Monday, November 14, 2022

මට ඇහෙන සරින් - දසවන පරිච්ජේදය


 

නොසන්සුන් මනස විසින් එලැඹෙන තත්පරයක් පාසා සිය මනස අවුලෙන් වියවුලට පත් කරනා වග වැටහුණු නිසා කිත්ම නිවසේ පසෙක තිබෙන දොරටුවෙන් පිටතට ඇවිද , අඳුර ඔස්සේම තණකොල බිස්සේ මද දුරක් ඇවිද ගියේ දෑතම කලිසම් සාක්කුවල ලාගනිමිනි. ඔහු ඇඳ සිටි සුදුපාට කපු කමිසය පසාරු කරගෙන සිරුරට දැනෙනා සීතල විසින් දුම්වැටියක අවශ්‍යතාවය වඩ වඩාත් තීව්‍ර කොට තිබුණද එයට මෙය තැනක් නොවේ.

මේ සිටියාට ඔහුට දැනෙන්නේ තමා යමහලක් මත සිටිනවාක් වැනිය. දෙවරක්ම ජානුලී අමතා විස්තර ඇසූවද හිත සැනසෙන්නේ නැත. මෙය කවර ආකාරයක නොසන්සුන් කමක්ද?

තමාට වැරදුනාද? එසේ වන්නේ කෙසේද? දර්ශන් ඉලෙයිරාජා එවන් අයෙකු නොවේ. ඔහුගේ පියා රජයේ පිලිගත් නිලධාරියෙකුව සිටියේය. මව යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් උන්නාය. ඔහුට සිදුවූ දේවල් කුමක් වුවද ඔහු තරුණියක්ට බලහත්කාරකමක් කරනු ඇතැයි සිත පිලිගන්නේ නැතත් , මේ කතාකරන්නේ අංජලිකා වෙල්ලාලගේ ගැනය. වසර ගණනාවකට පසුව හදිසියේ අහසින් කඩාපාත් වූ ඈ මෙතරම් තමාගේ හිත පුරා ඇවිදින්නේ කෙලෙසකද? 

පාසල් කාලයේදී කොටට කැපූ කොණ්ඩය නිසාත් නිතර අඳින බාච්චු පිරිමි ඇඳුම් නිසාත් ඇගේ ඒ පෙනුම වැසී ගියා වන්නට ඇත. 

Sunday, November 13, 2022

මට ඇහෙන සරින් - නවවන පරිච්ජේදය



සැලකිය යුතුය : කාල පරාස අතර එහෙ මෙහෙ යන සිදුවීම් නිසා තරමක් සැලකිලිමත් ලෙස කියවන මෙන් ඉල්ලා සිටිමි.


තමා මෙතරම් කැළඹුනු දිනයක් වේනම් ඒ මීට අවුරුදු තුනකට පෙර වූ දිනයකදී පිරිසක් තමාගේ බෝඩිමට කඩාවැටුනු දිනය පමණකි. එදිනෙන් පසුව තමාගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස්වන්නට ගතවූයේ ඉතා අඩු කාලයකි. අදත් එවැනිම දිනයක්ද?

ඔහු අත තිබුනු බෑගය සාලයේ වූ තනි පුටුවක තබා, යුගල පුටුවේ හිඳගන සිය වැලමිටට වාරු වූ හිස මතින් ඒ මේ අත දෑත් ගෙන ගියේ නොසන්සුන් බවකිනි. හෝරාවකට පෙර සිදුවූ සියල්ල ඔහුගේ මනස එකම දූලි ගොඩක් කොට හමාරය.

Wednesday, November 9, 2022

මට ඇහෙන සරින් - අටවන පරිච්ජේදය



කේන්ති ගියවිට ඇගේ මුහුණේ ඇඳෙන රටාවන් දෙස නැවතිල්ලේ බලාසිටි දර්ශන් තරවටු ස්වරූපයෙන් මේසය මත ඇති කෑම පිඟාන දෙසට හිස හරවන්නේ ඈට එය අනුභව කරන්නට විධානය කරමිනි.

"... මට එපා තමුසෙගෙ කෑම. ගලවන්න නේද කිව්වෙ මේ කෙහෙල්මල"

ඇගේ මේ කෑගැහිල්ල කෙතරම් විකාරයක්ද කිවහොත් විදුල් ඊට 'හක හක' ගගා සිනාසෙන්නට පටන්ගෙනය. කේන්ති ගිය විටදී ඈ කාටූනයක් මෙන් විහිලුවක් ලෙස පෙනෙන නිසා දර්ශන් ඈට රිස්සක් කරන්නට දී විදුල්ගේ පිඟානෙන් වඩේ කැබැල්ලක් ගෙන කුඩා ඔහුගේ මුවේ ලෑවේ ඔහු හා සිනාසෙමිනි.

අංජලිකාට යකා වැහෙන්නේ උපරිමයටමය! නමුත් ඈ ගැඹුරු හුස්මක් ගෙන පහ දක්වා ගණන් කලාය.

".. ඇහෙන්නෙ නැද්ද? ගලවන්න මේ හෑන්ඩ් කෆ්ස්!! "

Monday, November 7, 2022

මට ඇහෙන සරින් - හත්වන පරිච්ඡේදය



දර්ශන්ට පිටට පනින්නට එන සිනාව වලක්වාගන්නට ඔහු මදක් හිස හරවා ඉවතට හැරුණේ, එක අතක් ඉදිරියට යවා තමා වෙත කඩා පනින්නට දඟලන කුඩා බූවළු පැටියෙකු පරිදි වූ අංජලිකාගේ උරයෙන් අල්ලාගෙනය.

මේ මොන විහිලුවක්ද? තමා බලාපොරොත්තුව සිටියේ අඩුම තරමේ හරිහැටි තුවක්කුවක් හෝ අතැති පුහුණු නිලධාරිනියකි. මේ නම් මොන්ටිසෝරියක් අසළ අතරමංවී සිටිනා කැළෑ වෙලඹකි!

" යන්ඩ දෙන්ඩ නේද කිව්වෙ මට? මෝඩයා.. දෙනව මගේ දරුවව"

දැන් නම් හොඳටම ඇතිය. දර්ශන් කිසිදු ආයාසයක් නොමැතිව ඈ එක අතකින් ගෙන සිය උරයේ තබා ගත්තේ ඈ දඟලන්නට තැත් කරද්දීය. පුළුන් බෝලයක් සේ ඈ සැහැල්ලුය. අඩුම තරමේ හරිහැටි ගුටියක් ඇනගන්නට තරම්වත් හැකියාවක් නැති කාටූනයක් කොහොමද තාප්පෙන් පැන්නෙ?

ඈ රැගෙන ගොස් කාමරයේ බිමට අතහැරි දර්ශන් වහා ඔහුට පසුපසින් වූ දොර අගුළු ලෑවේය. අංජලිකාට තරු පෙනුනේ එවිටය. මුහුණ පුරා ගණ රැවුලක් ඇති මේ උස මහත ටෑන් පාට පිරිමියා තමාට වඩා බොහෝ ශක්තිමත් බව ඈට දැන් වැටහී හමාරය. කල මෝඩකමේ මහත දැනෙන්නේ දැන්‍ ය. 

Thursday, November 3, 2022

මට ඇහෙන සරින් - සයවන පරිච්ජේදය


 

කිත්ම නළල රැළි කරමින් සෙමෙන් සිය නිකට අතගෑවේ යටැ'සින් අංජලිකා දෙස බලමිනි. ඈ කියන්නේ යම් යම් දේ සඟවා බව වැටහුනත් සමහර දේ ගැන ඇතිවූ කුහුලින් ඔහුට මිදෙන්නට හැකි වූයේ නැත. 

" හ්ම්ම්.. හෙට අපි එහෙනම් ඒ කියපු තැනට යමු"

අංජලිකා කලබලයෙන් මෙන් හිස එසවූයේ කිත්මගේ නෙත්වල බරට නැවතත් හැකිලී යද්දීය. 

' මේකි මට මෙච්චර බය මොකද?'

" ම... මට යන්න පුලුවන්.. ම.. තනියෙන් "

" තනියෙන්? ( එක එල්ලේ ඇගේ නෙතු හා ගැටෙමින්) නොදන්න මිනිහෙක් හම්බෙන්න යන්න? තනියෙන්?? හරි ශෝක්!"

අංජලිකා කිසිවක් නොකියා ඇස් පමණක් ඉවත් කරගෙන දෙතොල් මුව තුලට රුවා ගත්තාය. ඈ රූමත් නොවූවත් සරාගී වන්නේ ඒ නිසාද? ඇගේ දෙතොල්වල ඇති ඒ අරුමය ගැන සිතද්දී කිත්ම ඇතුලත සිටිනා කොළුකමක් හිස ඔසවනු පෙනේ.

' හැපීලි නැතත්, she is a married women ( එයා විවාහක ගැහැණියක් )!'

Tuesday, November 1, 2022

මට ඇහෙන සරින් - පස්වන පරිච්ජේදය



දර්ශන් මද වේලාවක් සයනයේ නිදා සිටිනා දරුවා දෙස බලා සිටිමින් , සුසුමක් හෙලා සිය කාලවර්ණ රැවුලෙන් වැසුනු මුහුණේ කම්මුල් තරමක් සෙමෙන් පිරිමැද්දේය.

මුහුණ පුරා වැවුනු ඝන රැවුල විසින් ඔහුගේ තියුනු මුත් කාන්තිමත් දෙනෙතේ ඇති තාරුණ්‍ය වඩාත් ගොරහැඩිව පෙනේ. මදක් පිරුණු කම්මුල්ද, රැවුල වටකොට ඇති පිරුණු දෙතොල්වල ඇති දුලබ සිනාවද එයින් සැඟවී ඇත්තාක් මෙනි. පටු නළලට වැටෙනා අකීකරු කොණ්ඩය පසුපසට කරමින් ඔහු පසෙක ඇති මේසයේ පුටුවක් ඇද හිඳ ගනිද්දීම දුරකතනයේ තිරය මත ඇමතුමක සේයාවක් සටහන් වෙයි.

' Roja is calling..' 

නොරිස්සුම නිසා 'චක්' ගෑවුනද ඔහු තත්පර කීපයකින් එය සවනේ තබාගත්තේ නොසැලකිල්ලෙන් හිස ඉහලට හරවා සිවිලිම දෙස නෙත රඳවාගෙනමය.

" කියන්න"

Related Posts Plugin for WordPress, Blogger...