Wednesday, January 10, 2018

165. නෑර අත | not without you




සරදම් අහස මැද
ඔබ්බවා කළා සොලස සඳ
වලාකුළු තබා අඩයට
හැඩ බලයි නුඹ
හැමදාම සඳවත!

කඳුළු ඉහිරුණු මාවත
කටු පඳුරු - ගල් බොරළු ගැවසෙත
නෑර අත මා
හැමවිටම පපුතුරේ සඟවත!

පිල් විදා හල මොණරියක
විලක අධිපති හංසියක
වී සරමි මම
නුඹ මගේමයි පෙම්වත !



~~~ මන්ජි

29 comments:

  1. සමාවෙන්න ඕනෑ වැරැද්ද්ක් පෙන්නුවට!
    ශ්‍රී ලංකා දුම් රිය ඉතිහාසයේ එම්2 කියා එන්ජිමක් තිබුනාට එම්4 කියා එන්ජිමක් තිබුනාට එම්3 කියා එන්ජිමක් නැතුවා වාගේ 163 කියා කවියක් තිබුනාට , 165 කියා කවියක් තිබුනාට 164 කියා එකක් නොමැත! ඒක තාම ලියමින්ද?

    ඉතා රසාලිප්ත කවියක්! කවි දත්තෝ මීට පිළිතුරු කවි දමත්වා!

    ReplyDelete
    Replies
    1. පිළිතුර සරලයි.... ලිඛිතාට ගණන් බැහැ ( අර තව කෙනෙක්ට ගණන් බැරි උනා නේද අර පාක් එකකට ටිකට් ගන්න ගිහින්... කවුද මන්ද)

      රසයක් වින්දා නම් බොහොම සතුටුයි. කවි දත්තෝ මට කමත්වා කියලා තමයි කියන්න වෙන්නේ. ස්තුතියි කොමෙන්ටුවට

      Delete
  2. මම මේ පොඩ්ඩකට කලින් බලද්දී වෙන කවියක් (මාතෘකාවක්?) නේ තිබුනේ.. ඈ!

    ReplyDelete
    Replies
    1. හැබෑට??? ඇත්ත නේන්නම්

      ආ.. ඔව් තමයි..... ආයේ කරන්නේ නෑ ස්වාමිනි.

      Delete
    2. ආයි කරන්නේ නෑ කියුවට අලුත් පෝස්ට් එකටත් කරේ ඒකම නේද? 'I came. I Saw, I Conquered' බලහං එච්චර හිත ඇදගන්න මාතෘකාවක් දැක දැක පෝස්ට් එක කියවන්නේ නැතුව ඉන්නේ කොහොමද කියල..

      Delete
    3. හැබෑට??? ඇත්ත නේන්නම්

      ආ.. ඔව් තමයි..... ආයේ කරන්නේ නෑ ස්වාමිනි.

      Delete
  3. Replies
    1. පැතුම් මහතා වෙත ලියා දන්වන වග නම්......

      තමුන්ගේ පෙන්ඩින් කතාව නොලියා අනුන්ගෙන් නොලියපු කතා ඉල්ලීම , හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ නොවැ ! ( දැක්කද උපමාව??? හරියට හරිනේ?)

      Delete
    2. හෙහ් අපි ඉතින් කිව්වොත් කිව්වා තමා. මේ අවුරුද්ද ඇතුලත ලියනවා කිව්ව එක මාසේ ඇතුලත ලිව්වා කියන්නේ තව මොනාද

      Delete
    3. මේ පැතුම් මහතාගේ බ්ලොගයට යන පාර කියන්න පුලුවන්ද

      Delete
    4. @Aru: Sorry fir the late reply
      http://biththiya.blogspot.com/

      Delete
  4. ගුගුරා හැලෙන වැසි මැද
    විසල් මහරුක් ඇද වැටි මග.....!

    වැසී ඇති සඳ........!

    රුදුරු වනසපුන් වගවලස් රුදු ඉව
    හමන සැඩ සුළඟ හා මුසුව ඇත.......!

    ඝනදුර වසා ඇත දසත......!

    මග නොදැන මං මුලාවෙක
    ඇද වැටෙන යලි නැගිටින.....!

    ඔබට මා වෙමි සදහට
    එලිය දක්වා මියයන....!

    ඈත අහසේ ගුගුරණ
    හෙන ගෙඩිය ඔබ රුපුන් අළු ලන....!


    ReplyDelete
    Replies
    1. හම්මියෝ.. තට්ට හෙන ගෙඩියක්නේ බොලේ පාත්වෙනාවය කියන්නේ... හම්මෝ හරි දරුණු තට්ටයෙක්.. පාරේ අයින් වෙලා යන්න වෙයි වගේ..

      කවිය නම් හොඳයි. බ්ලොග් එකේ දාන්න බෑ ?

      Delete
    2. අංක එක මා කවියෙකු නොවෙමි.
      දෙවනුව ඉඳ හිට මෙවැනි දේ ලියැවේ.මා ලියන කවි මට රසවත් වීමට එහි රිද්මය තිබිය යුතුමයි. නිසඳැස් කීවාට ; මොන තරම් අර්ථ පූර්ණ වුවද එහි රිද්මය නොමැතිවේ නම් මා එය කවියක් සේ නොදකිමි! සේකර අති ලියෑවුනු බොහෝ කවි ම යම් පමනකට හෝ අගයන්නේ අර්ථයෙන් විනා රිද්මයෙන් නොවන්නේය. " සඳැස් පමනක්ය කවි" කියන අදහස නොවේ මා කියන්නේ. එහෙත් නිසඳැස් යනු සඳැස්තුල උපත ලද වඩාත් අතු පතර විහිදී ගිය රුකක් විනා ඕපපාතික කස්කුටා හෙවත් අගමුල නැති වැලක් නම් නොවිය යුතුය යන්නයි මගේ පෞද්ගලික අදහස වන්නේ. ඒ නිසාමයි නිසඳැස තුල මා සඳැසේ සලකුණු හැඩ තල මා දකිණු රිසි වන්නේ!
      මේ ගැන සිසිර කුමාර මාණික්ක ආරච්චි ඔහුගේ පොතක දක්වා තිබුනා සුපිරි අදහසක්!
      මගේ මතකය නිවැරදිනම් සිරී ගුණසිංහ මහතාගේ ලියැවී තිබුනා
      "පොඩි ළමයෝ බත් - ඉවරද කාලා...?"
      කියලා වැකියක්.!

      සිසිර කුමාර අහනවා "එතකොට තණකොල කාලා ඉවරදගොනෝ? කියන එකත් කවියක්ද?" කියලා!

      ලංකාවේ ප්‍රථම නිසඳැස ලෙස සැලකෙන ජී බී සේනානායකයන්ගේ "දාසයා.." ගත්තද මා එහි ගලා යාමක් නොදකී.
      මෙයට ගැලපෙන කතාවක් කිව්වා අජන්තා රණසිංහයන්." තනු නිර්මාපකයා යොදන තනුවේ අක් මුල් රැඳී පවතින්නේ පදරචකයාගේ පද වැල මත...!"
      දීපිකාගේ "කවිය ඔබ..." රසාලිප්ත ගීතයේ තනුව රෝහණ වීරසිංහයන්ගේ කණට කොඳුරා කියන්නෙ (මාගේමතකය නිවැරදිනම් ) සුනිල් ආර් ගමගේ විසින්...!

      ( කතා යන දුරක් නේද....?)

      Delete
    3. හා හා.. මං වගේ තට්ටයෙක්.. අලුත් කවි සමාජයත් එක්ක 'කවියා නිර්මාණයේ නිදහස උපරිමෙන් විඳින අයුරු' උපේක්ෂාවෙන් බලාගෙන හිටියට මටත් කවියක් නම් 'රයිම්' වෙන්නම ඕනි.. එළිසම එළිවැට ම නෙවෙයි බට්.. සම් රිදම් හෑස් ටු බී දෙයාර්.. හෙහ් හෙහ්.. ඒ වගේම තේරුමත්.. අදටත් මට සිංදුවක් උනත් හිට් වෙන්නේ පළවෙනියට පද රචනයෙන්.. දෙවෙනියට තේරුමෙන්.. ඊට පස්සේ තමයි සංගීතය ගායනය etc. එන්නේ.. මගේ වැරද්දක්ය කියල මං උන්නේ.. බැලින්නං.. හෙහ් හෙහ්..

      Delete
    4. ඉතින් සිම්පල්නෙ! අපි පැලෙන්න හින්දි සිංදු අහන්නෙ තේරිලායැ?

      Delete
    5. තට්ට අයියේ මේ ලිවිම මාරයි නේ

      Delete
    6. /හා හා.. මං වගේ තට්ටයෙක්../ x 2

      Agreed 100% Thattaya and kalyana...

      තට්ටයෝ ඔබ හා,
      එකඟවෙමි හද පුරහා,
      කළ්‍යාණ ගොයියෝ,
      ඔබ ද පවසනු ඇත්තක්මැයි,

      දැං මේක කවියක්ද?
      නැතිනම් වචන ගොඩක්ම විතරද?
      නොදන්නෙමි!
      පහදා දෙනු මැනවි!

      Delete
    7. පලියක් ලෙස ලියමි,
      වරදවා වටහා ගනු නොමැනවි,
      මේ කවිය යයි කියා,
      මම් ඉහත කීවේ,
      මම ලියපු පද පිළිබඳය..
      හහ්හාය...හහාය..හාහාය!!!

      Delete
    8. Ravi : ඔය කිව්වේ....! අනේද මන්ද. කවි දත්තෝ කමත්වා

      Delete
  5. ගොඩක් දවසකින් ආවේ ලස්සනම කවියක් ලිඛිතා.

    ReplyDelete
    Replies
    1. ආ ඔව් තමයි.
      ස්තුතියි

      Delete
  6. කෝ අක්කේ අර කථා ???

    මග බලන් ඉදලාම මම
    රිදෙනවා මුලු හිතම
    කවිය රස විඳිනවා හැර
    වෙන කුමක් කරන්නද...😋😋😋😋

    මම නම් කවි ලියන්න දන්නේ නැතෝ 😊😊

    ReplyDelete
    Replies
    1. ඒ කතා දෙකටම කංකානම් අඩේ හිටලා. බලමු බලමු ලියවෙන හැටියට

      Delete
  7. " නුබ මගේමයි පෙම්වත ". මට හිතෙන්නේ ඔයාගේ ආදරේ කවුරු හරි උදුර ගනියි කියලා බය වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.... ආදරේට හරියට බාධා අනේ!

      Delete
    2. ආ... කියන්නම බැරිවෙච්ච එක තමයි...
      උදුරගන්න නම් දෙන්නෙම නෑ මොන ජගතා ආවත් ධන නම් ඉතින්. අය්තිකරගෙනම තමයි ඉන්නේ.

      Delete
  8. ලස්සනයි ඔයාගේ කවි.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...