" ගොං ආතල් ගන්න එපා බං.."
හිරාන් නොපහන් සිතින් සිය මිතුරා කල්ප දෙස ඔරවා බලා නිවස තුල බැලුවේ රශිඳුගේ මවට එය ඇසේවි යයි සිතූ නිසාය. සේවිකාව තේ කෝප්පය ටීපෝව මත තබා ආපසු හැරුනේ හිරාන් වෙත සුහද සිනාවක්ද සමඟිනි. සිනාවී සිටියාට ඈ බෝම්බයක් බව දැන් හිරාන් දනී.
කල්ප තේ කෝප්පය අතට ගත්තේ මුවේ රැඳුන සිනාව සමච්චලයක් ලෙස ඇඳගනිමිනි.