" මේ අහන්න baby girl.. ඒකට කමක් නෑ. මට ඔයා ඉන්නවනෙ.. හ්ම්ම්? දැන් හොඳ ළමයා වගේ වැඩිය නටන්නෙ නැතුව පොඩි රෙස්ට් එකක් ගන්න.. මම ගෙදරට ඕන බඩු ඔක්කොම ගෙනත් දාලා තියෙන්නෙ.. මේ මැඩම් කාල බිලා ඉන්න ඕනෙ මම අද හවස එනකොට හරිද?"
එසේ කියා රශිඳු නිර්මලීගේ හිස සිඹ සිය කමිසය ඇඳ ගත්තේ සයනයෙන් නැගිටින අතරය. නිර්මලී ඔහේ බලා සිටියාය. වියලී ගිය කඳුළු පාරවල් ඇති කම්මුල් පිසින්නට පවා ඈට උනන්දුවක් නොවීය. කෙතරම් හැඬුවත් තුනී නොවන දුකකින් තමන් නිර්වින්දනය වී ඇත්තාක් මෙනි.
අර තරම් පරසක්වල ගසන රශිඳු මෙතරම් ඉවසීමෙන් සිටිමම ඈ තවත් කම්පනය කර තිබේ!