තුවාන්
අයියාගේ ඩිස්පැන්සරිය අසල නතර කල වාහනයෙන් බසින අප දෙදෙනා දුටු නැන්දා
ඉදිරියට පැමිණියේ අප්‍රමාණ සතුටිනි. මධුලිකා බදා වැළපුණු ඈ මා දෙස බයාදු
බැල්මක් හෙළුවාය.
"නැන්දා.... දැන් හොඳයි නේද? මම ඩොක්ට ට කිව්වා අපි එනවා කියලත්..."
"පින් සිද්ද වෙනවා මහත්තයා මාව බේරගත්තට. මෙහෙ මිසීලා හරි කරුණාවෙන් බලාගත්තා මාව"
සේවිකාව
කෘතඤපුර්වකව කියා සිටියදී මධුලිකා මගේ වමතේ එල්ලී සේවිකාව අනෙක් අතින්
අල්වාගෙන සිටීම නෙත ගැටුණු බව මට පෙනුනි. මගේ ඒ අත මධුලිකාගේ ඉන වටා ගොස් ඇගේ බඳ ග්‍රහණය කරද්දීම ඈ මගේ අත කෙනිත්තුවාය. සියුම් සතුටක් සමඟ අල්පෙනිති තුඩක
තරම් වන ලැජ්ජාවක් දැනුනි. මගේ සිත මහා නොසන්ඩාල බවින් යුතුය. මා සතු ඈ මෙතරම් දුරින් මා තබාගෙන සිටින්නේ කෙලෙසද?
ඒ කෙසේ වෙතත්, මධුලිකාගේ දෑස් මත ඇති සතුට ඈ තුල ඇති පොපියන තරුණකමට ආභරණයක් වැන්න.
"ලෙඩ නොවුනෝත් තමයි පුදුමේ! නැන්දා ලෙඩ උනේ මෙයා උස්සගෙන ආපු විදියටනේ "
මගෙත්ම මදක් ඈත්ව, ධුලිකා සිනහසෙමින් කීවාය.