Thursday, June 28, 2018

183. ගමන || The trip





මේ බස්රියේ
ආසන තුනක අසුනක
උණුහුම්ම කොටස,
ඔබ රැගෙන යනු ඇත....





අතුරු පාරක් නොපෙනෙන
දෙපස සෙවනින් ගැවසුන
පාරවල් දිග
ඔබ ඔහේ යනු ඇත....


මැණ්ඩලිනය
ගීතයක් ගයනු ඇත,
වෙනදාට මට දැනෙන
සීතලක් දැනී ඈ
විටෙක ඔබ උර මතට
වාරුවනු ඇත.....

හරි ඉතින්
කිඹුලන්ද සිටියහැක!
කොරහ පොඩියට තිබුනාට
ඉවසන් ඉන්න ඇහැක ?



~~ මන්ජි

6 comments:

  1. මුල් පද හතර ඉස්තරම්ය...අවසාන පද හතර නොතේරේ ය...මුල් පද සහ මැද අතර කවිය විදීම අප සතුය..
    කලකින් යමක් ලිව්වාට තුති ය....!

    ReplyDelete
  2. ඔය podi podi dewal වලට කලබල වෙන්න ඕනි නෑ :)

    ReplyDelete
  3. ආසන තුනේ අසුනේ තුන් දෙනෙක්ම ගිය හවසක කතාවක් මතක් වුණා. තුති

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...