ගැලපෙන ක්‍රිම්පාට කලිසමත් පමණක් හැඳ උන්නෙමු. කිසිදු විශේෂත්වයක් තිබුනේ නැත. නමුත් තැතිගැන්ම ඇරඹුණේ ඉන් පසුවය.

"අඩෝ... කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ඉඳල කෙහෙල් ගහටවත් කෙටුවද?"

සියල්ල අවසාන වනතුරු සිට , තාරුක අයියා බැරෑරුම් මුහුණක් දමාගෙන මට සමච්චල් කරන්නට වුනේ කිසිවෙකුට නොදැනෙන්නටය.

"උඹ කියපු ගමන්ම කැමති උනාද?"

"මම කිව්වා උඹ ඇම කාලා ඉන්නේ... නාස් ලණුව දාගන්න කියල.. මම කිව්වේ..! උඹ මොකක් හරි එකක් පටලවගන්නවා කියල"

"අඩෝ.. උඹ දැන් මට එහෙම කියන්නේ...."

"පිස්සු යකෝ.... මම විහිලුවට කියන්නේ.. බයවෙන්න එපා. මොකක් උනත් කෙල්ල නම් නියමයි. ඒමදිවට කෝටිපති කෙල්ලෙක්, උඹ ගොඩ !"

Tuesday, March 26, 2019

210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?

කලින් කොටසට 



නිමන්ති යොදාගෙන කන්‍යාරාමයේ තිබුණු මධුලිකාගේ ලියකියවිලිවල මුල් පිටපත් ගැනීම ව්‍යර්ථ වුයේ, ඒ වනවිටත් කිසිවකු විසින් ඒවා රැගෙන ගොස් තිබුණු නිසාය. අප ප්‍රමාද වූ පැය දොළහ ඇතුලත , ඒවා ගෙනගියේ කවුරුන්ද කියා හෝ කිසිම තොරතුරක් ලබාදෙන්නට නිමන්ති විසින් ලබාදුන් ලියකියවිලි බාරගත් කන්‍යා සොයුරිය එකඟ උනේ නැහැ. අඩු තරමේ ගෙනගිය කිසිවෙකුගේ හැඩහුරුකමක් පවා සඳහන් නොකලෙන් අප දෙදෙනා මහත් අසරණ උනා. ඒවා ගත්තේ වාසුලද? එසේ වුවා නම් තත්වය දරුණු විය හැකිය. ඔවුන්ට ව්‍යාජ ලියකියවිලි හදාගන්නට අවැසි සියල්ලම එහි තිබේ.

මධුලිකාගේ එවැනි ලියකියවිලිවල සහතිකලත් පිටපතක් හෝ ඇත්තේ පාසලේ පමණි. ඒවා සොරකම් කිරීමක් හැර වෙනත් විකල්පයක් තිබ්බේ නැත. එදිනම රාත්‍රියේ එම ගමන යන්නට මම නිමන්ති කැමතිකරවාගන්නට මධුලිකා මුනගස්වන්නට පොරොන්දු වන්නට සිදුවිය.

සවස හය පසුවී විනාඩි හතලිහට පමණ වේලාවකදී, මමත් නිමන්තිත් අප පාසලේ ඊසානදිග තාප්ප කොනේ හොරගල් අහුලමින් උන්නෙමු. තාප්පයේ ඇතුලතින් මුරකුටියේ නිදන්නේ ගෝමස් බව දන්නේ කොල්ලන් පමණි. ඒ ; සියලු පිරිමි ළමයින්ගේ හොර ගමන් වලට දොරටුව ඇරෙන්නේ එතැනින් බැවිනි.

තාප්පයේ ඉහළින් සවිමත් කඹය දමා, අනෙක් කොන ජීප් රථයේ ඉදිරිපස ගැටගැසූ මම, කඹයේ සවිමත් බව පිරික්සා සාක්කුවෙන් විදුලිපන්දම ගෙන මුව පසෙකින් සිරකරගතිමි.

"අනේ උසයි... නගින්න බෑ!"

Monday, March 25, 2019

209. සුහදිනියේ - 13 | සැකකටයුතු අයෙක්



කලින් කොටසට 

එදින සතියේ දවසක් බැවින් මල්ලි සුපුරුදු පරිදි පාසල් ගොස් සිටියා. එබැවින් ඔහු ආරක්ෂිතව පැමිණීම එතරම්ම ගැටළුවක් උනේ නැහැ.

අම්මාගේ පැමිණීමත් සමඟම මට තිබුණු පියාපත් කපාදමුවා වගෙයි. උදෑසන සිට මධුලිකා අමතන්නට ඉස්පාසුවක් නැතිවුයේ පියා සමඟ ගමන් කිහිපයකම නිරතවන්නට සිදුවූ නිසාය. ඔහු නොමැති දිනවලදී මම ගත් සමහර තීරණ ගැන ඔහු තුල යම් ප්‍රසාදයක් ඇතිවී ඇති බව මට ඉවෙන් මෙන් වැටහුණි.



"ලොකූ කැමති නැද්ද මගෙත් එක්ක මෙහෙම්මම වැඩ කරන්න? "

"..............."

"නැතිනම් මම වැඩියෙන් කැමතියි ඔයා එංගලන්තේ ගිහින් ඔයාගේ අධ්‍යාපන කටයුතු  එහෙම ඉවරකරගන්නවට"

දහවල් ආහාරයට නිවසට ආ පියා එලෙස කිව්වේ මමත්, අම්මාත් දෙදෙනාම එකිනෙකාගේ මුහුණු බලාගනිද්දී. මම කිසිවක් නොකියා 'බලමු' යයි පවසා හීන්සීරුවේ උඩුමහළට ගියා.

"ඔව් සෙනේ... මමත් කැමතියි පුතාව බිස්නස් වලට ගන්නවට. 'පොඩි' ඒවාට ආසා උනාට සෙල්ලක්කාර වැඩියි. "

අම්මා පහත් හඬින් කියූ දේ මගේ කන වැකුණේ අහම්බෙන් වගේ. අම්මා කොහොමත් මට වැඩිපුර ආදරේ බව මට දන්නා කාරණයක්. තවත් මොනවාදෝ පියා කියනවා ඇහුනත් එය පැහැදිලි නැහැ. මම සිටියේ කොයි මොහොතේ ගෙදරින් පැනගන්න අවස්තාවක් ලැබේදෝ යයි සිතමින්. තාරුක අයියා සමඟ සෑහෙන දේවල් සාකච්ජා කරන්නට තිබෙනවා.

මේ සියල්ලම අතර විරංග සම්බන්ධ කරගත නොහැකිවීම මා සෑහෙන මානසික පීඩාවකට ලක්කර තිබුනේ, ඔහුට අනතුරක්දෝ යයි සිත කියූ නිසයි. ඒ සියල්ලටම වඩා මධුලිකා දකින්නට ඇති ආශාව දැඩිව දැනෙන්නට උනා. ඊයේ රාත්‍රියේ අප අතරේ සිදුවූ කතාබහක් නොමැති තරම්.

Wednesday, March 20, 2019

208. සුහදිනියේ - 12 | වසන් කරන්නේ මොනවාද ?


කලින් කොටසට 

තාරුක අය්යායෙන් ලැබුණු තොරතුරු අහපු ගමන් මටත් විරංගටත් වැටහුනා අපි තාමත් ඉන්නේ පඹ ගාලක කියලා.

දැනගත්ත දේවල් වලට අනුව නම්, මධුලිකාට ලොකු දේපලක් එයාගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබිලා තියෙනවා. පවුලේ එකම කෙනා වෙච්ච ඇගේ අම්මාත්; අම්මාගේ අම්මාත් යන මේ සියල්ලෝම මිය යන්නට කලින් ඒවා ඈ වෙත පවරලා තියෙනවා.

නමුත් මේ කිසි කතාවකදී ආයෙමත් 'ස්ටීව්' කියා අයෙකු ගැන සඳහනක් තිබ්බේ නැහැ. ඒ වගේම මධුලිකා ඇගේ පියා ගැන තාමත් සඳහනක් කලෙත් නැහැ. ඒ ගැන රහස තිබ්බේ මමත් තාරුක අයියාත් යන දෙන්නා අතරේ විතරයි. මොකද්දෝ හේතුවකට මම ඒක ඒ මොහොතේ විරංගට නොකියා හිටියා. බොරුවක් කිව්වේ නැහැ ; නොකියා හිටියා ඇරෙන්න.

කොහොම උනත් මේ සියල්ලම විසින් මාව තව තවත් මධුලිකා සුරක්ෂිත කිරීමටම යොමු කරන්නට සිද්ද උනා. නොනවත්වාම ඇමතුම් ලබාදෙමින් චාපා මගේ හිසේ ඇම්මක් දක්වාම කරදරයක් වෙලා තිබුන නිසා ඇගෙන් පැමිණි අවසාන ඇමතුමට මම පිළිතුරු දුන්නේ තනිකරම බොරු වලින්මයි.

"උඹ චාපා ඩම්ප් කරන්නද හදන්නේ?"

Related Posts Plugin for WordPress, Blogger...