Tuesday, February 11, 2020

237. මම සිහින දකිමි


Image result for kabhi kabhi + song


වරින් වර මා සිත මුමුණයි
නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව
මින් පෙර - තාරුකා අතර දිදුලමින් හිඳ,
නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි...

විටෙක මම සිතමි
ඔබ බුහුටි සිරුරද, දෑසද මටම හිමි බව...
තුරුපත් අතර සෙවනැලි සෙවන මට බව...
ඔබ දෙතොල් , කෝමල දෑත් මට අයිති බව...

විටෙක මම මවාගමි
මංගල බෙර වැයුම් මග දෙපස වැයෙතැයි...
මංගල රාත්‍රිය මේ දැන් එළඹතැයි..
නුඹ මුහුණ වසාලු සළුපට සෙමෙන් මම හරිතැයි..
නුඹ විලිබරව මා උරෙහි ගුලිවෙතැයි...

විටෙක මම සිහින දකිනෙමි
නුඹ මෙලෙසින්ම ප්‍රේමයෙන් මා හා
දිවි ඇති තුරා සිටිනා බව...
නුඹේ මේ පෙම්වත් බැල්ම
සැමදා මෙලෙසින්ම මා වෙත රැඳෙන බව...
දනිමි ඔබ මට ආගන්තුක බවද - නමුදු.........
මම සිහින දකිමි...




මේ ගීතය මම දකින බොහොම ප්‍රේමනීය ගීතයක්. අහන වාරයක් පාසා උනත් එපා නොවෙන ප්‍රමාණයේ රසයක් තියෙනවා. මේ ගීතයේ අර්ථය ගන්න පුළුවන් තරමින් උත්සහ කළා... අහලා බලන්නකෝ...




12 comments:

  1. හීතලේ තුරුල් වෙලා ඉන්න ටික ඇරෙන්න මෙලෝ දෙයක් තේරුනේ නෑ වීඩියෝ එකේ නම්.. ඒ උනාට සිංහලෙන් ලියපු ටික.. අපරාදේ හීනයක් වුනේ කියල දුක හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඒ ටික තේරුනාම මදැයි ඔය වයසට!

      මිට වඩා නම් ලස්සනට ලියන්න හැකියාවක් නැහැ ඒ පදපෙලේ තියෙන ගෘන්ගාරය වැටහෙන්න
      :) Thanks

      Delete
  2. මං වගේ හින්දි පිස්සියක්...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම!
      ගොඩක්ම හිත යන්නේ 70 දශකයේ සින්දු වලට. ඒවා මාරයි අනේ....

      Delete
  3. සුහදිනියේ, 31 කොටස අපිට ඕන ඉක්මනටම

    ReplyDelete
    Replies
    1. අනේ ඉන්ට අප්පා ඒ ළමයා ඩිංගක් අතුරුදහන් කරලා උන්නාවේ

      Delete
    2. හුටා කවුද අතුරුදහන් වෙලා තියෙන්නේ ? මාස දෙකක් විතර බ්ලොග් බලන්න බැරි වුනා හරියකට..

      Delete
    3. ඕන්න බලන්ටකෝ ඉතින් වැඩේ... අන්න අරෙහෙ අර ළමයා ආගිය අතක් නැහැ.. මෙයාලට වගේ වගක් නැහැ.

      Delete
  4. මේ මේ ඔය බහුබූත නැතුව අර මදුලිකා ගැන කියල ඉවරයක් කරනවද?

    ReplyDelete
    Replies
    1. හනේ ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනෙද වයසට මම අහන්නේ?

      Delete
  5. මෙම ගීතය "සුහදිනියේ" චිත්‍රපටයට තීක්ෂණ හා මධුළිකා එක්ව ගැයූ යුග ගීතයක්ද?

    මේ චිත්‍ර පට කථාවම සැබෑ ජීවිතේදීත් අමිතාබ්-ජයා-රේඛා අතර උනා කියලයි මට මතක! ඔය ගීතය ගයන්නේත් අමිතාබ්ම නේද?

    මම මේ ගීතය අසා තියෙනවා කීප වරක්ම කිසිදා අමතක නොවනා ලෙසකින්!

    ReplyDelete
    Replies
    1. මොකක් අහනවද මන්දා.. උන් දෙන්නා අන්න බැනගෙන තරහත් වෙලා මොන කභී කභී ද?

      රේඛා - අමිතාබ් දෙන්නගේ ඒ දවස්වල හුටපටයක් තිබ්බ බව ගොසිප් වල කියන්නේ. අපි ඉපදිලත් නැතිකොට මොනවා දන්නවටද මගෙන් අහන්නේ අනේ..

      නෑ , ඔරිජිනල් එක ගයන්නේ මුකේෂ්. වර්ෂන් දෙකක් තියෙනවා ගායිකාවකුත් කියන. ඒ කොටස කියන්නේ ලතා ජී. පස්සේ කාලෙක බච්චන් මේ ගීතය ගැයුවා. මොඩර්න් විදියට. හම්මේ ඒ සින්දුවට මම වහ වැටුණු තරමක්. සාධනා සරිගම් එක්ක කිව්වේ...

      මෙන්න සින්දුව
      https://www.youtube.com/watch?v=iw1wUkpFq5I

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...