Monday, July 23, 2018

186. අයිතිකාරි || suger lil





දඟකාර පොට්ටනිය උඹ
තත්පර දෙක තුනක්වත්
එකතැන නොරඳන හැටි!

උදේට බැරිනම් රෑට
රෑට බැරි උනොත් දවල්ට
වෙලාවක් නැතිම නම් හිතූ වෙලාවට..
කටු අත්ත වගේමයි
පැටලෙන්නේ - මා එක්ක!

ඔරෝගෙන ඔය සුදු මූන
තාර හොට හදාගෙන
කොණ්ඩ ගස් කටෙන් හප හප
විස්සෝප වෙනකොට
ඉන්න බෑ මටත් එතකොට
ලොකුකම ඉබේම කුණු කුඩේට!




13 comments:

  1. ඒ පෙනුම තියෙද්දි කොහොමද ලොකුකම පෙන්නන්නෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔරෝගෙන සුදු මූණ.. තාර හොට හදාගෙන.. අපේ ඒකිට කියන්න ඕනි ගිහිං.. :D :D ලිඛිත ආන්ටි කියුවයි කියල..

    ReplyDelete
    Replies
    1. මොකක් ලිඛිතා ආච්චි?

      Delete
    2. මං කිව්වාය කියල කිව්වොත් නම් විස්වාස කරයි. නැතුව ඉතින් සේෆ්ටියා ඔහොම කොහොම කියන්නද

      Delete
    3. තට්ටයා: ආච්චිලාගෙන් තමයි ආදරේ ඉගෙනගන්න වෙලා තියෙන්නේ

      Delete
    4. ආච්චිලාත් අහක බලන කාලයක් මේක!

      Delete

  3. සියපතක් ලෙසින් නුඹ
    දෝතින්ම නෙලාගෙන;
    බුදු පුදට රැගෙන යන
    ලෙසින් රැක බලාගෙන......!
    නිදි නැතිව ඉදිකිරන
    ගෙවී ගිය දින ගනන.....!
    උඹේ පතුල සිඹ මදිව
    දිවෙන් එහි රස බැලුව.....!
    හිතේ ගිනි මත ඉදුන
    හබුං කට බත් දෙමිට;
    කවන්නට කිව් නුඹට
    මහ පුදුම කතන්දර......!
    රෑ මැදියමේ නැගිට
    කරද්දී රැහැයි හඩ;
    නිදන තුරු දෙපා මත
    ගැයූ ගී කවි මිහිර........!
    පාසැලේ පලමු දින
    දමා ආ විට තනිව;
    තෙත් උනේ මගෙ දෙනෙත
    පලමුවයි උඹෙ නෙතට.......!
    විදින්නේ හැම ගැහැට
    පුදන්නයි උඹ ලොවට;
    නොවේ කර අග රැජින
    වෙයන් දුවකට මවක.......!


    ReplyDelete
    Replies
    1. සංවේදී කවියක්. දුවෙක් ගැන තාත්තලා ලියන්නේ මල් පියලි කවි. කරන්නේ යකඩ වැඩනේ...

      Delete
  4. මෙවන් කවි දකින විට
    දැනේවිද දරුවනට
    දෙමාපිය ආදරේ
    කොතරම්ද යන වග??????

    ReplyDelete
    Replies
    1. ඒ පරතරය තුල තමයි මේ සුන්දර ගැටුම

      Delete
  5. දගකාර පොට්ටනිය

    ඒ යෙදුම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නේ
      මොණරිය වාගේ ආඩම්බරයි
      ගිරවිය වාගේ නිතර දොඩන්නේ..

      මේ සිංදුව තුල කොච්චර එහෙම උපමා තියෙනවද...

      ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...