Sunday, August 28, 2022
357: උන්මාද චිත්‍රාදෝ මා 88
Wednesday, August 24, 2022
356: උන්මාද චිත්‍රාදෝ මා 87
බිමට හිස බාගෙන සිටින මේ අපූරු කොළුගැටයා දෙස යලිත් වරක් බැලූ රශිඳු ඉබේම නැඟෙන සිනාව වලකාගත්තේ ඔහුගේ ඉරියව් දෙස බලමිනි. පොඩි එකා සිටින්නේ ලැජ්ජාවෙන් නොවුනත් තරමක චකිතයෙන් බව ඒ ඉරියව් පවසයි.
" ඇයි ඒ?"
පිලිතුර ප්‍රමාද වූ අතර ඔහු සෙමෙන් පිට හේත්තු කරගෙන උන් බිත්තිය එක අතකින් කොනහන්නට විය.
" ඩ.. ඩා.. කැමති නෑ ක්‍රිකට් ගහනවට. මම බාස්කට්බෝල් ගහනව"
Monday, August 22, 2022
355: උන්මාද චිත්‍රාදෝ මා 86
" ... හැපි බර්ත්ඩේ ඩිය.. රශිඳ...ඳු........ හැපි බර්ත්ඩේ ටූ යූ..."
ගායනය අවසානයේ නැඟුනු අත්පොලසන් නාදය සමඟ 'පොප්' හඬින් බිඳීගිය මල් වෙඩිල්ලේ කඩදාසි විසිරී යද්දී රශිඳු කේක් ගෙඩිය මත වූ ඉටිපන්දම් නිවා කුඩා කේක් කැබැල්ලක් කපාගෙන හිස හැරෙන්නේ වම්පසටය.
ලේ රතුපාට ගවුමක් ඇඳගෙන සිනාසෙමින් උන් නිර්මලී අතින් ඇද බලෙන් මෙන් ඇගේ මුවේ කේක් කැබැල්ල තිබූ ඔහුට කම්මුලට දෙන්නට ගිය හාදුව දෙතොල් මතට ගත්තේ සියල්ලන්ම සිනා ගන්වමිනි. අනතුරුව පිලිවෙලින් 'ගෝකුල බැටෑලියන්' එකට එකා පසුපස එකා පැමිණ කේක් කට බැගින් කන්නටත් අද දින උපන්දිනය සමරණ සිය පියාට සුබපතන්නටත් වූහ.
නිර්මලී යුහුසුළුව කේක් කැබලි කපා නොඉවසිල්ලෙන් බලා සිටිනා කුඩා උන් හට කඩදාසි පිඟන් වලට බෙදා දුන්නේ හිස මත උලක් මෙන් පෙනෙනා තොප්පියක්ද සමඟයි.
" තාම ඩෙරික් ආවෙ නැද්ද?"
Wednesday, August 17, 2022
354: උන්මාද චිත්‍රාදෝ මා 85
සැමවිටෙකම ජීවිතයේ සතුටම ප්‍රාර්ථනා කලද, කිසිවෙකු දුකක් ප්‍රාර්ථනා කරන්නේ නැත. නමුත් සමහර සතුටු කාරණා මෙන්ම දුක්බර කාරණාද පැමිණෙන්නේ අනාරාධිතවමය.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය නිමවන්නේ රශිඳු ගෝකුල තවදුරටත් පිටියේ ආකර්ෂණීය ක්‍රීඩකයා වෙමිනි. ඒ සියල්ල රශිඳු සිය පිටිය මධ්‍යයේ සිට අතින් කරනා අපූරු අභිනයෙන් සහ පාවන හාදුවෙන් සිය පෙම්වතිය සහ බිරිඳ වෙත පුදකිරීම වැරදුනේ නැත.
ජීවිතයේ ඊළඟ මොහොතේ සිදුවන දේද එසේම වරදින්නේ නැත.
ඊට සති කීපයක් ඇවෑමෙන් පළමු ඇමතුම එන්නේ හිරාන් වෙතය. ආරංචිය ලැබුන වහාම ඔහුගේ වේගවත් රිය ධාවනය යෙදුනු අතරතුර ඔහු විසින් රංගට පණිවිඩය ලැබුනද ඔහුට එන්නට නොහැකි නිසා ඇමතුම දෙන්නට සිදුවූයේ නේහාටය.
Tuesday, August 16, 2022
353: උන්මාද චිත්‍රාදෝ මා 84
Monday, August 15, 2022
352: උන්මාද චිත්‍රාදෝ මා 83
සැලකිය යුතුය: මේ කොටසේ සහ ඉදිරි කොටස් කීපයකම කාලය ඒ මේ අත වෙනස්වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
LPL තරඟාවලිය සඳහා සියල්ල සූදානම් වූ අතර රශිඳු ගෝකුල ඒ වනවිට බලාපොරොත්තුසහගත කණ්ඩායම් තරුවක් ලෙස යාපනය නියෝජනය කරන කණ්ඩායම සඳහා වූ සුවිශේෂී පුහුණුවීම් වල නිරත වී සිටියේය.
චාමික සහ දිමුත් වෙනත් කණ්ඩායම් වලට තෝරාගෙන තිබුනු නිසා බොහෝවිට ඔවුනොවුන් හමු නොවූ මුත් නවසීලන්ත ජාතික තරුණ ක්‍රීඩකයෙකු රශිඳු හා කුළුපඟව සිටියේය. කාල වර්ණ කැරළි කොණ්ඩය නිසාම ඔහුගේ පෙනුම වඩා කඩවසම් වූ අතර රශිඳු හා සම වයසේ පසුවූ නිසා මිත්‍රත්වය වඩා ඉක්මන් විය.
හිතට දැනෙනා නොසන්සුන්කම නිසා රශිඳු අරමුණකින් තොරවම බෑගයේ ඇති ඇඟලුම් අතර අත යවමින් එය අවුස්සා දැමුවේය. අහසි අසනීප වීම සිතට ඇතිකොට තිබුනේ පීඩනයක් බව සැබෑය. නමුත් කුමක් හෝ නොසන්සුන්කමක් සිත විපිලිසර කර ඇත.
" මොකද රශී අවුලෙන් වගේ?"
කමිසය ගලවමින් එසේ පැවසූ ඩෙරික් ඇඳුම් කාමරයේ බංකුව මත හිඳිනා රශිඳුගේ උරයට තට්ටුවක් දැමුවේය. සැහැල්ලු සහ මිත්‍රශීලී රශිඳු ඔහු ඉක්මනින්ම සිය මිතුරු කවයට ගන්නට ඩෙරික් සිම්ප්සන් කටයුතු කලේ රශිඳු එක්තරා ආකාරයට තරුවක්ව සිටින නිසාය.
" නෑ අවුලක් නෑ... හවස ෆිසිකල් සෙෂන් එක කට් කලාට අවුලක් වෙයිද බැලුවෙ"
ඔහු දුරකතනය ගෙන නිර්මලී එවා තිබෙන කෙටි පණිවිඩය දෙස නැවත වරක් බලද්දී ඩෙරික් මද සිනාවෙන් ඔහු දෙස බැලුවේ මීට පෙර රශිඳු ගැන අසා ඇති තොරතුරක් සිහි වීමෙනි.
" උඹ නම් මහ පිස්සු පොරක් බං"
Monday, August 8, 2022
351: උන්මාද චිත්‍රාදෝ මා 82
ජීවිතයේ අභියෝග ඔබට ලබාදෙනුයේ ඔබ ඒ සඳහා සුදුසු නම් පමණකි.
දෛවය , කර්මය හෝ අවාසනාවන්ත බව කියා යමෙක් කියූ ජීවිත කතාවක යම් කාලයකදී එළැඹිය හැකි වෙනස් වෙනස් සෘතු විපර්යාසයන් ගැන නොසිතා කුණාටුවේදී සියල්ල අතහැරීම හෝ පලායාම තෝරාගන්නවුන් සිටිති.
පලිගැනීම් හෝ තෝරාගැනීම් යනු දඬුවම් ලැබිය යුතු කාරනා නොවේ. ඒවාට ඒ හා සමාන පුද්ගලයින් සොයා යන්නට දිය යුතුය. නිර්මලී නම් තරුණිය, යුවතිය, ගැහැණිය , මව සහ බිරිඳ ඒ සියල්ලට මුහුණ දුන්නේ එකම එක ආරක්ෂාවක් පිට පමණි.
ඒ ආදරයයි..
අනූජ් ගමනායක ගැන සත්‍ය දැනගත්තේ ඔහුගේ මියයාමෙන් පසුව වුවද ඈ ඔහුට වෛර නොකලාය. ඇගේ ප්‍රේමය ඒ කඩතොලු වසා එලූ බුමුතුරුණක් විය. රශිඳු....
ඒක වෙනම කතාවක්! ඈ නැවත ඉපදුනේ ඒ විසල් ප්‍රේමය ඔස්සේය. හුදෙක් පොරොන්දු සහ නීති වලින් ඔබ්බට යන ඒ දඟකාර උණුසුම් ආදරය ඇගේ ජීවිතය වෙනස්ම මඟකට යොමුකර හමාරය.
Sunday, August 7, 2022
350: උන්මාද චිත්‍රාදෝ මා 81
" උඹ නම් ඇත්තමයි!"
හිරාන් දත්මිටි කමින් පැවසුවද අවසානයේ ඔහුගේ සිනාවද පුපුරා ගියේ රශිඳු ඔරවා ඔහු දෙස බලද්දීය.
" ඔහොම හිනාවෙනවද @ත්තෝ??.. පලයං යන්ඩ පාප මිත්‍ර මෝඩයා"
ඔහු සිටින්නේ ආතතියෙන් මුත් හිරාන්ට සිනා නොවී සිටිය නොහැකිය. පොඩි කාලයේ සිටම එකටම සිටි සිය අඹ යහළුවෙකු නම් කුමක් හෝ වැරදුන විටදී මුලින්ම කරන්නේ බඩ අල්ලාගෙන සිනාසීමය.
රශිඳු හිරාන්ගේ අතින් දුම්වැටිය උදුරාගෙන කලබලයෙන් මෙන් ගැඹුරට උගුරක් ඇද්ද සැනින් ඔරවාගත් නිර්මලීගේ මුහුණ සමඟ රෝසපාට චූටි කිරි හිනාවක් මැවුනු නිසා දුම් උහුර වහා පිටතට දැමුනේය.
' එන්නෙ නෑ ඔය ජරාව බීලා කෙල්ලව වඩාගන්න! අප්පච්චී!!!! කෙල්ලට ඉමියුනිටි මදි කියලා දන්නෙ නැද්ද?'
Thursday, August 4, 2022
349: උන්මාද චිත්‍රාදෝ මා 80
නව්යාගේත් ඩිලෝන්ගේත් විවාහයේ සාක්ෂියට අත්සන් කරන්නට ගිය මොහොතේ පසෙකට වී නිහඬව උන් වන්යා දැක දුකක් දැනුනත් වදනක් හෝ කතාකරන්නට ඉස්පාසුවක් නිර්මලීට නොවීය.
' කොහෙද ආඩම්බරකාරයා ඒ කෙල්ලට වචනයක් කතාකරන්න කැමති උනේ නෑනෙ'
ඒ සතිය ආරම්භයේ නිර්මලී සූදානම්ව කෑම කන කොටසට එන විටදී ඈතින්ම ඇසුනේ මේ දිනවල වරින්වර ඇවිලී යන මව්-පුතු රණ්ඩුවේ උදෑසන කොටසයි.
".. නිර්ට එච්චර කිරි දෙන්න බෑනෙ අම්මා.. අනික කොල්ලෝ දෙන්නෙක්ට ෆීඩ් කරන්න ලේසි නෑ. මේ පොඩි කෙල්ල උනත් ලේසි නෑ.. "
Tuesday, August 2, 2022
348: උන්මාද චිත්‍රාදෝ මා 79
අසලංක තමාට ඇසුණු කාරණාව නිසා ගල්ගැසී ගිය නිසා ඉතිරි කිසිවක් ඔලුව තුලට ගියේ නැත. නිම්සාරා වේගයෙන් සහ ඉකි ගසමින් කියනා මේ පුවත තමා තුල ඇතිකලේ කම්පනයකි.
'&ල්ලි! කොහොමද උඹ ඒ වගේ දෙයක් කලේ?'
" අක්කි මේ.. මට කොල්ලව ෆෝන් එකට අරගෙන දෙන්න"
" අනේ ලොකූ.. ඔයාට මම කියන දේ තේරෙන්නේ නැද්ද? දරුවව පොලිසියෙන් (child protective services ) CPS එකට බාර දෙන්න යනවා.. අනේ ප්ලීස් ඔයා පුලුවන් ඉක්මනින් එන්න!"
අසේකා කර ඇත්තේ අන්තිම පහත් ක්‍රියාවකි. දික්කසාදය ලබාදුන්නේ දරුවාගේ අයිතිය ඉල්ලන්නට ඉඩක් නොතබාය. ඒ හිලව්වට ඈ ජේනුක අමතා ඕනෑනැති කතාවක් කියා ඇත.
Monday, August 1, 2022
347: උන්මාද චිත්‍රාදෝ මා 78
" දුව ටිකක් ඇඟ හෝදලා නිදාගන්න. ඇහැරුනොත් මම බලන්නම්."
වෙහෙස සමඟ සයනය මත හිඳගත් නිර්මලීගේ හිස අතගා මාලතී ගෝකුල පැවසුවේ ඈ ගැන ඇතිවූ අනුකම්පාව නිසාමය.
එක වාගේම කැරලි කරමින් කිරි ඉල්ලන තිදෙනෙකුට මවක් වීම එතරම් ලේසි කාරණාවක් නොවේ.
ඒ වනවිට නිර්මලී වෙනුවෙන් අවශ්‍ය කෑම සකසන්නට නිත්‍ය කෝකියෙක් ද, ඇගේ සියළු ගමන් සඳහා සැදී පැහැදුනු රියදුරෙක්ද මෙන්ම දිනපතා පැමිණෙන නැනී කෙනෙක්ද වශයෙන් පිරිසක් රැඳී සිටියද සවස් වනවිට මාලතී ගෝකුල ඉන්නේ පාන් කියාගන්නට නොහැකි තරමක වෙහෙසකිනි.
"... මහ ලොකුවට ටෝක් දුන්නෙ බලාගන්න පුලුවන් කියලා. හික් හික්"