සින්දු කිව්වහම මට මතක් වෙන්නේ මුහුදක්. ඉතින් සින්දු මුහුදෙන් දිය දෝතක් අරගත්තට සෑහෙන්න පුලුවන්ද? ඉතින් මම එක සින්දුවක් ගැනම හිතනවා. හැබැයි මගේ පරිකල්පන එක්ක ගැලපෙන ඒවා තියෙන්නේ ගායක/ගායිකාවන් අතුරින් සුළුපටු ගානකටත් නෙවෙයි.
මුලින්ම්ම ඉන්නේ අමරසිරි පීරිස්. කොටින්ම අමරසිරි හූවක් කිව්වත් ඒකටත් කැමතියි තරමට! ඊළඟට ඉන්නේ අමරදේව. ( හැබැයි කැමති එතුමාගේ තරුණකාලේ කියපු හඬට, ඒවායේ අමුත්තක් තියෙනවා), ඊළඟට ඉන්නේ මගේ අහිංසක සෝමතිලක ජයමහ. ඊට පස්සේ ඉතින් සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ , ඉමාන් පෙරේරා, කසුන් කල්හාර, නන්දා මාලනී, සුජාතා අත්තනායක, උමාරියා, බාචි සුසාන්, ඉන්ද්‍රචාප, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා, රූකාන්ත, ලහිරු පෙරේරා... අපොයි දෙය්යනේ... ලිස්ට් එක ඔහොම යනවා මිසක්....
ඒ උනාට ගීත රචනය කියන්නේ සුවිශේෂී අවස්තාවක්! මගේ ගීත රචකයින්ගේ ලිස්ට් එකේ ඉන්නේ නම් ඔතරම් ප්‍රමාණයක් නෙවෙයි. හේතුව ගීතවල රචනය ගැන අවධානයක් නැති නිසා වෙන්න ඇති.
ඉතින් ලිස්ට් එකේ මුලිම්ම ඉන්නේ කවදාවත් ලිස්ට් එකේ පහලට යන අදහසක්වත් නැති, ප්‍රේම් ! ප්‍රේමකීර්ති ද අල්විස්. අපොයි, නම කියනකොටත් මට මොකද්දෝ වෙන තරම්... හි හි හි... ඊළඟට ඉතින් යමුනා මාලිනි පෙරේරා.
ප්‍රේම්ගේ සින්දුවක් මට ඕනෙම තැනකදී වෙන්කරලා අඳුනගන්න පුළුවන් තරමටම පදමාලාවන් මගේ හිත ගන්නවා. ඒ කියන්නේ ගීතයක පදමාලාවට බැඳිලා බැලුවම ඉතින් ප්‍රේම් තමයි ලියලා තියෙන්නේ. අහම්බෙන් ඉතින් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෑත කාලේ අපිට නම් ඒ පින නැහැනේ.... ප්‍රේම් ගීත ලියන හැටි බලන්න... හ්ම්ම් හ්ම්ම්....
ඒක නෙවෙයි...
මෙන්න මේ ගීතය ගත්තහම, මේ ගීතය පුරාම තියෙන හද පාරවන විරහව මට දරන්න බැරි තරම් හින්දා එකම එක පාරක් අහපු ගමන් මගේ ඔලුව හරහා ලොකු පාරක් එල්ල උනා වගේ සතියක්ම ලොකු අනවරත විරහවක් වින්දා... හි හි හි... ඒ තමයි මගේ සෙන්ටිමෙන්ටල් ගතිය.
නමුත් බලන්නකෝ මේ පදමාලාවේ තියෙන ගැඹුර, සංවේදීබව??? මට නම් සතියක් කොට්ටේ බදාගෙන අඬන්න පුළුවන් තරම් දුකක් මෙතරම් පොඩියට සිංදුවකට ගත්තේ කොහොමද කියලා ප්‍රේම් කොහේ හරි ලියලාවත් තියලා ගියානම්.. හිත හදාගන්න තිබ්බ....
අහල බලන්නකෝ.
වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන
සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන
පදමාලාව ලිහලා දෙන්න අදහසක් නැහැ. මම හිතන්නේ එය තනිකරම පුද්ගලික විඳීමක්.
මේ සටහනෙන් පස්සේ ආයෙත් ඉතින් සතියක් යනකල් විරහ දුක තමයි ඉතින්....... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
ප.ලි.
මේක නන්දා මාලිනි නැතුව අමරසිරි කිව්වා නම්..... මෙලහට මම දිවිනහගෙන! හි හි හි....
විඳලා බලන්නකෝ