අංජලිකා වෙල්ලාලගේ..
ඈ ගැන කෙලෙස; කුමක් කියන්නද? ළදරු පාසල් යන සමයේ සිටම එකම පංතිවල හෝ යාබද පන්තිවල සිටි ඇගේ මිතුරිය තවදුරටත් තමන් හඳුනනවාද?
ඉතා ධනවත් ඉහළ පැලැන්තියේ සිටිනා මැණික් ව්‍යාපාරික කෝසල වෙල්ලාලගේ සහ ප්‍රකට නීතිවේදිනියක වූ සුගන්ධිකා වෙල්ලාලගේ නම් යුවලගේ කණිටු දියණිය වූ අංජලිකා , කලක් දරුවන් තුන් දෙනෙකුගේ පවුලේ බඩපිස්සීය. අමල් ඉන් මද්දුමයා ය. අංජලිකාට වඩා වසර හයකින් වැඩිමල් වූ අවන්තිකා වෙල්ලාලගේ හදිසියේ මියයන්නේ අංජලිකා පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.
ඒ සිදුවීම සමඟ ඈ අසළ උන් හොඳම මිතුරිය ලෙස අංජලිකා මුහුණදුන් ඉරණම වඩාත් සමීපව දැනුනේ තමන්ට බව ජානුලී දනී. අවන්තිකා ඇගේ මව මෙන් දක්ශ, දිදුලන සමේ පැහැයෙන් යුතු තරුණියක්ව සිටියද අංජලිකා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් වූවාය.