Sunday, March 31, 2019
211. සුහදිනියේ - 15 | විරංග නැවත එයි ; මධුලිකා කුමක් කරයිද?
කලින් කොටසට
මගේ පසින් තාරුක අයියාත්, මධුලිකාගේ පසින් නිමන්ති විසින් ගෙන ආ ඇගේ පුංචි අම්මාත් අත්සන්කොට එක්දින විශේෂ අවසරයක් යටතේ මමත් මධුලිකාත් විවාහ වූයෙමු.
මධුලිකා ඇගේ උපන්දිනය දින ඇඳගෙන උන් ගවුමත්, මම මා සතුව තිබුණු සුදුපාට ලිනන් කමිසයට ගැලපෙන ක්‍රිම්පාට කලිසමත් පමණක් හැඳ උන්නෙමු. කිසිදු විශේෂත්වයක් තිබුනේ නැත. නමුත් තැතිගැන්ම ඇරඹුණේ ඉන් පසුවය.
"අඩෝ... කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ඉඳල කෙහෙල් ගහටවත් කෙටුවද?"
සියල්ල අවසාන වනතුරු සිට , තාරුක අයියා බැරෑරුම් මුහුණක් දමාගෙන මට සමච්චල් කරන්නට වුනේ කිසිවෙකුට නොදැනෙන්නටය.
"උඹ කියපු ගමන්ම කැමති උනාද?"
"මම කිව්වා උඹ ඇම කාලා ඉන්නේ... නාස් ලණුව දාගන්න කියල.. මම කිව්වේ..! උඹ මොකක් හරි එකක් පටලවගන්නවා කියල"
"අඩෝ.. උඹ දැන් මට එහෙම කියන්නේ...."
"පිස්සු යකෝ.... මම විහිලුවට කියන්නේ.. බයවෙන්න එපා. මොකක් උනත් කෙල්ල නම් නියමයි. ඒමදිවට කෝටිපති කෙල්ලෙක්, උඹ ගොඩ !"
Tuesday, March 26, 2019
210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?
කලින් කොටසට
නිමන්ති යොදාගෙන කන්‍යාරාමයේ තිබුණු මධුලිකාගේ ලියකියවිලිවල මුල් පිටපත් ගැනීම ව්‍යර්ථ වුයේ, ඒ වනවිටත් කිසිවකු විසින් ඒවා රැගෙන ගොස් තිබුණු නිසාය. අප ප්‍රමාද වූ පැය දොළහ ඇතුලත , ඒවා ගෙනගියේ කවුරුන්ද කියා හෝ කිසිම තොරතුරක් ලබාදෙන්නට නිමන්ති විසින් ලබාදුන් ලියකියවිලි බාරගත් කන්‍යා සොයුරිය එකඟ උනේ නැහැ. අඩු තරමේ ගෙනගිය කිසිවෙකුගේ හැඩහුරුකමක් පවා සඳහන් නොකලෙන් අප දෙදෙනා මහත් අසරණ උනා. ඒවා ගත්තේ වාසුලද? එසේ වුවා නම් තත්වය දරුණු විය හැකිය. ඔවුන්ට ව්‍යාජ ලියකියවිලි හදාගන්නට අවැසි සියල්ලම එහි තිබේ.
මධුලිකාගේ එවැනි ලියකියවිලිවල සහතිකලත් පිටපතක් හෝ ඇත්තේ පාසලේ පමණි. ඒවා සොරකම් කිරීමක් හැර වෙනත් විකල්පයක් තිබ්බේ නැත. එදිනම රාත්‍රියේ එම ගමන යන්නට මම නිමන්ති කැමතිකරවාගන්නට මධුලිකා මුනගස්වන්නට පොරොන්දු වන්නට සිදුවිය.
සවස හය පසුවී විනාඩි හතලිහට පමණ වේලාවකදී, මමත් නිමන්තිත් අප පාසලේ ඊසානදිග තාප්ප කොනේ හොරගල් අහුලමින් උන්නෙමු. තාප්පයේ ඇතුලතින් මුරකුටියේ නිදන්නේ ගෝමස් බව දන්නේ කොල්ලන් පමණි. ඒ ; සියලු පිරිමි ළමයින්ගේ හොර ගමන් වලට දොරටුව ඇරෙන්නේ එතැනින් බැවිනි.
තාප්පයේ ඉහළින් සවිමත් කඹය දමා, අනෙක් කොන ජීප් රථයේ ඉදිරිපස ගැටගැසූ මම, කඹයේ සවිමත් බව පිරික්සා සාක්කුවෙන් විදුලිපන්දම ගෙන මුව පසෙකින් සිරකරගතිමි.
"අනේ උසයි... නගින්න බෑ!"

Monday, March 25, 2019
209. සුහදිනියේ - 13 | සැකකටයුතු අයෙක්
කලින් කොටසට
එදින සතියේ දවසක් බැවින් මල්ලි සුපුරුදු පරිදි පාසල් ගොස් සිටියා. එබැවින් ඔහු ආරක්ෂිතව පැමිණීම එතරම්ම ගැටළුවක් උනේ නැහැ.
අම්මාගේ පැමිණීමත් සමඟම මට තිබුණු පියාපත් කපාදමුවා වගෙයි. උදෑසන සිට මධුලිකා අමතන්නට ඉස්පාසුවක් නැතිවුයේ පියා සමඟ ගමන් කිහිපයකම නිරතවන්නට සිදුවූ නිසාය. ඔහු නොමැති දිනවලදී මම ගත් සමහර තීරණ ගැන ඔහු තුල යම් ප්‍රසාදයක් ඇතිවී ඇති බව මට ඉවෙන් මෙන් වැටහුණි.
"ලොකූ කැමති නැද්ද මගෙත් එක්ක මෙහෙම්මම වැඩ කරන්න? "
"..............."
"නැතිනම් මම වැඩියෙන් කැමතියි ඔයා එංගලන්තේ ගිහින් ඔයාගේ අධ්‍යාපන කටයුතු එහෙම ඉවරකරගන්නවට"
දහවල් ආහාරයට නිවසට ආ පියා එලෙස කිව්වේ මමත්, අම්මාත් දෙදෙනාම එකිනෙකාගේ මුහුණු බලාගනිද්දී. මම කිසිවක් නොකියා 'බලමු' යයි පවසා හීන්සීරුවේ උඩුමහළට ගියා.
"ඔව් සෙනේ... මමත් කැමතියි පුතාව බිස්නස් වලට ගන්නවට. 'පොඩි' ඒවාට ආසා උනාට සෙල්ලක්කාර වැඩියි. "
අම්මා පහත් හඬින් කියූ දේ මගේ කන වැකුණේ අහම්බෙන් වගේ. අම්මා කොහොමත් මට වැඩිපුර ආදරේ බව මට දන්නා කාරණයක්. තවත් මොනවාදෝ පියා කියනවා ඇහුනත් එය පැහැදිලි නැහැ. මම සිටියේ කොයි මොහොතේ ගෙදරින් පැනගන්න අවස්තාවක් ලැබේදෝ යයි සිතමින්. තාරුක අයියා සමඟ සෑහෙන දේවල් සාකච්ජා කරන්නට තිබෙනවා.
මේ සියල්ලම අතර විරංග සම්බන්ධ කරගත නොහැකිවීම මා සෑහෙන මානසික පීඩාවකට ලක්කර තිබුනේ, ඔහුට අනතුරක්දෝ යයි සිත කියූ නිසයි. ඒ සියල්ලටම වඩා මධුලිකා දකින්නට ඇති ආශාව දැඩිව දැනෙන්නට උනා. ඊයේ රාත්‍රියේ අප අතරේ සිදුවූ කතාබහක් නොමැති තරම්.
Wednesday, March 20, 2019
208. සුහදිනියේ - 12 | වසන් කරන්නේ මොනවාද ?
කලින් කොටසට
තාරුක අය්යායෙන් ලැබුණු තොරතුරු අහපු ගමන් මටත් විරංගටත් වැටහුනා අපි තාමත් ඉන්නේ පඹ ගාලක කියලා.
දැනගත්ත දේවල් වලට අනුව නම්, මධුලිකාට ලොකු දේපලක් එයාගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබිලා තියෙනවා. පවුලේ එකම කෙනා වෙච්ච ඇගේ අම්මාත්; අම්මාගේ අම්මාත් යන මේ සියල්ලෝම මිය යන්නට කලින් ඒවා ඈ වෙත පවරලා තියෙනවා.
නමුත් මේ කිසි කතාවකදී ආයෙමත් 'ස්ටීව්' කියා අයෙකු ගැන සඳහනක් තිබ්බේ නැහැ. ඒ වගේම මධුලිකා ඇගේ පියා ගැන තාමත් සඳහනක් කලෙත් නැහැ. ඒ ගැන රහස තිබ්බේ මමත් තාරුක අයියාත් යන දෙන්නා අතරේ විතරයි. මොකද්දෝ හේතුවකට මම ඒක ඒ මොහොතේ විරංගට නොකියා හිටියා. බොරුවක් කිව්වේ නැහැ ; නොකියා හිටියා ඇරෙන්න.
කොහොම උනත් මේ සියල්ලම විසින් මාව තව තවත් මධුලිකා සුරක්ෂිත කිරීමටම යොමු කරන්නට සිද්ද උනා. නොනවත්වාම ඇමතුම් ලබාදෙමින් චාපා මගේ හිසේ ඇම්මක් දක්වාම කරදරයක් වෙලා තිබුන නිසා ඇගෙන් පැමිණි අවසාන ඇමතුමට මම පිළිතුරු දුන්නේ තනිකරම බොරු වලින්මයි.
"උඹ චාපා ඩම්ප් කරන්නද හදන්නේ?"
Monday, March 18, 2019
207. සුහදිනියේ - 11 | අළුත් වෙනසක් ?
කලින් කොටසට
මට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. රෑ උන ගමන් ක්‍රියාත්මක වෙච්ච මම, පොඩි පහේ අරගලයකින් පස්සේ මධුලිකාව ෆ්ලැට් එකට අරගෙන ගියා.
ෆ්ලැට් එක කාමර තුනක් තියෙන හුරුබුහුටි තැනක්. ලොකු කාමරේ කොහොමත් මගේ බඩු තිබුන නිසා, ඊට එකෙලාම විරුද්ධව තිබ්බ මධ්‍යම ප්‍රමාණයේ කාමරේ මධුලිකාට ලෑස්ති කළා. අනිත් කාමරේ තිබ්බේ මගේ එක එක බඩු විතරයි. මධුලිකාට දීපු කාමරේ කවුළු සියල්ලම තිබ්බේ ඇතුල් පැත්තට නිසා මධුලිකාව බැල්කනියෙන් පාරේ යන කෙනෙක්ට පෙනන්නට තියෙන අවස්ථාව අඩුයි.
මුලින්ම ලොකුවට විරෝධතාවය දැක්වුවත් අපි කියපු විස්තර අහපු මධුලිකා මගේ කීම අහලා ඒ තීරණේට කැමති උනේ ; මගේ කාමරේ අස්සේ ඉන්න එක එතරම්ම හොඳ නැති බව තේරිලා වෙන්න ඇති.
ජීප් එක අඳුනන නිසාත් ; ෆ්ලැට් එකේ සෙකියුරිටි එක්ක මම යාලු නිසාත් වඩාත් ආරක්‍ෂිත විදියට වැඩේ කරගන්න පුළුවන් උනා. ඒත් අපිට වැරදුනු එක තැනක් තිබ්බා.
ඒ තමයි ; මධුලිකාගේ තනියට මෙතන තියන්නේ කවුද කියලා නොහිතපු එක!
Wednesday, March 13, 2019
206. අමල්බිසෝ || sailing
දළ රල පෙළ මැදින
ඔබ හසුරවයි ඔරුව,
පෙරලෙන්න නොදෙන වග
උදා ඉර ලෙස නිසැක..
සගයින්ට නැත ඉඩක්
වන්ට කිසි බිය කරුණ,
උන්ට ඇත සෙල්මුවා
රැකවරණ....
ලපටි පොඩි උන් එක්ක
වහල ඉගිලෙන පැලක,
කන්ට පිරියක් නැතත්
බැත උයා පිරිමසමි...
හසුවේද රනින් කල
මසෙක් - මා නැති දොහට?
රන් පොරව පිරික්සුම
නිසැක දිනනා උඹට,
මවාවිද කාසිපොදි ,
දෙවියන්ට හිතු ලෙසට ?
ගින්දරයි
මගේ පපුව!
මාළු ඇඹුලෙන් හදා
සම්බෝල ඔතාදෙමි,
ඒ උනත් මම උඹට...
~~මන්ජි
Monday, March 11, 2019
205. අළු මත මල් | recover
දළඹුවකු විලසින
නේක කපුටන්
- තුඩට හසුවී
ඇනී ; ගැළුවාය රුධිරය...
කෝෂක සුරැකිව
වෙළුමෙන් ඔසුව - ලදිනි - ඈ
සරන්නේ
නෙක පාට පියාපත් විදාගෙන!
~~~මන්ජි
ප.ලි:
අපි ජිවත් වෙන්නේ ළමා දිනයේදී බවුන්සර් දාගෙන පාටි දාන, අනිත් දවස් වලට කිරි දත් පෙන්න පෙන්නා , වැඩිහිටි සින්දු කියනකොට SMS ගහලා ඒ ළමයින්ගේ ළමා කාලය කෙලෙසන සමාජයක. සමාජයක සුරක්ෂිතභාවය පෙන්වන සාධක වලින් එකක් තමයි ඒ සමාජය තුල ගැහැණුන්ට සහ දරුවන්ට ඇති සුරක්ෂිතභාවය කියන කාරණාව. මම හිතන්නේ ලාංකික සමාජයේ ඒ කාරණාව දරුණු අන්දමින් පහලට වැටීගෙන යනවා කියන එක. එක පැත්තකින් බාලවයස්කාර මිනීමරුවන් සහ එවන් තත්වයකට පත්වෙච්ච දරුවෙක්ට සමාජය විසින් දක්වන අධි ප්‍රතිරෝධය හමුවේ ; කවදාවත් හැදෙන්න බැරි තත්වයට වැටෙන ගැහැනුන් සහ දරුවන්ගෙන් මේ සමාජය පිරිලා.
එහෙමත් කෙනෙක් තමයි අළු අතරින් නැගිටලා එන්නේ. ඒකත් මනුසත්බව ලබනවා වගේ දුර්ලභ කාරණාවක්. සමහර වෙලාවට අහම්බයක් වෙලා.
අහන්නත් දෙයක්ද, මිනිස්සු කවුරුත් දැන් මිරකල්ස් විශ්වාස කරන්නේ නැහැ !
Wednesday, March 6, 2019
Sunday, March 3, 2019
203. සුහදිනියේ - 10 | අලුත් හෝඩුවාවක්
කලින් කොටසට
ඔතරම් බය උනාට වත්තෙන් පණිවිඩයක් මිසක් වෙන කරදරයක් නැතුව ඉතුරු විනාඩි තිහ ගෙවෙනකොට මල්ලි ඇතුළු කට්ටිය ගෙදරට සේන්දු වෙනවා ඇහුනා. තාත්තා ගෙදර නැති එකෙන් මට තිබ්බ වාසියට වඩා පාඩුව දැනුනේ වත්තේ ඔෆිස් එකෙන් එන අනේක විධ ගැටළු මැද්දට අහු උනාමයි.
දවල් කෑම එක හොඳටම තිබ්බේ බියර් එකක් ආපු නිසාද නැතිනම් මගේ කාමරේ කෙල්ලෙක් ; මගේ හිත ගත්ත කෙල්ලෙක්; ඉන්න නිසාද කියලා මට වෙන්කරලා කියන්න අමාරුයි.
ඉරිදා දවසක් නිසා මල්ලි එලියට දාගන්න විදියක් නැතුව මම කල්පනා කලේ එකම තට්ටුවේ ; එකිනෙකට මුහුණලා තිබ්බ කාමර දෙකක ඉඳගෙන මල්ලිගේ ඇස් වලින් , මේ මහා දවාලේ කෙල්ලෙක් හංගගෙන ඉන්න එක එතරම් ලේසි නැති නිසා.
විසඳගන්න තිබ්බ ප්‍රශ්න වලින් මුල්ම එක උනේ මධුලිකාගේ ප්‍රශ්නය පටන් ගන්නේ කොහෙන්ද කියන එක. කරන්න තිබ්බ වැඩ වලින් මුලින්ම තිබ්බේ මගේ දුරකථනය හොයාගන්න එක. ඔක්කොටම වඩා මට කරගන්නම බැරුව තිබ්බේ මධුලිකාව කාමරේ දාලා මේ එක වැඩකට හරි එලියට යන එක. එක පැත්තකින් අපිව මැරයින්ට අහුවෙයි කියන බය, අනික් පැත්තෙන් මධුලිකාව ගෙදර උන්ට අහුවෙයි කියන බය.
කාමරේ තිබ්බ සෝපාවේ වැටිලා ඉන්න මධුලිකාට එක විදියකට ඉන්න බැරුව දඟලනකොට මමත් පොඩ්ඩක් උදව් කරන්න ආවත් කෙල්ල නෙවෙයි ඒකට ඉඩ දුන්නේ. සමහර වෙලාවට චාපා එක්ක ඊයේ වෙච්ච දේ ගැන තාමත් හිතේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මොකද්දෝ හේතුවකට මට පොඩියට වගේ ලැජ්ජාවක් දැනුනා තමයි. වඩාත්ම එහෙම වෙන්න ඇත්තේ මේ කෙල්ලගේ තිබ්බ ඒ අමුතු ආඩම්බරකමට ; දරදඬුකමට නොනැමෙන මගේ හිතේ වෙන්න ඇති.
වරින් වර කෙරුණු කතාබහෙන් මම සිද්ධියේ දළ සැකිල්ලක් ගහගත්තා. මම අනුමාන කරන විදියට මධුලිකාට අවුරුදු 18 වනවිට කලයුතු; කල හැකි හෝ උරුමයක් තිබෙන දෙයක් ගැන උනන්දුවෙන කෙනෙක් විසින් තමයි ඈව පැහැරගන්න ඇත්තේ. කවුරු නමුත් ඒ පුද්ගලයා මධුලිකාගේ ඒ සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එක්කෝ නීතිය දන්නා; නමුත් හොඳින් හෝ නරකින් ඉටුකරගන්න යමක් තියෙන කෙනෙක් වෙන්න ඇති.

Subscribe to:
Posts (Atom)