Monday, June 18, 2018

180. නෝක්කාඩු කියමි | why me?






මන්දාකිණියක සිට බැබලුන
තරු කුමරෙකුය සපැමිණුන,
උදුරාගෙන ගොහිනි
මගේ සද....
කලා සොලසම හිමිවුණ...


තිත් කලුවරට ඇසදී
බලා ඉමි මග
අසුරිදුට ඇස් බැද
දැන් දැන් එතැයි - උඹ,
තුරුල් කරගනු පිණිසම!
මේ ක්ෂුද්‍ර
ඉරිසියාකාර කෙලිතිව!!!




~~~~~~ මන්ජි

18 comments:

  1. බලා සිටියාට කම් නැත
    කියනු එපා තවත් ටිකකින්
    දෑස රෙදෙනවා පාර බලා ඉදලා...

    ReplyDelete
  2. අලුත් කොළයක් දකින්න ලැබීම සතුටකි... :)

    ReplyDelete
    Replies
    1. අලුත් කොළයක් දකින්න ලැබීම සතුටකි... :) x 2

      Delete
    2. ඒකනේ එකසිය ගානට රට නංවන්න වැඩ!
      මම ආස නෑනේ ඉතින් එව්වා කිය කියා යන්න. එකතැන ඉදන් කියෝනව මිසක්

      Delete
    3. ආ.. පැතුම්... ඔන්න මේ පැත්තට ඔහෙන් එලවාපු අර තඩි නරක වලස් තඩියා එනවලු. නෑ අනේ කල්‍යාණ මිත්‍ර නෙවෙයි අනේ. අර පොත් ප්‍රදර්ශනේ! පෙට්ටි ගණන් දෙන්න තරම්ම නම් පිස්සුවක් නෑ මම හිතන්නේ. එහෙම වෙලත් දැනටමත් පලවෙනි දවසේ දොර ඇරෙනකොට ඇතුලට වැටෙන්න හේත්තුවෙලා ඉන්නම පෝලිම දිග............අ..අ.අ...... වෙලා.

      Delete
    4. වෙන කොහෙවත් කිය කියාා යන්න ඕන නෑ මෙතන කිව්වම ඇති ;)

      Delete
    5. ඈ බොල මක් කිව්ව? හුහ්.. ඔහෙ හිටු..

      Delete
    6. @Hashan: ශ්........... සද්ද කරන්න එපා. එකතැන ඉඳන් මයික් එකක් ඉස්සරහ කියන්නේ. දන්නේ නැද්ද අනේ මේවා ප්‍රයෝග!

      Delete
    7. කල්‍යාණ මිත්‍ර: ඔහේගෙනම් ඔහේ ගන්න.. හොඳ නැහැ නොව දොස් කියන්න :-D

      Delete
    8. මයික් එක ඕෆ් කරන් කතා කරල තියෙන්නෙ මෙච්චර දවස් :D

      Delete
  3. මේ කවි අමුතුයි...

    ReplyDelete
    Replies
    1. මේ කවි වල තියෙන්නේ වෑල් කර පමණි! ඉතිරි කෑලි බෑලි ටික හොයාගෙන සයිකලයක් කර ගැනීම බලන්නා සතු වැඩකි!

      Delete
    2. අමුතුයි නේන්නම්! වැඩේ කියන්නේ තේරුනා වගේ ඉන්න වෙලානේ.. නේද?

      Delete
  4. තරු
    සදා නොරදන
    සද
    සදා දිදුලන
    එය
    සදා හිමි වන
    ඔබ
    නිබද මහ මෙර

    ReplyDelete
    Replies
    1. කවිය නම් පංකාදුයි!

      ක්ෂුද්‍ර කිව්වහම මහමෙර කියන සිරිතක් තියෙනවද? දැන් කිව්වේ දන්නේ පිදුරුතලාගල විතරක්ය කියල? ඇතාගල පැත්තේ ගිහිල්ල නේ? අපිත් දැක්කා. ජාපනෙට යන්ට තව කීයක් පෝස්ටු තමා යනවා? ( වෙලාවට කොටි හපුවා නෑ , නැතිනම් ගඟේ කිම්බුලෝ.. පාරේ කොටියා තමා ඉන්නවා..)

      Delete
  5. අන්වීක්ෂයක් ගන්න වෙයිද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ අනේ.... පොඩි කිව්වට පොඩිම නෙවෙයි... අලියා වගේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...